Titus

තීතස්

1 දෙවියන් වහන්සේගේ සේවකයෙකු ද-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ද වන පාවුලු නමි මම-, දෙවියන් වහන්සේ තෝරාගත් සෙනභගේ ඇදහිල්ල ශක්තිමත් කර-, දේව භක්තියෙහි සත්‍යය ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරන පිණස ලියමි-. 2 ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ-. කාලයාගේ පටන්ගැන්මට පෙර-, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක-. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය-. 3 උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණවුඩය මඟින් එළිදරව් කළ සේක-. අප ගැළවුමිකාර දෙවියන් වහන්සේගේ අණ පරිදි-, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී-. 4 අපගේ පොදු ඇදහිල්ලෙහි මාගේ සැබෑ පුත්‍රයා වන තීතස් වෙත මම මෙය ලියා එවමි-. දෙවි පියාණන් වහන්සේගෙන් ද-, අපගේ ගැළවුමිකාර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද-, කරුණාවත්-, ශාන්තියත් ඔබට වේ වා!

ක්‍රීතයෙහි තීතස්ගේ සේවය

5 මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ-, ඉතුරු කටයුතු සමිපූර්ණ කරන පිණසත්-, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණසත් ය-. 6 එසේ පත් කරන මූලිකයා නිදොස් චරිතයකින් යුත්-, එක භාර්යාවක් පමණක් සිටින-, කල්ක්‍රියාව ගැන සැකයට කරුණක් නැති-, මනා හැසිරීමක් ඇති-, ඇදහිලිවන්ත දරුවන් සිටින තැනැත්තෙකු විය යුතු ය-. 7 සභා නායක තෙමේ දෙවියන් වහන්සේගේ ගබඩාකාරයෙකු වශයෙන් නිදොස් වූ-, හිතුවක්කාර නො වූ-, නොකිපෙන සුලු-, මත්පැනට ලොල් නො වූ-, කලහකාරී නො වූ-, අයුතු ලාභයට ගිජු නො වූ-, 8 ආගන්තුක සත්කාරයට ළැදි-, යහපතට පි‍්‍රය කරන-, ශාන්තදාන්ත-, දැහැමි-, ශුද්ධ-, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය-. 9 තවද-, ඔහු ධර්මානුකූල ව අනුශාසනා කරන්නට ද-, විරුද්ධවාදීන් නිහඬ කරන්නට ද සමත් වන පිණස-, ධර්මානුකූල ඇදහිල්ලෙහි ස්ථිර ව පිහිටා සිටින තැනැත්තෙකු ද විය යුතු ය-. 10 ඇත්ත වශයෙන් කියතොත්-, හිතුවක්-කාර-, නන් දොඩන-, රැවටිලිකාර-, බොහෝ දෙනෙක්-, විශේෂයෙන් චර්මථේදිතයන් අතර සිටිති-. 11 ඔවුන්ගේ කට පියවාදැමිය යුතු ය-. ඔව්හු ලජ්ජා නැති ව-, මුදල් ගැරීමේ අදහසින් අයුතු දේ උගන්වමින්-, පවුල් මුළුමනින් ම අවුල් කරදමති-. 12 ''ක්‍රීත වැසියෝ කවදත් බොරු-කාරයෝ ය; දරුණු තිරිසන්නු ය; කමිමැලි කෑදරයෝ ය''යි ඔවුන්ගේ ම රට වැසි දිවැසිවරයෙකු කියා ඇත-. 13 මේ කීම සැබෑ ය-. මේ කාරණය නිසා ඔවුන් ජුදෙව් මිථ්‍යා ප්‍රබන්ධ ද-, සත්‍යයට පිටු පාන මිනිසුන්ගේ උපදෙස් ද නොසලකා-, 14 ඇදහිල්ලෙහි නිවැරදි ව පිහිටන පිණස ඔවුන්ට තදින් තරවටු කරන්න-. 15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය; දූෂිත-, අභක්තික අයට කිසිවක් පවිත්‍ර නැත-. ඔවුන්ගේ සිතත්-, හෘදය සාක්ෂියත් දූෂණය වී තිබේ-. 16 ඔව්හු දෙවියන් වහන්සේ දන්නා බව කියති-. එහෙත් ස්වකීය ක්‍රියාවලින් උන් වහන්සේ නාඳුනන බව දක්වති; ඔව්හු පිළිකුල් ව-, මුරණ්ඩු ව-, යහපත කිරීමට අපොහොසත් ව සිටිති-.

තීතස් 2

ක්‍රිස්තියානි හැසිරීම පිළිබඳ උපදෙස්

1 ඔබ නමි-, නිවැරදි ධර්මයට අනුකූල දේ ඉගැන්විය යුතු ය-. 2 වයස්ගත පුරුෂයන්-, තැන්පත්-, තලතුනා-, දැමුණු-, තිරසර ඇදහිල්ලක් ද ප්‍රේමය ද ඉවසිල්ල ද ඇති අය විය යුතු ය-. 3 එසේ ම වයස්ගත ස්ත්‍රීන් ද ශුද්ධ ජීවිතයකට ඔ-,න ලෙස හැසිරෙන-, අපහාස නොනභන-, මත්පැනට ඇබ්බැහි නො වූ-, යහපත් දේ උගන්වන අය විය යුතු ය-. 4 මෙසේ විය යුතු වන්නේ-, දේව වචනයට අපහාසයක් නොවන පිණස-, සිය පුරුෂයන්ටත්-, දරුවන්ටත් ප්‍රේම කරමින්-, 5 ආත්ම දමනය ඇති-, නිර්මල ගෘහණයන් ලෙස-, කරුණාවන්ත ව-, සිය ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටීමට යෞවන භාර්යාවන් පුහුණු කරවනු පිණස ය-. 6 එසේ ම ආත්ම දමනය ඇති ව සිටීමට තරුණයන්ට අවවාද කරන්න-. 7 සියල්ලෙහි දී ඔබ ම යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් වන්න-. ඔබ උගන්වන විට අවංක ව ප්‍රතිපත්තිගරුක ව සිටින්න-. 8 විරුද්ධවාදීන්ට අප ගැන කිසි නපුරක් කීමට ඉඩක් නොතබා ඔවුන් ලජ්ජාවට පත් වන පිණස-, දෝෂාරෝපණයට ලක් කළ නොහැකි අයුරින් සාරවත් ගුරුකමි දෙන්න-. 9 සියලු කාරණාවල දී තම ස්වාමිවරුන්ට යටත් ව සිටීමටත්-, වාද නොකොට ඔවුන් සතුටු කිරීමටත් දාසයන්ට අවවාද කරන්න-. 10 එසේ ම-, සොරකමි නොකොට-, සමිපූර්ණ විශ්වාසය ඇති ව සිටිමින් හැම අයුරින් ම අපගේ ගැළවුමිකාර දෙවියන් වහන්සේගේ ධර්මය බැබළවිය යුතු බව ඔවුන්ට උගන්වන්න-.

කිතුනු සදාචාරයේ පදනම

11 සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත-. 12 -13 අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා-, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්-, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුමිකාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්-, සිහිනුවණන් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය-. 14 සියලු අධර්මිෂ්ඨකමිවලින් අප පවිත්‍ර කරන පිණසත්-, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනභක් කරන පිණසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණසත්-, අප නිදහස් කරන පිණසත්-, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක-. 15 සමිපූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න-, අනුශාසනා කරන්න-, තරවටු කරන්න-, ඔබ සු ළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න-.

තීතස් 3

කිතුනු යුතුකමි

1 නිලධාරීන්ට හා ආණ්ඩු බලය ඇත්තන්ට යටත් වී-, කීකරු වීමට ද-, සියලු යහපත් වැඩට සූදානමි ව සිටීමට ද ඔබේ සෙනභට මතක් කරන්න-. 2 එසේ ම කිසිවෙකු ගැන අගුණ නොකියන්නට ද කලහකාරී නොවී-, සියලු මනුෂ්‍යයන් කෙරෙහි හැම අයුරින් කාරුණක ව-, ආචාරශීලී ව සිටීමට ද මතක් කරන්න-. 3 මන්ද-, අපිත් වරක් අඥන ව-, අකීකරු ව සිටියෙමු-. මුළා ව ගොස්-, අනේකාකාර තෘෂ්ණාවලටත්-, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු-. කුඩු-කේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්-, අන්‍යයන්ගේ වෛරය ලැ-,මට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු-. 4 එහෙත් අපගේ ගැළවුමිකාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල-, 5 අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව-, හුදෙක් ස්වකීය දයාව ලෙස-, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක-. 6 උන් වහන්සේගේ වරප්‍රසාදයෙන් අප දමිටු කරනු ලැබ-, සදාතන ජීවනයේ බලාපොරොත්තුවට උරුමක්කාරයන් වන පිණස-, 7 උන් වහන්සේ අප ගැළවුමිකාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මයාණන් අය්ක ලෙස අප පිට වැගිරෙව් සේක-. 8 මේ සියල්ල විශ්වාස කටයුතු ය; දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමට පැමිණ අය-, යහපත් ක්‍රියාවන්හි යෙදී සිටීමට උනන්දුවක් ම දක්වන පිණස ඔබ මේ දේවල් සහතික ලෙස කියන්නෙහි නමි මම කැමැත්තෙමි-. මේ කී දේ මිනිසුන්ට යහපත් ය; වැඩදායක ය-. 9 එහෙත්-, අනුවණ තර්ක-, පෙළපත් පිළිබඳ කතා-, ආරාවුල්-, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න-. මන්ද-, ඒවා නිෂ්ඵල ය-, නිරර්ථක ය-. 10 භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න-. 11 මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්-, දැන දැන ම පව් කරන බවත්-, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය-.

අවසාන උවදෙස්

12 මා නිකපොලිසියෙහි ශීත කාලය ගත කරන්නට තීරණය කරගත් බැවින්-, අර්තිමස් හෝ තුකිකස් හෝ ඔබ වෙත එවූ විට-, ඔබ මා වෙත නොපමා ව එන්නට උත්සාහ කරන්න-. 13 නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිභයක් නැති ව-, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණස හැකි තරමින් උපකාර කරන්න-. 14 තවද-, අපේ සෙනභ නිෂ්ඵල ව කල් නොයවා-, නියම අවශ්‍යතා සඳහා යහපත් වැඩවල යෙදී සිටීමට ඉගෙනගත යුතු ය-. 15 මා සමභ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති-. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න-. කරුණාව ඔබ සියල්ලන් සමභ වේ වා!



AMAZING GRACE BIBLE INSTITUTE