Philippians

පිලිප්පි

ආචාරය

1 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි-, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු-. 2 අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!

පාවුලු තුමාගේ යාච්ඤව

3 මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි; 4 මා යාච්ඤ කරන සෑම විට ම-, ඔබ සියලු දෙනා උදෙසා යාච්ඤ කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි-. 5 මා එසේ කරන්නේ පළමු දවස පටන් මේ වන තුරු ධර්මදූත සේවයට ඔබ සහභාගි වූ නිසා ය-. 6 ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සමිපූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි-. 7 ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය-. 8 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක-. 9 ඔබ උදෙසා මාගේ යාච්ඤව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණස-, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා-. 10 ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා-. 11 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා-.

ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම

12 සහෝදරවරුනි-, මට සිදු වූ කාරණා සුබ අස්නේ ම දියුණුවට හැරී තිබෙන බව ඔබට දන්වනු කැමැත්තෙමි-. 13 මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත-. 14 මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අය්ක ලෙස නිර්භීත ව සිටිති-. 15 සමහරු ඊර්ෂ්‍යාවෙන් හා විරුද්ධ වාදිකමින් ද සමහරු හොඳ සිතින් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති-. 16 පසුව කී අය-, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද 17 මුලින් කී අය-, මා සිරගත ව සිටින විට වඩාත් කරදර ඇති කරවීමේ අදහසින්-, අවංක ලෙස නොව-, ආත්මාර්ථකාමී චෙතනාවෙන් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති-. 18 කෙසේ වූවත් කමක් නැත-. වංක ලෙස වේ වා-, අවංක ලෙස වේ වා-, හැම අයුරින් ම ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරනු ලබන බැවින් ඒ ගැන ප්‍රීති වෙමි-. මතු ද ප්‍රීති වන්නෙමි-. 19 ඔබගේ යාච්ඤ නිසා ද-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද-, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි-. 20 මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ-, හැම අයුරින් ම නිර්භීත ව සිට-, මැරෙතත්-, ජීවත් වෙතත්-, මාගේ ජීවිතයෙන්-, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය-. 21 මට ජීවත් වීම නමි-, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය-. මරණය මට වාසියකි-. 22 එහෙත් මිහි පිට ජීවත්වීමෙන් යමි වැඩදායි සේවයක් කළ හැකි නමි-, මේ දෙකින් කුමක් තෝරාගන්නට දැ යි මම නොදනිමි-. 23 මම මේ දෙක මැද හිර වී සිටිමි-. මාගේ ආශාව නමි මෙලොවින් තුරන් වී ගොස්-, ක්‍රිස්තුන් වහන්සේ සමභ විසීම ය-. මෙය වඩාත් හොඳ ය-. 24 එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ-. 25 මේ ගැන මට සහතික ය-. එබැවින් මා ජීවතුන් අතර සිට-, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමභ සිටින්නට යන බව මම දනිමි-. 26 මෙලෙස-, මා ඔබ වෙත නැවත පැමිණීම කරණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වැඩි වන ඔබගේ පාරට්ටුව මට ද භුක්ති විඳීමට හැකි වනු ඇත-. 27 කෙසේ වෙතත්-, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔ-,න ලෙස ම හැසිරෙන්න-. එවිට ඔබ දැකීමට මා ආවත්-, නාවත්-, ඔබ ස්ථීර ව-, එක්සත් ව සිටින බව ද-, ඔබ හැම-, එකෙකු මෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බව ද-, 28 ඔබේ විරුද්ධවාදීන්ට අභීත ව මූණ පාන බව ද-, ඇසීමට මට හැකි වනු ඇත-. ඒ අභීතකම ඔවුන්ට විනාශයේ ලකුණක් ද ඔබට විමුක්තියේ ලකුණක් ද ලෙස දෙවියන් වහන්සේගෙන් ම පැමිණෙන්නේ ය-. 29 මන්ද-, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව-, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය-. 30 වරක් මා යෙදී සිටි සටන ඔබ දුටුවහු ය-. තවමත් මා ඒ සටනෙහි යෙදෙන බව ඔබ අසා ඇත-. ඔබට ඇත්තේත් එම සටන ම ය-.

පිලිප්පි 2

ක්‍රිස්තුන් වහන්සේගේ පහත් වීම හා

උසස් වීම

1 ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යමි ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යමි අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමභ යමි සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද? 2 එසේ නමි-, ඔබ එක සමාන චෙතනා ඇති ව-, එක ම ප්‍රේමයෙන් බැඳී-, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සමිපූර්ණ කරන්න-. 3 පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න-. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුමි යයි යටහත්කමින් සිතන්න-. 4 සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා-, අනුන්ගේ යහපත ගැන ද සලකන්න-. 5 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා! 6 උන් වහන්සේ-, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්-, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා-, 7 තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්-, වහලෙකුගේ ස්වරූපයක් ගෙන-, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක-. 8 මනුෂ්‍යාකාරයෙන් සිටිමින්-, උන් වහන්සේ-, මරණය-, එනමි කුරුසියේ මරණය දක්වා-, පහත් වී කීකරු වූ සේක-. 9 එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා-, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක-. 10 එසේ කළේ-, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද-, පාතාල ලෝකයෙහි ද සියල්ලන්-, 'ජේසුස්' යන නාමයට දණ නමන පිණසත්-, 11 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳ්‍රණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා-, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණසත් ය-.

අඳුරු ලොවක තාරකා මෙන් බැබළීම

12 සැබැවින් මාගේ ප්‍රේමවන්තයෙනි-, මා ඔබ වෙත සිටිය දී-, ඔබ කීකරු ව සිටියාක් මෙන් ම-, දැන් මා ඔබෙන් ඈත් ව සිටින විටත්-, ඊටත් වඩා කීකරු ව සිටිය යුතු ය-. ඔබ -,යෙන් හා වෙව්ලීමෙන් යුතු ව ඔබේ විමුක්තිය සලසා-ගන්න-. 13 මන්ද-, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී-, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක-. 14 ඔබ කුමන දෙයක් කළත්-, මැසිවිලි කීමක් වත් විවාදයක් වත් නැති ව එය කරන්න-. 15 එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය-. ඔබ වංක-, හිතුවක්කාර පරමිපරාවක් මධ්‍යයෙහි-, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව-, 16 ඔවුන් අතර ජීවන පණවුඩය ප්‍රදානය කරමින්-, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය-. ඔබ එසේ කළොත්-, 'මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි-, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි'යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ-. 17 ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි-. ඔබ හැම සමභ ප්‍රීති වෙමි-. 18 එලෙස ම ඔබත් සන්තෝෂ වන්න-, මා සමභ ප්‍රීති වන්න-.

සභා සේවක තිමෝතියස් සහ එපප්‍රොදිතස්

19 ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණස-, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නමි තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි-. 20 ඔබගේ යහපත ගැන අවංක සැලකිල්ලක් දක්වන-, ඔහු වැනි වෙන තැනැත්තෙක් මට නැත-. 21 සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති-. 22 ඔහු නමි-, පුත්‍රයෙකු සිය පියා හා සමභ සේවය කරන්නාක් මෙන්-, සුබ අස්නේ අභිවෘද්ය්ය සඳහා මා සමභ සේවය කළ බවට ඔහුගේ සාක්ෂිය ඔබ දන්නහු ය-. 23 එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි-. 24 සමිඳ්‍රණන් වහන්සේ කැමැති සේක් නමි නොබෝ කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි-. 25 මා සොහොයුරු එපප්‍රොදිතස් ද ආපසු ඔබ වෙත එවීම මැනවැ යි මට කල්පනා වී ඇත-. ඔහු වනාහි මට ආධාරෝපකාර කිරීමට ඔබ මා වෙත එවූ ඔබේ දූතයෙකු වන මාගේ සේවකයෙකු ද හවුල් හේවායෙකු ද වේ-. 26 ඔහු ඔබ හැම දෙනා දැකීමට තද ආශාවක් ඇති ව සිටියේ ය-, තමා රෝගාතුර ව සිටිය බව ඔබට සැළ වූ බැවින් ඉතා කණගාටු විය-. 27 ඔහු සැබැවින් ම මරණාසන්න වන තරමට රෝගාතුර ව සිටියේ ය-. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කරුණා කළ සේක-. ඔහුට පමණක් නොව-, දුක පිට දුක මා වෙත නොඑන පිණස මටත් කරුණා කළ සේක-. 28 එබැවින් ඔබ ඔහු නැවත දැක ප්‍රීති වන පිණසත්-, මාගේ ශෝකය අඩු වන පිණසත් ඔහු එවීමට වඩාත් ආශාවෙන් සිටිමි-. 29 කිතුනු සහෝදර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න-. එබඳු අය ගෞරවයෙන් සලකන්න-. 30 මන්ද-, ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ සේවය සඳහා දිවි පිදීමට පවා සූදානමි ව මරුමුවට ළඟා වූයේ ඔබ විසින් දීමට නොහැකි වූ සහාය මට දීමට යි-.

පිලිප්පි 3

නියම දැහැමි ජීවිතය

1 ඉතින් සහෝදරවරුනි-, සමිඳ්‍රණන් වහන්සේ තුළ ප්‍රීතියෙන් පවතින්න-. කලින් ඔබට කී දේ ම යළිත් සඳහන් කිරීම මට කරදරයක් නොවේ-. ඔබේ පරෙස්සමටත් එය හොඳ ය-. 2 බල්ලන් වැනි අයගෙන් ද ඔවුන්ගේ දුරාචාරකමිවලින් ද පරෙස්සමි වන්න-. චර්මථේදනය යයි කියා ශාරීරික ථේදනයක් අදහස් කරන්නන්ගෙන් පරෙස්සමි වන්න-. 3 නියම චර්මථේදිතයෝ නමි-, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න-, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වමිහ-. 4 ඕනෑ නමි මට බාහිර වත්පිළිවෙත් කෙරෙහි පවා විශ්වාසය තැ-,මට පිළිවන-. යමෙක් බාහිර වත්පිළිවෙත් කෙරෙහි විශ්වාසය තබන්නට පිළිවනැ යි සිතන්නේ නමි-, මට ඊටත් වඩා එසේ කළ හැකි ය-. 5 මම අට වන දා චර්මථේදනය ලැ-,මි; ඉශ්රායෙල් වංශයේ ද බෙන්ජමින් ගෝත්‍රයේ ද තැනැත්තෙක්මි; හෙබ්‍රෙව් පෙළපතින් එන නියම හෙබ්‍රෙව්- වෙක්මි; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් නමි පරිසියෙක්මි; 6 උද්‍යෝගය අතින් නමි සභාවට පීඩා කළ තැනැත්තෙක්මි-. ව්‍යවස්ථාවෙන් පැමිණෙන දමිටුකම අතින් නමි නිදොස් වූවෙක්මි-. 7 එහෙත් මට වාසියක් ව තිබූ දේ ම-, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා දැන් අවාසියකැ යි සිතන්නට පටන්ගතිමි-. 8 එපමණකුත් නොවේ-, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි-. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව-, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි-. මාගේ කැමැත්ත නමි ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්-, 9 උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව-, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා-, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය-. 10 මට ඕනෑ එක ම දේ නමි ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනයේ බලය දැනගැනීම හා ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන් වහන්සේගේ දුක්වේදනාවලට පංගුකාර වීමත්-, 11 යමි අන්දමකින් මළවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත් ය-.

දිනුමි කණුව බලා දිවීම

12 මේ සියල්ල දැනට ම මට ලැ-, තිබෙන බවක් වත්-, දැනට ම මා සමිපූර්ණ වී සිටින බවක් වත් මම නොකියමි-. යමක් පිණස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කරගත් සේක් ද-, ඒ දේ අත්කර ගැනීම පිණස මමත් වීර්යයෙන් දුවමි-. 13 සහෝදරයෙනි-, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැ යි නොසිතමි-. එක දෙයක් මට වැදගත් ය: පසුගිය දේ අමතක කරදමා-, ඉදිරියෙහි තිබෙන දේ දෙස ම නෙත් යොමා-, 14 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණස දිනුමි කණුව කරා මම දුව යමි-. 15 එබැවින් අප අතරෙන් මුහුකුරා ගිය අයවලුන් ඒකාකාර ව කල්පනා කළ යුතු ය-. එහෙත් ඔබ යමක් ගැන වෙනස් ලෙස සිතන්නහු නමි-, ඒ ගැනත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් පහදවනු ඇත-. 16 කෙසේ වෙතත් අපි යමි තත්ත්වයකට පැමිණ සිටිමු ද ඒ තත්ත්වය අනුව හැසිරෙමු-. 17 සහෝදරවරුනි-, ඔබ හැම දෙන ම මා අනුගමනය කිරීමට එකභ වන්න-. අපි ඔබට ආදර්ශයක් වී සිටිමු-. ඒ ආදර්ශය අනුව හැසිරෙන්නන් හොඳින් කල්පනාවට ගන්න-. 18 මන්ද-, මා බොහෝ වර ඔබට කියා ඇති ලෙසත්-, දැන් කඳුළු හලමින් කියන ලෙසත්-, බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති-. 19 ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලෝ දේ ගැන පමණ ය-. 20 එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වමිහ; අප ගළවන පිණස ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු-. 21 සියල්ල තමන්ට වසභ කර ගැනීමට ඇති ස්වකීය බලය අනුව-, දැනට අපට ඇති පහත්කමේ ශරීර-, තමන් වහන්සේගේ තේජාන්විත ශරීරයට සමාන වන පිණස-, උන් වහන්සේ ඒවා-, වෙනස් කරන සේක-.

පිලිප්පි 4

අවවාදානුශාසනා

1 එහෙයින් මාගේ ප්‍රේමවන්ත-, හිතවත් සහෝදරවරුනි-, මාගේ ප්‍රීතියත්-, ඔටුන්නත් වන ප්‍රේමවන්තයෙනි-, මෙසේ සමිඳ්‍රණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්න-. 2 අමනාපකමි ඉවත ලා-, සමිඳ්‍රණන් වහන්සේ තුළ එක්සිත් වන ලෙස එවෝදියා-ගෙන් ද සින්තිකීගෙන් ද ඉල්ලමි-. 3 එසේ ය-, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි-. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමභ සුබ අස්න සඳහා සේවය කළෝ ය-. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත-. 4 සමිඳ්‍රණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න-. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි-. 5 ඔබගේ ගුණ යහපත්කම සියලු මනුෂ්‍යයන්ට දැන-ගන්නට ලැබේ වා-. සමිඳ්‍රණන් වහන්සේ විගස වඩින සේක-. 6 ඔබ කිසිවක් ගැන කරදර නොවී-, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව-, යාච්ඤවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීමි දෙවියන් වහන්සේට දන්වන්න-. 7 එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුමි පැතුමි ආරක්ෂා කරන්නේ ය-. 8 අවසන් කොට-, සහෝදරවරුනි-, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්-, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්-, පි‍්‍රය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද-, ඒවා ගැනත් සිත යොදවන්න-. 9 ඔබ මාගෙන් ඉගෙනගත්-, මා ඔබට භාරදුන්-, මා කියනු ඇසූ-, මා කරනු දුටු-, සියල්ල ක්‍රියාවෙහි යොදවන්න-. එවිට සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ සමභ වන සේක-.

තුති පඬුරු පිළිගැනීම

10 බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පි-,දුණු බැවින් සමිඳ්‍රණන් වහන්සේ තුළ මම අතිශයින් ප්‍රීති වෙමි-. කවදත් ඒ කල්පනාව ඔබ තුළ ති-,ණ-. එහෙත් එය පෙන්වීමට ඉඩප්‍රස්තාවක් නො වී ය-. 11 මා මෙය කියන්නේ මට ඇති හිභ කමක් නිසා නොවේ-. මන්ද-, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි-. 12 මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව-, සිටින්නට ද දනිමි-. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්-, සාගින්නෙන් සිටින්නටත්-, සමෘද්ධ ව සිටින්නටත්-, අගහිභකමි ඇති ව සිටින්නටත් හැකි-, රහස ඉගෙනගෙන සිටිමි-. 13 මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය-. 14 කෙසේ වුව ද-, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරමි හොඳ ද? 15 පිලිප්පිවරුනි-, මාගේ ධර්මදූත සේවයේ මුල් අවදියේ දී මා මසිදෝනියෙන් නික්ම ගිය විට-, ඔබ හැර අන් කිසි සභාවක් මගේ අය වැය සමිබන්ධයෙන් මට හවුල් නො වූ බව ඔබ ම දන්නහු ය-. 16 තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකමි පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය-. 17 මා දීමනාව සොයනවා නොවේ-. මා සොයන්නේ ඔබගේ ගිණුම අය්ක ලෙස වැඩි කරන විපාකය යි-. 18 දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැ-, ඇති බවට සහතික කරමි-. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි-. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා පි‍්‍රයමනාප පූජාවක් වී ඇත-. 19 මාගේ දෙවියන් වහන්සේ-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ-, ස්වකීය තේජාන්විත වස්තු සමිභාරය අනුව ඔබගේ සියලු අගහිභකමි සපුරාලන සේක-. 20 අපගේ පිය වූ දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්-.

අවසාන ආචාරය

21 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සියලු සැදැහැවතුන්ට ආචාර කරන්න-. මා සමභ සිටින සහෝදරයෝ ඔබට ආචාර කරති-. 22 සියලු සැදැහැවත්හු ද-, ප්‍රධාන කොට සීසර්ගේ රාජ භවනයේ සැදැහැවත්හු ද ඔබට ආචාර කරති-. 23 ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමභ වේ වා!



AMAZING GRACE BIBLE INSTITUTE