Philemon

පිලමොන්

ආචාරය

1 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි-, අපගේ ප්‍රේමණීය සහකාර සේවකයෙකු වන පිලෙමොන් වෙතට ද ඔබේ ගෙදර රැස් වන සභාවට ද 2 අපගේ සහෝදරී වූ අපියාට ද අපගේ සහකාර හේවායෙකු වන අර්කිපස්ට ද මෙය ලියා එවමු-. 3 අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!

පිලෙමොන්ගේ ප්‍රේමය හා ඇදහිල්ල

4 මාගේ යාච්ඤවල දී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි-. 5 එසේ කරන්නේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහි ද-, සියලු සැදැහැවතුන් කෙරෙහි ද ඇති ඔබේ ප්‍රේමයත්-, ඇදහිල්ලත් ගැන මා අසා තිබෙන බැවිනි-. 6 මාගේ යාච්ඤව නමි-, නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැන ගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ සහභාගිකම ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පලදායී වීමයි-. 7 සහෝදරය-, මට ඉමහත් ප්‍රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්‍රාණවත් වී ඇති බැවිනි-.

ඔනේසිමස් උදෙසා ඉල්ලීමක්

8 මේ නිසා-, කළ යුතු දේ පිළිබඳ ව ඔබට අණ කරන්නට ක්‍රිස්තුන් වහන්සේ තුළ මට නිදහස ඇති නමුත්-, 9 එසේ නොකර-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තානාපතියෙකු වන-, දැන් උන් වහන්සේ උදෙසා හිරකාරයෙකු ව සිටින-, පාවුලු නමි මම-, ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි-. 10 ඒ ඉල්ලීම නමි-, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය-. 11 වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්-, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි-. 12 මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි-. 13 සුබ අස්න නිසා මා හිර අඩස්සියේ සිටිය දී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණස ඔහු මා ළභ නවතාගැනීමට මම කැමැත්තෙමි-. 14 එහෙත් ඔබේ අනුමැතිය නැති ව කිසිත් කරන්නට මම කැමැති නොවෙමි-. මන්ද-, ඔබේ උපකාරය බල කිරීමෙන් නොව-, සිය කැමැත්තෙන් ම දෙන දෙයක් විය යුතු යි-. 15 සමහර විට ඔනේසිමස් ඔබෙන් ටික කලකට වෙන් වූයේ-, නැවත ඔහු ඔබට නිත්‍ය ලෙස අයිති වන පිණස විය හැකි ය-. 16 එහෙත් මෙතැන් පටන් ඔහු දාසයෙකු නොව-, දාසකම ඉක්ම වූ ප්‍රේමණීය සහෝදරයෙකි-. මට එසේ වන ඔහු මිනිසෙකු වශයෙන් ද සමිඳ්‍රණන් වහන්සේ තුළ ද ඔබට ඊටත් වඩා අගනා විය යුතු ය-. 17 ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නමි-, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න-. 18 ඔහු ඔබට යමි වරදක් කර ඇත්නමි-, නොහොත් ඔබට ණය ව සිටී නමි ඒ වගකීම මම භාරගනිමි-. 19 පාවුලු නමි මම මාගේ අතින් ම මෙසේ ලියා සහතික කරමි-. ඒ ණය මම ගෙවමි-. එසේ ලියන අතර-, ඔබේ ජීවිතය ගැන ඔබ මට ණයගැති ව සිටින බව මතක් කළාට වරදක් නැත-. 20 මාගේ සහෝදරය-, සමිඳ්‍රණන් වහන්සේ තුළ මට මේ උපකාරය කරන්න; කිතුනුවෙකු වශයෙන් මාගේ සිත සනසන්න-. 21 මා මෙය ලියන විට-, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය-. 22 ඒ හැර-, මට නවාතැනක් ද සූදානමි කරන්න-. මන්ද-, ඔබ හැමගේ යාච්ඤ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඔබ වෙත මා පමුණුවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි-.

ආචාර හා සුබ පැතුමි

23 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා මා සමභ හිරකාරයෙකු වන එපප්‍රස් ද 24 මාගේ හවුල් සේවකයන් වන මාක් ද අරිස්තර්කස් ද දේමස් ද ලූක් ද ඔබට ආචාර කරති-. 25 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ හැම සමභ පවතී වා!



AMAZING GRACE BIBLE INSTITUTE