John

යොහන්

ධර්මයාණන් මිනිසත් බව ගැනීම

1 ආරමිභයේ දී-, ධර්මයාණෝෆ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමභ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක-. 2 ආරමිභයේ දී උන් වහන්සේ-, දෙවියන් වහන්සේ සමභ සිටි සේක-. 3 සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී; උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය-. 4 උන් වහන්සේ තුළ ජීවය විය; ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය-. 5 ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය-. 6 දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය-. ඔහුගේ නම ජොහන් ය-. 7 ඔහු පැමිණයේ-, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණස ආලෝකය ගැන සාක්ෂි දැරීමට-, සාක්ෂිකරුවෙකු වශයෙනි-. 8 ඔහු ඒ ආලෝකය නොව-, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණස ආ තැනැත්තේ ය-. 9 සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ-, ලොවට උදා වෙමින් සිටි සේක-. 10 උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක; ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය-. එහෙත්-, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ-. 11 උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක-, එහෙත්-, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ-. 12 එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනමි-, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට-, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැ-,මේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක-. 13 එසේ උපත ලැබූයේ-, මානව සන්තතියෙන් වත්-, කායික සබඳතාවෙන් වත්-, මිනිස් පියෙකුගෙන් වත් නොව-, දෙවියන් වහන්සේගෙන් ම ය-. 14 ධර්මයාණෝ මාංසගත ව අප සමභ වැඩ විසූ සේක-. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය-, එනමි-, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය-, අපි දුටිමු-. 15 ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්-, ''මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්-, මට වඩා උතුමි ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය''යි මොරගසා කී ය-. 16 උන් වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝ ම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැ-,මු-. 17 කුමක්හෙයින් ද-, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණයේ ය-. 18 කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත-. පියාණන්ගේ ළයෙහි වැඩවසන-, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක-.

ස්නාවක ජොහන්ගේ සාක්ෂිය

19 ''ඔබ කවරෙක් දැ''යි අසන පිණස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල-, ජොහන් සාක්ෂි දෙමින්-, 20 ''මම ක්‍රිස්තුස් නොවෙමි''යි නොසභවා ම ප්‍රකාශ කෙළේ ය-. 21 ''එසේ නමි කිමෙක් ද? ඔබ එලියා දැ''යි ඔව්හු ඇසූ හ-. ''නැතැ''යි ඔහු කී ය-. ''ඔබ ඒ දිවැසිවරයා ද?'' යන ප්‍රශ්නයටත්-, ''නැතැ''යි ඔහු කී ය-. 22 ''එසේ නමි-, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ''යි ඔව්හු ඇසූ හ-. 23 ''මම නමි-, යෙසායා දිවැසිවරයා කී පරිදි-, 'සමිඳ්‍රණන්ගේ මභ පිළියෙළ කරන්නැ'යි පාළු-කරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි''යි ජොහන් පිළිතුරු දුනි-. 24 එවන ලද සමහරෙක් පරිසිවරු ය-. 25 ඔව්හු ප්‍රශ්න කරමින්-, ''ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්-, එලියා වත්-, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නමි-, බව්තීස්ම-ස්නාපනයෆ කරන්නේ කුමක් නිසා දැ''යි ඇසූ හ-. 26 ජොහන් ද පිළිතුරු දෙමින්-, ''මම වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත්-, ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති-. 27 එනමි-, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි''යි කී ය-. 28 මෙය සිදුවූයේ-, ජොහන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ජොර්දානෙන් එතෙර බෙතානියේ දී ය-.

දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ

29 පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක-, ''මෙන්න-, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ ! 30 මට පසු ව එන තැනැන් වහන්සේ මට පෙර සිටි බැවින් මට වඩා උතුමි යයි යමෙකු ගැන මම කීවෙමි ද?-, ඒ මුන් වහන්සේ ය; 31 මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්-, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමින්-, මා පැමිණයේ උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රකාශ වන පිණස ය''යි කී ය-. 32 තවද-, ජොහන් සාක්ෂි දරමින්-, ''ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බැස උන් වහන්සේ මත වැඩ හිඳිනු මම දිටිමි; 33 මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්-, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරන්නට මා එවා වදාළ තැනැන් වහන්සේ ම මට කතා කොට-, 'ආත්මයාණන් යමෙකු පිට බැස විත් වැඩ හිඳිනු ඔබ දකින්නෙහි ද-, ඒ වනාහි ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරන තැනැන් වහන්සේ ය'යි වදාළ සේක-. 34 ඒ දේ මම ම දිටිමි; දැක-, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි සාක්ෂි දැරුවෙමි''යි කීවේ ය-.

මුල් ශ්‍රාවක පිරිස

35 පසු දින නැවතත් ජොහන් සිය ගෝලයන් දෙදෙනෙකු සමභ සිටිය දී 36 මභ වඩිනා ජේසුස් වහන්සේ දෙස බලා-, ''බලන්න-, දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ''යි කී ය-. 37 ගෝලයෝ දෙදෙන ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ-. 38 ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක-, ''ඔබ කුමක් සොයන්නහු දැ''යි ඇසූ සේක-. ඔව්හු ද-, ''රබ්-,-, (එහි තේරුම ගුරුදේවයෙනි-, යනු යි-.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ''යි ඇසූ හ-. 39 ''ඇවිත් බලන්නැ''යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක-. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක-, එදින උන් වහන්සේ සමභ ගත කළහ-. වේලාව සවස හතරට පමණ වී ය-. 40 ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නමි-, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය-. 41 ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී-, ''අපට මෙසියස් වහන්සේ හමු වූ හ''යි කී ය-. ('මෙසියස්' යන්නෙහි අර්ථය 'ක්‍රිස්තුස්' යනු යි-.) 42 ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය-. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා-, ''ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට 'කේපස්' යයි කියනු ඇතැ''යි වදාළ සේක-. ('කේපස්' යන්නෙහි අර්ථය 'පර්වතය'ෆ යනු යි-.)

පිලිප් සහ නතානියෙල් කැඳවීම

43 පසු දින ජේසුස් වහන්සේ ගලීලයට යන්නට ඉටාගත් සේක-. එහි දී පිලිප් හමු වී-, ''මා අනුගාමී වන්නැ''යි ඔහුට වදාළ සේක-. 44 පිලිප් වනාහි ඇන්ඩෘගේ සහ පේදුරුගේ ගම වූ බෙත්සයිදාවෙන් ආ තැනැත්තෙකි-. 45 පිලිප් ද නතානියෙල් සොයා ගෙන-, ''මෝසෙස් ව්‍යවස්ථාවලියෙහි හා දිවැසාවලියෙහි සඳහන් කර ඇති තැනැන් වහන්සේ-, එනමි-, ජෝසෙප්ගේ පුත් නාසරෙත්හි ජේසුස් වහන්සේ අපට හමු වූ සේකැ''යි කී ය-. 46 නතානියෙල් ද කතා කරමින්-, ''වැදගැමිමක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ දැ''යි ඇසී ය-. ''ඇවිත් බලන්නැ''යි පිලිප් කී ය-. 47 ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක-, ''මෙන්න-, හොරබොරු නැති-, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ''යි ඔහු ගැන වදාළ සේක-. 48 ''ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ''යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය-. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''පිලිප් ඔබ කැඳවන්නටත් පෙර-, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි''යි වදාළ සේක-. 49 නතානියෙල් උත්තර දෙමින්-, ''ගුරුදේවයෙනි-, ඔබ වහන්සේ නමි-, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නමි-, ඉශ්රායෙල්හි රජිඳ්‍රණෝ ය''යි කී ය-. 50 ජේසුස් වහන්සේ ද පිළිතුරු දෙමින්-, ''ඔබ අත්තික්කා ගස යට සිටිනු මම දිටිමි-, යි මා ඔබට වදාළ බැවින් ද-, ඔබ අදහා ගත්තේ? මීට වඩා මහත් දේ ඔබ දකින්නෙහි ය''යි වදාළ සේක-. 51 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්-, ''ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී-, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැභ යනවාත්-, බැස එනවාත් ඔබ දකින්නෙහි ය''යි වදාළ සේක-.

යොහන් 2

කානාහි සරණ මංගල්‍යය

1 තුන් වන දවසෙහි-, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණයෝ ද එහි සිටියහ-. 2 සිය ශ්‍රාවකයන් සමභ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක-. 3 මිදියුස හිභ වූ විට-, ජේසුස් වහන්සේගේ මෑණයෝ-, ''මිදියුස නැතැ''යි උන් වහන්සේට කී හ-. 4 ජේසුස් වහන්සේ ද කතා කොට-, ''ස්ත්‍රිය-, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ''යි වදාළ සේක-. 5 උන් වහන්සේගේ මෑණයෝ මෙහෙකරුවන් අමතා-, 'මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ'යි කී හ-. 6 ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා ති-,ණ-. 7 ''භාජනවලට වතුර පුරවන්නැ''යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක-. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය-. 8 ''දැන් මෙයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්නැ''යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක-. ඔව්හු එය ගෙන ගියහ-. 9 සංවිධායක තැන මිදියුස බවට හැරුණු වතුර ගෙන රස බැලී ය-. එය කෙසේ ලැ-,ණ දැ යි වතුර ගෙනා සේවකයන් දැන සිටි නමුත්-, ඔහු නොදත්තේ ය-. එබැවින් ඔහු මනාලයා කැඳවා-, 10 ''හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති-. එහෙත්-, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය''යි ඔහුට කී ය-. 11 මේ වනාහි ජේසුස් වහන්සේ ලකුණක් පිණස කළ හාස්කමිවලින් පළමු වැන්න ය-. එය සිදු කරන ලද්දේ ගලීලයේ කානාහි දී ය-. එසේ කිරීමෙන් උන් වහන්සේ සිය තේජශ්‍රීය ප්‍රකාශ කළ සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ අදහාගත්හ-. 12 ඉන්පසු උන් වහන්සේ සිය මෑණයන් ද සොහොයුරන් ද ශ්‍රාවකයන් ද සමභ කපර්ණවුමට වැඩිය සේක; එහෙත්-, ඔව්හු එහි වැඩි කලක් නොසිටියහ-.

දේව මාලිගාව පවිත්‍ර කිරීම

13 ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න ව තිබුණු බැවින්-, ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක-. 14 එවිට-, දේව මාලිගාවේ ගව-, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක-, 15 ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර-, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක-. 16 ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා-, ''මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ''යි වදාළ සේක-. 17 ''ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි''යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය-. 18 එකල ජුදෙව්වරු-, ''ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ''යි ඇසූ හ-. 19 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්-, ''මේ දේව මාලිගාව කඩාදමන්න-. තෙදිනකින් එය මම ගොඩනභන්නෙමි''යි වදාළ සේක-. 20 එවිට ජුදෙව්වරු කතා කොට-, ''මේ දේව මාලිගාව ගොඩනභන්නට හතළිස් හය වසක් ගත විය-. ඔබ එය තෙදිනකින් ගොඩනභන්නෙහි දැ''යි ඇසූ හ-. 21 එහෙත්-, උන් වහන්සේ කතා කෙළේ-, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය-. 22 උන් වහන්සේ මරණන් නැඟිටුවනු ලැබූ පසු-, ශ්‍රාවකයෝ-, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ-.

සියලු සිත් දන්නා ජේසුස් වහන්සේ

23 උන් වහන්සේ පාස්කු මංගල්‍යයේ දී ජෙරුසලමෙහි සිටි කල්හි-, බොහෝ දෙනෙක් උන් වහන්සේ කළ හාස්කමි දැක-, උන් වහන්සේ අදහාගත්හ-. 24 එහෙත්-, ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබූ සේක-. මන්ද-, උන් වහන්සේ සියල්ල දත් නිසා ය-. 25 මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්-, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය-.

යොහන් 3

ජේසුස් වහන්සේ සහ නිකොදේමුස්

1 එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූ ද-, ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ ද-, නිකොදේමුස් නමි මිනිසෙක් විය-. 2 ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්-, ''ගුරුදේවයෙනි-, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද-, දෙවියන් වහන්සේ තමා සමභ වැඩ නොසිටින සේක් නමි-, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කමි කළ නොහැකි ය''යි කී ය-. 3 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්-, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය''යි ඔහුට වදාළ සේක-. 4 නිකොදේමුස්-, කතා කරමින්-, ''මනුෂ්‍යයෙකු මහලු ව සිටිය දී-, උපදින්නට පුළුවන් කොහොම ද? දෙ වන වරටත් මවු කුසට පිවිස උපත ලැ-,ය හැකි දැ''යි ඇසී ය-. 5 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්-, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය-. 6 කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය; 7 'ඔබ නැවත උපදින්නට ඕනෑ ය'යි මා කීවාට පුදුම නොවන්න-. 8 සුළභ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි-. එහෙත්-, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය-. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය''යි වදාළ සේක-. 9 ''මේ දේ සිදුවිය හැක්කේ කෙසේ දැ''යි නිකොදේමුස් පිළිවිසී ය-. 10 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඔබ ඉශ්රායෙල්හි කීර්තිමත් ගුරුවරයකු ව සිටියදීත් මේ දේ ඔබට තේරුමි ගත නොහැකි ද? 11 ඒකාන්තයෙන් මම ඔබට කියමි; අපි දන්නා දේ කියමු-, දුටු දේ ගැන සාක්ෂි දරමු-. එහෙත්-, අපේ සාක්ෂිය ඔබ නොපිළිගන්නෙහු ය-. 12 මා ඔබට ලෞකික දේ ගැන කී කල්හි ඔබ විශ්වාස නොකරන්නෙහි නමි-, ලෝකෝත්තර දේ ප්‍රකාශ කළහොත් කෙසේ විශ්වාස කරන්නෙහි ද? 13 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර-, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය-. 14 පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද-, 15 උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණස-, ඔසවනු ලබන්නට ඕනෑ ය-.'' 16 ''දෙවියන් වහන්සේ ලෝකයාට කොතරමි ප්‍රේම කළ සේක් ද කීවොත්-, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක-. එසේ කෙළේ-, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණස ය-. 17 දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ-, ලෝකයා විනිශ්චය කරන පිණස නොව-, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණස ය-. 18 උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ-. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත-. 19 ''විනිශ්චය නමි මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්-, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට පි‍්‍රය කළහ-. 20 නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති-. 21 එහෙත්-, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණස ආලෝකයට පැමිණේ ය''යි වදාළ සේක-.

ජොහන්ගේ සාක්ෂිය

22 ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණ සේක-. එහි උන් වහන්සේ ඔවුන් සමභ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය කළ සේක-. 23 ජොහන් ද සාලිමි සමීපයෙහි ඒනොන් යන ස්ථානයෙහි ජලය අය්ක ව තිබුණු බැවින් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටියේ ය-. මිනිස්සු පැමිණ බව්තීස්ම-ස්නාපනය ලැබූ හ-. 24 මෙය සිදු වූයේ ජොහන් හිර අඩස්සි කරනු ලැ-,මට පෙර ය-. 25 එකල ජොහන්ගේ ගෝලයන් හා ජුදෙව්වෙකු අතර පවිත්‍ර වීම ගැන වාදයක් හටගති-. 26 එවිට ඔව්හු ජොහන් වෙතට පැමිණ-, ''ඇදුරිඳුනි-, ජොර්දානෙන් එගොඩ ඔබ සමභ සිටියාවූ ද ඔබ විසින් සාක්ෂි දරනු ලැබුවාවූ ද තැනැත්තේ ම බව්තීස්ම-ස්නාපනය කරයි-. සියල්ලෝ ම ඔහු වෙතට යති''යි කී හ-. 27 ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: ''ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැ-,ය නො හැකි ය-. 28 මම ක්‍රිස්තුස් නොවෙමි; එහෙත්-, 'මම උන් වහන්සේට ප්‍රථමයෙන් එවන ලද්දෙමි'යි මා කී බවට ඔබ ම සාක්ෂිකාරයෝ ය-. 29 මනාලිය අයිති මනාලයාට ය-, මනාලයා ළභ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා-, මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි-. මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි-. 30 උන් වහන්සේගේ නැඟීමත්-, මාගේ බැසීමත් සිදුවිය යුතු ය-.''

ස්වර්ගයෙන් එන තැනැත්තා

31 ''ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුමි ය-. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ; ඔහු භෞමික දේ ගැන කතා කරයි-. ස්වර්ගයෙන් එන තැනැන් වහන්සේ සියල්ලනට ම වඩා උතුමි ය; 32 උන් වහන්සේ තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දරන සේක-. එහෙත්-, කිසිවෙක් උන් වහන්සේගේ සාක්ෂිය නොපිළිගනිති-. 33 උන් වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තේ දෙවියන් වහන්සේ සත්‍යවාදි බව සහතික කරයි-. 34 දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ-, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක-. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි-. 35 පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක-. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත-. 36 යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත-. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ-. දේව උදහස ඔහු පිට රඳ්‍ර පවති යි-.''

යොහන් 4

සමාරීය ස්ත්‍රිය

1 ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්‍රාව- කයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය-. (2 ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස-, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක-.) 3 ඒ බව දැනගත් කල-, සමිඳ්‍රණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක-. 4 සමාරිය පසු කොට යා යුතු ව තිබුණු බැවින් 5 උන් වහන්සේ-, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළභ වූ සිකාර් නමි සමාරියේ නගරයකට පැමිණ සේක-. 6 ජාකොබ්ගේ ළිඳ එහි විය-. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළභ හිඳගත් සේක-. එය මධ්‍යාහ්න වේලාව පමණ විය-. 7 එකල-, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණස පැමිණයා ය-. ''මට වතුර ටිකක් දෙන්නැ''යි උන් වහන්සේ ඇයට වදාළ සේක-. 8 එවේලේ-, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණස-, නගරයට ගොස් සිටියෝ ය-. 9 සමාරීය ස්ත්‍රිය ද-, ''ජුදෙව්වෙකු වන ඔබ-, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ-, කෙසේ දැ''යි උන් වහන්සේගෙන් ඇසුවා ය-. එසේ කීවේ-, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි-. 10 ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්-, ''දෙවියන් වහන්සේගේ දීමනාවත්-, 'මට වතුර ටිකක් දෙන්නැ'යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නමි-, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ''යි වදාළ සේක-. 11 ස්ත්‍රිය ද-, ''මහතාණෙනි-, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද? 12 මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය-. ඔහු ද-, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය-. ඔබ ඔහුට වඩා උතුමි දැ?''යි විචාළා ය-. 13 ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්-, ''මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය-. 14 එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය-. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය''යි වදාළ සේක-. 15 ස්ත්‍රිය කතා කරමින්-, ''මහතාණෙනි-, මට තවත් පිපාසය ඇති නො වන පිණසත්-, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණසත් ඒ වතුර මට දුන මැනවැ''යි කීවා ය-. 16 ජේසුස් වහන්සේ ඈ අමතා-, ''යන්න-, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ''යි වදාළ සේක-. 17 ස්ත්‍රිය පිළිතුරු දෙමින්-, ''මට ස්වාමි පුරුෂයෙක් නැතැ''යි කීවා ය-. ජේසුස් වහන්සේ ද-, '' 'මට ස්වාමි පුරුෂයෙක් නැතැ'යි ඔබ කීවා හරි ය; 18 මන්ද-, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය''යි වදාළ සේක-. 19 ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්-, ''මහතාණෙනි-, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ-. 20 එහෙත්-, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය''යි කීවා ය-. 21 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ස්ත්‍රිය-, මා විශ්වාස කරන්න-. මේ කන්දේ දී වත්-, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය-. 22 ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය-. මන්ද-, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්-ගෙන් ය-. 23 එහෙත්-, නමස්කාර කරන්නන්-, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද-, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත-. තමන් වහන්සේට නමදින පිණස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය-. 24 දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය''යි වදාළ සේක-. 25 ස්ත්‍රිය පිළිතුරු දෙමින්; '' 'ක්‍රිස්තුස් වහන්සේ' ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණ කල සියල්ල අපට දන්වා වදාරන සේකැ''යි කීවා ය-. 26 ''මේ ඔබ සමභ කතා කරන මම-, ඒ තැනැත්තා වෙමි''යි ජේසුස් වහන්සේ වදාළ සේක-. 27 ඒ මොහොතේ දී-, පැමිණ උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමභ කතා කරනු දැක මවිත වූ හ-. එහෙත් කිසිවෙක්-, ''ඔබ කුමක් සොයන්නෙහි ද'' කියා- වත්-, ''ඔබ ඈ සමභ කතා කරන්නේ මන් ද?'' කියාවත් ඇසුවේ නැත-. 28 ස්ත්‍රිය ඇගේ වතුර කළය එතැන තබා-, නුවරට ගොස්-, 29 ''එන්න ඇවිත් බලන්න-, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි-. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ''යි සෙනභට කීවා ය-. 30 ඔව්හු නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත එන්නට පටන්ගත්හ-. 31 ඒ අතර ශ්‍රාවකයෝ-, ''ගුරුදේවයෙනි-, වළඳනු මැනවැ''යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය-. 32 එහෙත් උන් වහන්සේ-, ''ඔබ නො දන්නා භෝජනයක් වැළඳීමට මට ඇතැ''යි ඔවුන්ට වදාළ සේක-. 33 ''යමි කිසිවෙක් උන් වහන්සේට ආහාර ගෙනවුත් දුන්නේ දැ''යි එවිට ශ්‍රාවකයෝ තම තමන් අතරේ විමසූ හ-. 34 ජේසුස් වහන්සේ ඔවුන් අමතා-, ''මාගේ භෝජනය නමි-, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්-, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය-. 35 ''තව හාරමාසයක් ගත වූ විට අස්වැන්න පැමිණේ යයි ඔබ කියන්නේ නැද් ද? එහෙත් මම ඔබට කියමි: බලන්න-, ඔබේ ඇස් ඇර කුඹුරු නරඹන්න; මන් ද? ඒවා දැනට ම අස්වැන්න සඳහා පැසී ඇත-. 36 ගොයමි කපන්නා කුලිය ලබා-, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ-, වපුරන්නාත්-, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණස ය-. 37 මෙයින්-, 'එක් කෙනෙක් වපුරයි-, තව කෙනෙක් කපයි' යන කීම සැබෑ වෙයි-. 38 ඔබ වගා නො කළ කෙතක අස්වැන්න කැපීමට මම ඔබ යැවීමි-. අන්‍යයෝ වගා කළහ-. ඔබ ඔවුන්ගේ වගාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නහු ය''යි වදාළ සේක-. 39 ''මා කළ සියල්ල උන් වහන්සේ මට වදාළ සේකැ''යි සාක්ෂි දුන් ස්ත්‍රියගේ කීම නිසා-, ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ-. 40 එබැවින් සමාරියයෝ උන් වහන්සේ වෙතට පැමිණ කල-, තමන් සමභ නවතින ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ-. උන් වහන්සේ ද දෙදවසක් එහි නැවතුණ සේක-. 41 තවත් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ ම වචනය නිසා අදහාගත්තෝ ය-. 42 ඔව්හු ස්ත්‍රියට කතා කොට-, ''දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ; අප ම උන් වහන්සේගේ බස් අසා-, උන් වහන්සේ සැබැවින් ම ලෝකයේ ගැළවුමිකාරයාණන් බව දැනගත් නිසා ය''යි කී හ-. 43 ඒ දෙදවසට පසු-, උන් වහන්සේ එතැනින් නික්ම ගලීලයට වැඩම කළ සේක-. 44 මන්ද-, ''ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ''යි කීවේ උන් වහන්සේ ම ය-. 45 එහෙත් ජෙරුසලමෙහි මංගල්‍යයේ දී උන් වහන්සේ කළ සියල්ල දුටු බැවින්-, ගලීලයෝ උන් වහන්සේ උත්සවාකාරයෙන් හොඳින් පිළිගත්හ-.

රාජ්‍ය නිලධාරියෙකුගේ පුත්‍රයා

සුව කිරීම

46 යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නමි ගමට වැඩම කළ සේක-. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය-. එකල-, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය-. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය-. 47 ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට වැඩම කළ බව අසා-, ඔහු උන් වහන්සේ වෙතට ගොස්-, තම පුත්‍රයා මරණාසන්න ව සිටින බැවින්-, අවුත් ඔහු සුව කරන මෙන් උන් වහන්සේගෙන් අයැද සිටියේ ය-. 48 ජේසුස් වහන්සේ-, ''ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය''යි ඔහුට වදාළ සේක-. 49 රාජ්‍ය නිලධාරියා ද-, ''මහතාණෙනි-, මාගේ දරුවා මියයන්නට පෙර වැඩිය මැනවැ''යි අයැදී ය-. 50 ජේසුස් වහන්සේ කතා කරමින්-, ''යන්න-, ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය''යි ඔහුට වදාළ සේක-. ඒ තැනැත්තා ජේසුස් වහන්සේ වදාළ වචනය විශ්වාස කරගෙන ගියේ ය-. 51 ඔහු යන කල-, ඔහුගේ දාසයෝ පෙරමභට අවුදින්-, ''ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය''යි කී හ-. 52 එවිට-, ''පුත්‍රයා සුවය ලබන්න පටන්ගත්තේ කොයි වේලාවේ දැ''යි ඔහු ඔවුන්ගෙන් විමසී ය-. ''ඊයේ පස්වරු එකට පමණ උණ බැස්සේ ය''යි ඔව්හු කී හ-. 53 ''ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය''යි ජේසුස් වහන්සේ ඔහුට වදාළේ-, ඒ මොහොතේ දී යයි දැනගත් බැවින්-, ඔහු ද-, ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එතුමන් අදහාගත්හ-. 54 මේ වනාහි-, ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට පැමිණ පසු-, කළ දෙ වන දේව බල ප්‍රකාශනය වේ-.

යොහන් 5

බෙතෙස්දා පොකුණ අසල කොරා

සුව කිරීම

1 ඉන්පසු ජුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය-. ජේසුස් වහන්සේ ද ජෙරුසලමට වැඩම කළ සේක-. 2 ජෙරුසලමෙහි බැටළු දොරටුව ළභ-, හෙබ්‍රෙව් බසින් 'බෙතෙස්දා' යයි නමි ලත් පොකුණක් විය-. එය අවට ද්වාර මණ්ඩප පහක් විය-. 3 ඒවායෙහි අන්ධ වූ ද කොර වූ ද අංශභාග වූ ද රෝගීන් සමූහයක් ඔත්පළ ව සිටියෝ ය-. 4 ඔව්හු වතුර කැළඹෙන තෙක් බලා සිටියාහ-. මන්ද-, සමිඳ්‍රණන් වහන්සේගේ දූතයෙක් කලින් කල පොකුණට බැස වතුර කැළඹුවේ ය-. වතුර කළඹනු ලැබූ පසු එහි බට පළමුවැන්නා කවර රෝගයකින් පෙළුණු නමුත් සුවකරනු ලැ-, ය-. 5 එහි තිස් අට අවුරුද්දක් රෝගී ව සිටි එක් මිනිසෙක් විය-. 6 ඒ මිනිසා හාන්සි වී සිටිනු ජේසුස් වහන්සේ දැක-, ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන-, ''ඔබ සුව වීමට කැමැති දැ''යි ඔහුගෙන් ඇසූ සේක-. 7 රෝගියා උන් වහන්සේට උත්තර දෙමින්-, ''ස්වාමීනි-, වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත-. මා එන අතර-, අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ ය''යි කීවේ ය-. 8 ''නැඟිට ඔබේ පැදුර රැගෙන යන්නැ''යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක-. 9 එකෙණෙහි ම මිනිසා සුවපත් වී-, සිය පැදුර රැගෙන යන්නට ගියේ ය-. එය සබත් දවස විය-. 10 එබැවින් ජුදෙව්වරු-, ''අද සබත් දවස ය-, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය''යි සුවය ලැබූ මිනිසාට කී හ-. 11 එහෙත්-, ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්-, ''මා සුවපත් කළ තැනැත්තා ම 'ඔබේ පැදුර රැගෙන යන්නැ'යි මට කීවේ ය''යි කී ය-. 12 '' 'පැදුර රැගෙන යන්නැ'යි ඔබට කී මිනිසා කවරෙක් දැ''යි ඔව්හු විමසූ හ-. 13 එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා-, ඔහු කවරෙක් දැ යි නොදත්තේ ය-. මන්ද-, ඒ ස්ථානයේ සමූහයා අතරින් ජේසුස් වහන්සේ සොයාගත නො හැකි වූ බැවිනි-. 14 ඉන්පසු-, ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී ඔහු මුණගැසී-, ''බලන්න-, ඔබ සුවපත් වී ඇත-. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණස තවත් පව් නොකරන්නැ''යි වදාළ සේක-. 15 ඒ මිනිසා ද ගොස්-, තමා සුවපත් කෙළේ-, ජේසුස් වහන්සේ බව ජුදෙව්වරුන් හට සැළ කෙළේ ය-. 16 ජේසුස් වහන්සේ මෙවැනි දේ සබත් දවසේ දී කළ බැවින්-, ජුදෙව්වරු උන් වහන්සේට පීඩා කළහ-. 17 එහෙත්-, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි''යි වදාළ සේක-. 18 මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ-. මන්ද-, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව-, ''දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය''යි කියමින්-, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය-.

පුත්‍රයාණන්ගේ අය්කාරිත්වය

19 ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: ''ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද-, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය-. මන්ද-, උන් වහන්සේ යමි දෙයක් කරන සේක් ද-, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක-. 20 මන්ද-, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්-, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක-. තවද-, ඔබ මවිත කරවන සුලු-, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක-. 21 පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්-, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක-. 22 සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක-. සමිපූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත-. 23 එසේ කෙළේ-, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණස ය-. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා-, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය-. 24 ''ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා-, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි-. 25 ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති-. 26 පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම-, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක-. 27 තවද-, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අය්කාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක-. 28 මේ ගැන මවිත නොවන්න; මන්ද-, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය-. 29 එවිට-, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති-. 30 ''මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය-. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි-. මාගේ විනිශ්චය සාධාරණ ය-. මන්ද-, මාගේ අරමුණ-, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව-, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය-.''

දේව පුත්‍රයාණන් පිළිබඳ සාක්ෂි

31 ''මම-, මා ගැන ම සාක්ෂි දෙන්නෙමි නමි-, මාගේ සාක්ෂිය සැබෑ නොවේ-. 32 එහෙත්-, මා ගැන සාක්ෂි දරන වෙන කෙනෙක් වෙති-. උන් වහන්සේ මා ගැන දරන සාක්ෂිය සැබෑ බව මම දනිමි-. 33 ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය-. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත-. 34 එහෙත්-, මා මේ දේ ඔබට කියන්නේ-, මිනිසාගෙන් සාක්ෂියක් ලබන පිණස නොව-, ඔබ ගැළවීම ලබන පිණස ය-. 35 ජොහන් වනාහි-, දිළෙන-, බැබළෙන පහනක් විය-. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය-. 36 එහෙත් මට ඇති සාක්ෂිය ජොහන්ගේ සාක්ෂියට වඩා උතුමි එකකි-. මන්ද-, මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු-, එනමි-, මා කරන කටයුතු ම-, පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාක්ෂි වෙයි-. 37 තවද-, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳව සාක්ෂි දරා ඇත-. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත-. ස්වරූපය ද දැක නැත-. 38 තවද-, උන් වහන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී නැත-. මන්ද-, ඔබ උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ විශ්වාස නොකරන බැවිනි-. 39 ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය-. එසේ කරන්නේ-, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි-. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය-. 40 එහෙත්-, ජීවනය ලබන පිණස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය-. 41 ''මම මිනිසුන්ගෙන් ගෞරවය නොසොයමි-. 42 එහෙත් මම ඔබ හොඳින් අඳුනමි-. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි-. 43 මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණයෙමි-. එහෙත්-, ඔබ මා නොපිළිගන්නහු ය-. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණයහොත්-, ඔබ ඔහු පිළිගනු ඇත-. 44 එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන-, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට පි‍්‍රය කරන ඔබ-, අදහාගන්නේ කෙසේ ද? 45 ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න-. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනමි-, මෝසෙස් ය-. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය-. 46 ඔබ මෝසෙස් විශ්වාස කළාහු නමි-, මා ද විශ්වාස කරන්නහු ය-. මන්ද-, මෝසෙස් මා ගැන ලියූ බැවිනි-. 47 ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස නොකරන්නහු නමි-, මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේ ද?''

යොහන් 6

පන්දහසකට කෑම

1 ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන්-, හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළ සේක-. 2 උන් වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කමි දුටු බැවින් මහා සමූහයක් උන් වහන්සේ පසුපස්සේ ගියහ-. 3 එවිට ජේසුස් වහන්සේ කන්දකට නැඟී තමන්ගේ ශ්‍රාවකයන් සමභ එහි වැඩහුන් සේක-. 4 ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව ති-,ණ-. 5 ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල-, තමන් ළභට මහා සමූහයක් ඇදී එනු දැක-, ''මොවුන් හැම දෙනාට ම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැ''යි පිලිප්ගෙන් ඇසූ සේක-. 6 උන් වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණස ය-. මන්ද-, තමන් කරන්න යන්නේ කුමක් දැ යි උන් වහන්සේ ම දැන සිටි බැවිනි-. 7 පිලිප් පිළිතුරු දෙමින්-, ''එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසි දෙසියයක රොටි වුවත් නොසෑහේ ය''යි කී ය-. 8 ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ උන් වහන්සේ අමතා-, 9 ''යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි-. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ''යි ඇසී ය-. 10 ''මිනිසුන් හිඳුවන්නැ''යි ජේසුස් වහන්සේ වදාළ සේක-. එතැන බොහෝ තණකොළ විය-. ගණනින් පන්දහසක් පමණ පිරිමි එහි හිඳගත්හ-. 11 එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා-, හිඳගෙන සිටි අයට බෙදා දුන් සේක-. එලෙස ම මසුන්ගෙන් ද දුන් සේක-. සියල්ලන්ට කැමැති තරමි කෑම ලැබුණේ ය-. 12 ඔවුන් කා තෘප්තියට පැමිණ පසු-, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා-, ''කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ''යි වදාළ සේක-. 13 මෙසේ කෑම වැළඳු අය-, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී-. 14 සමූහයා මේ හාස්කම දුටු කල ''සැබෑවට ම මෙතුමාණෝ ලොවට වඩින්නට සිටින දිවැසිවරයාණෝ ය''යි කී හ-. 15 තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන-, රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන-, නැවත තනියම කන්දට වැඩිය සේක-.

මුහුද මත ඇවිදීම

16 සවස් වූ කල-, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මුහුදට ගොස්-, 17 ඔරුවට නැඟී මුහුදෙන් එතෙර කපර්ණවුමට යන්නට පිටත් වූ හ-. රෑ බෝ වී තිබුණ නමුත්-, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණ සේක-. 18 තද සුළභක් හැමූ බැවින් මුහුද කැළඹිණ-. 19 ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල-, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළභට වඩින බව දැක -,යපත් වූ හ-. 20 එහෙත්-, උන් වහන්සේ ඔවුන් අමතා-, ''මේ මම ය-, -,ය නො වන්නැ''යි වදාළ සේක-. 21 ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ-. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණයේ ය-.

ජීවනදායක ආහාරය

22 පසු දින උදේ මුහුදෙන් එගොඩ සිටි සමූහයා-, එහි තිබුණේ එක ම ඔරුවක් පමණක් බවත්-, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමභ එයට නො නැඟුණු බවත්-, ශ්‍රාවක පිරිස පමණක් එයට නැඟී ගිය බවත් දැක සිටියහ-. 23 කෙසේ වුව ද-, සමිඳ්‍රණන් වහන්සේ තුති පිදූ පසු රොටි වළඳන ලද ස්ථානය සමීපයට තිබේරියස් සිට ඔරු පැමිණයේ ය-. 24 ජේසුස් වහන්සේ වත්-, ශ්‍රාවකයන් වත් එහි නො සිටි බව සමූහයා දුටු කල-, ඔව්හු ඒ ඔරුවලට නැඟී ජේසුස් වහන්සේ සොයමින් කපර්ණවුමට පැමිණයාහ-. 25 මුහුදෙන් එගොඩ දී උන් වහන්සේ හමු වී-, ''ගුරුදේවයෙනි-, ඔබ මෙහි වැඩියේ කොයි වේලේ දැ''යි ඔව්හු ඇසූ හ-. 26 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඒකාන්තයෙන් මම ඔබට කියමි-, ඔබ මා සොයන්නේ හාස්කමි දුටු නිසා නොව-, රොටි කා තෘප්තියට පැමිණ නිසා ය-. 27 නැති වී යන ආහාරය සඳහා නොව-, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න-. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය-. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය''යි වදාළ සේක-. 28 එබැවින් ඔව්හු-, ''දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව වැඩ කරන පිණස අප කුමක් කටයුතු දැ''යි ඇසූ හ-. 29 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ-, උන් වහන්සේ එවා වදාළ තැනැත්තාණන් ඔබ විසින් අදහාගැනීම ය''යි වදාළ සේක-. 30 එවිට ඔව්හු-, ''එසේ නමි-, අප විසින් දැක අදහාගන්නා පිණස ඔබ කවර හාස්කමක් දක්වන සේක් ද? කවර ක්‍රියාවක් කරන සේක් ද? 31 අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ-. 'බුදින පිණස එතුමෝ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ'යි ලියා ඇතැ''යි උන් වහන්සේට කී හ-. 32 එවිට ජේසුස් වහන්සේ-, ''ඒකාන්තයෙන් මම ඔබට කියමි-, ස්වර්ගයෙන් ඔබට ආහාරය දුන්නේ මෝසෙස් නොවේ; ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන් වහන්සේ ය-. 33 මන්ද-, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි-, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය''යි වදාළ සේක-. 34 ඔව්හු ද-, ''ස්වාමීනි-, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ''යි කී හ-. 35 ජේසුස් වහන්සේ කතා කොට-, ''ජීවනදායක ආහාරය මම ය-, මා වෙත පැමිණෙන යමෙක් වේ ද-, ඔහුට සාගිනි නොවන්නේ ය-. මා අදහන යමෙක් වේ ද-, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය-. 36 එහෙත් මා කී ලෙස ම-, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය-. 37 පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි-. 38 මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණස නොව-, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණස ය-. 39 මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත නමි-, උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකු වත් නැති වන්නට නෑර-, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැ-,ම ය-. 40 පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැ-,ම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය-. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි''යි වදාළ සේක-. 41 එවිට-, 'ස්වර්ගයෙන් පහළ වූ ආහාරය මම ය'යි උන් වහන්සේ වදාළ බැවින්-, ජුදෙව්වරු උන් වහන්සේ ගැන මැසිවිලි කියමින්-, 42 ''මොහු ජෝසෙප්ගේ පුත් ජේසුස් නොවේ ද? අප මොහුගේ මව ද පියා ද අඳුනන්නේ නැද් ද? 'මම ස්වර්ගයෙන් බැස්සෙමි'යි ඔහු දැන් කියන්නේ කෙසේ දැ''යි කී හ-. 43 ජේසුස් වහන්සේ ඔවුන් අමතමින්-, ''ඔබ අතරෙහි මැසිවිලි නොදොඩන්න-. 44 මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස-, අන් කිසිවෙකුට මා වෙතට පැමිණය නොහැකි ය-. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි-. 45 'සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති'යි දිවැසාවලියෙහි ලියා ඇත-. දෙවියන් වහන්සේට සවන් දී-, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති-. 46 දෙවියන් වහන්සේ වෙතින් පැමිණ තැනැන් වහන්සේ හැර-, අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැ යි මෙයින් අදහස් නොකරමි-, උන් වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත-. 47 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, අදහන්නාට සදාතන ජීවනය ඇත-. 48 ජීවනදායක ආහාරය මම ය-. 49 ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ-. 50 මෙය වනාහි-, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය-. 51 ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය-. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්-, ඔහු සදහට ම ජීවත් වන්නේ ය-. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ-. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණස ය''යි වදාළ සේක-. 52 එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්-, ''මේ මිනිසා-, ඔහුගේ මාංසය අනුභව කරන පිණස අපට දෙන්නේ කෙසේ දැ''යි කී හ-. 53 එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: ''ඒකාන්තයෙන් මම ඔබට කියමි-, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නමි-, ඔහුගේ රුය්රය පානය නොකරන්නහු නමි-, ඔබ තුළ ජීවනය නැත-. 54 යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද-, මාගේ රුය්රය පානය කරන්නේ ද-, ඔහුට සදාතන ජීවනය ඇත-. තවද-, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි-. 55 මන්ද-, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුය්රය සැබෑ පානය වේ-. 56 මාගේ මාංසය අනුභව කරන-, මාගේ රුය්රය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි-. 57 ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්-, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම-, මා අනුභව කරන තැනැත්තේ-, මා නිසා ජීවත් වෙයි-. 58 මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ-. එය අපේ පියවරුන් වැළ» ආහාර මෙන් නොවේ-. ඒ ආහාරය වැළ» ඔව්හු මළහ-. එහෙත්-, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය-.'' 59 උන් වහන්සේ කපර්ණවුමේ ධර්මශාලාවෙහි උගන්වමින් සිටිය දී මේ සියල්ල වදාළ සේක-.

සදාතන ජීවනය පිළිබඳ කියුමි

60 එය ඇසූ විට-, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් ''මෙය දරාගන්නට බැරි කීමකි-, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ''යි තමන් අතරේ කතා කරගත්හ-. 61 ශ්‍රාවකයන් මෙසේ මැසිවිලි කියන බව ජේසුස් වහන්සේ දිවැසින් දැන ඔවුන් අමතා-, ''මෙය ඔබට අධෛර්යයට පත්වීමට හේතුවක් ද? 62 එසේ නමි-, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද? 63 ජීවනය දෙන්නේ ආත්මය වේ-. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත-. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි-. 64 එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති''යි වදාළ සේක-. එසේ වදාළේ-, නොඅදහන්නෝ කවුරු ද කියාත්-, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්-, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි-. 65 එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා-, ''මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස-, අන් කිසිවෙකුට මා වෙතට පැමිණය නො හැකි බව මා කීවේ ඒ නිසා ය''යි වදාළ සේක-. 66 මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී-, තවත් උන් වහන්සේ අනුව නොගියහ-.

පේදුරුගේ ඇදහිල්ල

67 ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා-, ''ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ''යි ඇසූ සේක-. 68 සීමොන් පේදුරු පිළිතුරු දෙමින්-, ''ස්වාමීනි-, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය-. 69 ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ-වරයාණන් වහන්සේ බව අපි අදහමු-. එසේ ම ඒ බව දනිමු''යි කී ය-. 70 ජේසුස් වහන්සේ කතා කොට-, ''ඔබ දොළොස් දෙනා තෝරාගත්තේ මම නොවෙමි ද? ඒ නමුත් ඔබෙන් එක් කෙනෙක් යක්ෂයෙක් ය''යි වදාළ සේක-. 71 එසේ වදාළේ-, සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍ර වූ ජූදස් ගැන ය-. ජේසුස් වහන්සේ පාවා දෙන්නට සිටියේ දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ඔහු ය-.

යොහන් 7

සහෝදරයන්ගේ අවිශ්වාසය

1 ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටි සේක-. ජුදෙව්වරුන් තමන් මරන්නට සෙවූ බැවින්-, උන් වහන්සේ ජුදයෙහි සැරිසරන්ට නොකැමැති වූ සේක-. 2 එකල ජුදෙව්වරුන්ගේ කූඩාරමි මංගල්‍යය ළං ව ති-,ණ-. 3 එබැවින් උන් වහන්සේගේ සහෝදරයෝ කතා කොට-, ''ඔබ කරන ක්‍රියා ඔබේ ශ්‍රාවකයන් ද දකින පිණස මෙතැනින් පිටත් ව ජුදයට යන්න-. 4 එසේ කියන්නේ-, ප්‍රසිද්ධ වන්නට කැමැති කිසිවෙකු රහසින් කිසිත් නොකරන බැවිනි-. ඔබ මේ දේවල් කරන්නෙහි නමි-, ලෝකයාට ප්‍රකාශ වුව මැනවැ''යි කී හ-. 5 මන්ද-, සිය සහෝදරයෝ පවා උන් වහන්සේ අදහාගත්තේ නැත-. 6 ජේසුස් වහන්සේ ඔවුන් අමතා-, ''මගේ නියමිත මොහොත තව ම පැමිණ නැත-. එහෙත් ඔබට නමි කොයි වේලාවත් සුදුසු ය-. 7 ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය-. එහෙත්-, ලෝකයා මට ද්වේෂ කරති-. මන්ද-, 'ලෝකයාගේ ක්‍රියා නපුරු ය'යි මා සාක්ෂි දරන බැවිනි-. 8 ඔබ කැමැති නමි මංගල්‍යයට යන්න-. මාගේ නියමිත මොහොත තව ම පැමිණ නැති බැවින් මම නමි නොයමි''යි වදාළ සේක-. 9 උන් වහන්සේ මෙසේ වදාරා ගලීලයෙහි ම නැවතී සිටි සේක-.

ජේසුස් වහන්සේ කූඩාරමි මංගල්‍යයට යාම

10 එහෙත්-, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු-, උන් වහන්සේ ද ප්‍රසිද්ය්යේ නොව-, රහසින් මංගල්‍යයට වැඩිය සේක-. 11 එකල ජුදෙව්වරු මංගල්‍යයේ දී උන් වහන්සේ සොය සොයා ''ඔහු කොහේ දැ''යි විමසූ හ-. 12 සමූහයා අතර උන් වහන්සේ ගැන මහා කසුකුසුවක් ඇති විය-. සමහරුන් ''උන් වහන්සේ සත්පුරුෂයෙකැ''යි කී අතර-, සමහරු-, ''එසේ නොවේ-, ඔහු මහජනයා මුළා කරති''යි කී හ-. 13 එහෙත්-, ජුදෙව්වරුන්ට -,යෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ-. 14 මංගල්‍යයේ මැද හරියේ දී ජේසුස් වහන්සේ දේව මාලිගාවට වැඩම කර අනුශාසනා කරන්නට පටන්ගත් සේක-. 15 ඒ ගැන ජුදෙව්වරු මවිත ව ''කිසිකලෙක ඉගෙන නොගත් මේ මිනිසාට මේ සා උගත්කමක් කොයින් දැ''යි කී හ-. 16 එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාගේ ඉගැන්වීම මාගේ ම නොව-, මා එවා වදාළ තැනැන් වහන්සේගේ ය-. 17 යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නමි-, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය-. 18 තමාගේ ම අය්කාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි-. එහෙත්-, තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි-. වංක බවක් ඔහු තුළ නැත-. 19 ''මෝසෙස් ඔබට ව්‍යවස්ථාවලිය දුන්නා නොවේ ද? එහෙත් ඔබගෙන් කිසිවෙක් ව්‍යවස්ථාවලිය නොපිළිපදිති-. ඔබ මා මරන්නට සොයන්නේ මන්දැ''යි ඇසූ සේක-. 20 සෙනභ පිළිතුරු දෙමින්-, ''ඔබට දුෂ්ටාත්මයක් වැහී සිටියි; ඔබව මරන්න සොයන්නේ කවරෙක් දැ''යි ඇසූ හ-. 21 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මම එක් ක්‍රියාවක් සබත් දවසේ දී කෙළෙමි; ඊට ඔබ සියල්ලෝ ම තවමත් මවිත වී සිටිති-. 22 මෝසෙස් චර්මථේදන නීතිය ඔබට දී ඇත-. (එය මෝසෙස්ගෙන් පැවත එන්නක් නොව-, පියවරුන්ගෙන් පැවත එන්නකි)-. එහෙත්-, ඔබ සබත් දවසේ වුව ද චර්මථේදනය කරන්නහු ය-. 23 ඉදින්-, මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නො වන පරිදි-, මිනිසෙක් සබත් දවසේ දී චර්මථේදනය ලබන්නේ නමි-, සබත් දවසේ දී මා මිනිසෙකු සමිපූර්ණයෙන් ම සුවපත් කළ බැවින්-, ඔබ කෝප වන්නේ මන් ද? 24 බැලූ බැල්මට විනිශ්චය නොකරන්න; සාධාරණ විනිශ්චයක් ම කරන්නැ''යි වදාළ සේක-.

මොහු ක්‍රිස්තුවරයාණෝ ද?

25 එබැවින්-, ජෙරුසලමි වැසි ඇතැමෙක්-, ''ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද? 26 එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි-. එහෙත්-, ඔව්හු කිසිවක් ඔහුට නොකියති-. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද? 27 කෙසේ වෙතත්-, මොහු පැමිණයේ කොහෙන් දැ යි අපි දනිමු-. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණ විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති''යි කී හ-. 28 එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී හඬනඟා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක: ''ඔබ සැම මා දන්නහු ය-, මා පැමිණයේ කොතැනින් ද කියාත් දන්නහු ය-. එහෙත් මා පැමිණයේ-, මාගේ ම කැමැත්තෙන් නොවේ-. මා එවා වදාළේ සත්‍යය ම වන තැනැන් වහන්සේ ය-. ඔබ උන් වහන්සේ නොදන්නහු ය-. 29 එහෙත් මම උන් වහන්සේ දනිමි; කුමක් හෙයින් ද-, මම උන් වහන්සේ කෙරෙන් පැමිණයෙමි; මා එවා වදාළේ උන් වහන්සේ ය-.'' 30 මෙසේ වදාළ විට-, ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ-. ඒ නමුත්-, උන් වහන්සේගේ නියමිත මොහොත නොපැමිණ බැවින් කිසිවෙක් උන් වහන්සේ පිට අත් නොතැබූ හ-. 31 එසේ වුව ද-, සෙනභගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගෙන-, ''ක්‍රිස්තුවරයාණන් වැඩම කළ විට-, මේ මිනිසා කර ඇති හාස්කමිවලට වඩා යමක් එතුමාණන් කරනු ඇද්දැ''යි ඇසූ හ-.

ජේසුස් වහන්සේ අල්ලාගැනීමට

මුර සේවකයන් යැවීම

32 සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ-. 33 ජේසුස් වහන්සේ ඔවුන් අමතා-, ''තව ටික කලක් මම ඔබ සමභ සිටිමි; ඉන්පසු මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි-. 34 ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සමිබ වන්නේ නැත-. ඔබට මා සිටින තැනට පැමිණය නොහැකි ය''යි වදාළ සේක-. 35 එබැවින් ජුදෙව්වරු ඔවුනොවුන් අතර කතා කරමින්-, ''මොහු අපට සමිබ නොවන පරිදි-, කොතැනට යන්නේ ද? ග්‍රීකයන් අතර විසිර සිටින ජුදෙව්වරුන් වෙත ගොස් ග්‍රීකයන්ට උගන්වනු ඇද් ද? 36 'ඔබ මා සොයන්නහු ය-, එහෙත් ඔබට මා සමිබ වන්නේ නැත; ඔබට මා සිටින තැනට පැමිණය නොහැකි ය'යි ඔහු කී කියමනේ තේරුම කුමක් දැ''යි ඇසූ හ-.

ජීවනදායක ජලධාරා

37 මංගල්‍යයේ අවසාන මහා දවසේ දී-, ජේසුස් වහන්සේ නැඟිට-, හඬනඟා-, ''යමෙක් පිපාසයෙන් සිටිත් නමි-, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා! 38 ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය''යි ප්‍රකාශ කළ සේක-. 39 උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය-. ශුද්ධාත්මයාණන් ඒ තාක් නොදෙන ලද්දේ ය; මන්ද-, ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි-.

මිනිසුන් අතර මතභේද

40 මේ වචන ඇසූ කල සෙනභගෙන් සමහරු-, ''මොහු-, සැබැවින් ම ඒ දිවැසි-වරයාණෝ ය''යි කී හ-. 41 අන් සමහරු-, ''මේ ක්‍රිස්තුස් ය''යි කී හ-. තවත් සමහරු ''ක්‍රිස්තුවරයාණන් වඩින්නේ ගලීලයෙන් ද? 42 ක්‍රිස්තුවරයාණන් දාවිත්ගේ වංශයෙන්-, දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්-, වඩින බව ශුද්ධ ලියවිල්ලෙහි ලියා නැද්දැ''යි ඇසූ හ-. 43 මෙසේ උන් වහන්සේ නිසා සමූහයා අතර භේදයක් හටගත්තේ ය-. 44 ඔවුන් අතරෙන් සමහරෙක් උන් වහන්සේ අල්ලාගන්නට සිතූ හ-. එහෙත්-, කිසිවෙක් උන් වහන්සේ පිට අත නොතැබූ හ-.

අය්කාරි බලය ඇත්තන්ගේ අවිශ්වාසය

45 ඉක්-,ති-, මුර සේවකයෝ නායක පූජකයන් ද පරිසිවරුන් ද වෙතට පෙරළා පැමිණයහ-. ඔව්හු ද-, ''නුඹලා ඔහු නොගෙනාවේ මන්දැ''යි ඇසූ හ-. 46 ''කවර මිනිසෙක් වත් මෙසේ කතා නොකෙළේ ය''යි මුර සේවකයෝ පිළිතුරු දුන්හ-. 47 පරිසිවරු පිළිතුරු දෙමින්-, ''නුඹලාත් මුළා වූවාහු ද? 48 ප්‍රධානීන්ගෙන් වත් පරිසිවරුන්ගෙන් වත් කිසිවෙක් ඔහු අදහා-ගත්තෝ ද? 49 ව්‍යවස්ථාව නොදත් මේ සෙනභ සාප ලද්දෝ ය''යි කී හ-. 50 ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ-, මීට පෙර උන් වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට-, 51 ''පළමුකොට යමි මිනිසකුගෙන් කරුණු නොවිමසා-, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුමි නොගෙන-, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ''යි ඔවුන්ගෙන් ඇසී ය-. 52 ඔව්හු පිළිතුරු දෙමින්-, ''ඔබත් ගලීලයෙක් ද? ගලීලයෙන් දිවැසිවරයෙක් එන්නේ ද කියා සොයා බලන්නැ''යි කී හ-. ෆ53 එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ-.

යොහන් 8

පව්කාරියට ගල් ගැසීම

1 එහෙත්-, ජේසුස් වහන්සේ ඔලීව කන්දට වැඩම කළ සේක-. 2 අලුයම උන් වහන්සේ දේව මාලිගාවට වැඩිය සේක-. මුළු සෙනභ උන් වහන්සේ වෙත පැමිණයහ-. උන් වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක-. 3 එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා-, 4 ''ගුරුදේවයෙනි-, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලා-ගන්නා ලද්දී ය-. 5 මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ''යි උන් වහන්සේගෙන් ඇසූ හ-. 6 ඔවුන් මෙසේ ඇසුවේ-, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි-. එහෙත්-, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් -,ම ලියූ සේක-. 7 ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී-, උන් වහන්සේ කෙළින් සිට-, ඔවුන් අමතා-, ''ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ''යි වදාරා 8 නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් -,ම ලියූ සේක-. 9 ඔවුන් ඒ වචන ඇසූ විට-, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය-. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද-, ඒ ස්ත්‍රිය ද පමණකි-. 10 ජේසුස් වහන්සේ කෙළින් සිට-, ඈට කතා කොට-, ''ස්ත්‍රිය-, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ''යි ඇසූ සේක-. 11 ''ස්වාමීනි නැතැ''යි ඈ කීවා ය-. ''මමත් ඔබට වරද නොතබමි; යන්න-, මින්පසු තවත් පව් නොකරන්නැ''යි උන් වහන්සේ ඇයට වදාළ සේක-.

ලෝකාලෝකයාණෝ

12 යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය''යි වදාළ සේක-. 13 එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්-, ''ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ''යි කී හ-. 14 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්-, ''මා ගැන ම මා සාක්ෂි දරන නමුදු-, මාගේ සාක්ෂිය වලංගු ය; මන්ද මම කොතැනින් ආයෙමි ද-, කොතැනට යන්නෙමි දැ යි දනිමි-. එහෙත්-, මා එන්නේ කොතැනින් ද; යන්නේ කොතැනට ද කියා ඔබ නොදන්නහු ය-. 15 ඔබ මනුෂ්‍ය මිමිමෙන් විනිශ්චය කරන්නහු ය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි-. 16 එහෙත් මා විනිශ්චය කළත්-, මාගේ විනිශ්චය සැබෑ ය-. මන්ද-, මා විනිශ්චය කරන්නේ තනියම නොව-, මා එවා වදාළ පියාණන් වහන්සේත් සමභ ය-. 17 'දෙදෙනෙකුගේ සාක්ෂිය වලංගු ය'යි ඔබේ ව්‍යවස්ථාවෙහි ලියා ඇත-. 18 මම මා ගැන ම සාක්ෂි දරමි; මා එවා වදාළ පියාණන් වහන්සේ ද මා ගැන සාක්ෂි දරන සේකැ''යි වදාළ සේක-. 19 එබැවින් ඔව්හු ''ඔබේ පියා කොහේ දැ''යි ඇසූ හ-. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඔබ මා හඳුනන්නේ නැත-, මාගේ පියාණන් හඳුනන්නේත් නැත-. ඔබ මා හඳුනන්නහු නමි මාගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ''යි වදාළ සේක-. 20 උන් වහන්සේ මේ වචන වදාළේ දේව මාලිගාවේ උගන්වන අතර-, පඬුරු ගබඩාවේ දී ය-. එහෙත් කිසිවෙක් උන් වහන්සේ අල්ලා ගත්තේ නැත-. මන්ද-, උන් වහන්සේගේ නියමිත මොහොත ඒ තාක් නොපැමිණ බැවිනි-.

මම දෙවියන් වහන්සේ ම ය

21 ජේසුස් වහන්සේ යළිත් ඔවුන්ට කතා කොට-, ''මම ඉවත් ව යමි-. ඔබ මා සොයන්නහු ය-. එහෙත් ඔබ ඔබේ පාපයෙහි මැරෙන්නහු ය-. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය''යි වදාළ සේක-. 22 එවිට ජුදෙව්වරු-, '' ' මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය'යි මොහු කියන්නේ සිය පණ හානි කරගන්නට යන නිසා වත් දැ''යි ඇසූ හ-. 23 එබැවින් උන් වහන්සේ-, කතා කොට-, ''ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි-. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි-. 24 ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි-. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය''යි වදාළ සේක-. 25 එබැවින් ඔව්හු-, ''ඔබ කවරහු දැ''යි ඇසූ හ-. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මා ඔබට කී පරිදි-, මම මුල සිට ම ඔබට කී තැනැත්තා ම ය-. 26 ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත-. එහෙත් මා එවා වදාළ තැනැන් වහන්සේ සත්‍යය බැවින් උන් වහන්සේගෙන් මා ඇසූ දේ මම ලෝකයාට ප්‍රකාශ කරමි''යි වදාළ සේක-. 27 උන් වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කළ බව ඔවුන්ට අවබෝධ නො වී ය-. 28 එබැවින් ජේසුස් වහන්සේ කතා කොට-, ''ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්-, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස-, මාගේ ම අය්කාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්-, ඔබට අවබෝධ වනු ඇත-. 29 මා එවා වදාළ තැනැන් වහන්සේ මා සමභ වැඩ වසන සේක-. උන් වහන්සේ මා තනි වෙන්නට නොහැරිය සේක-. මන්ද-, මා නිරතුරු උන් වහන්සේට පි‍්‍රය මනාප දේ කරන බැවිනි''යි වදාළ සේක-. 30 උන් වහන්සේ මෙසේ කතා කරන අතර-, බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ-.

විමුක්තිදායක සත්‍යය

31 එබැවින්-, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට-, ''ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නමි-, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය; 32 ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය''යි වදාළ සේක-. 33 ඔව්හු පිළිතුරු දෙමින්-, ''අපි ආබ්‍රහමිගේ වංශයෙන් වමිහ; කිසි කලෙක කිසිවෙකුට අපි වහල් නොවීමු-. එබැවින් 'අප නිදහස් වනු ඇත' කියා ඔබ කියන්නේ කෙසේ දැ''යි ඇසූ හ-. 34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඒකාන්තයෙන් මම ඔබට කියමි-, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි-. 35 වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත-. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත-. 36 එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නමි-, ඔබ සැබැවින් ම නිදහස් ය-. 37 ඔබ ආබ්‍රහමිගේ වංශයෙන් පැවත එන බව මම දනිමි-. එසේ වුව ද-, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය-. 38 මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය''යි වදාළ සේක-. 39 ''අපේ පියාණෝ ආබ්‍රහමි ය''යි ඔව්හු උන් වහන්සේට පිළිතුරු දුන්හ-. උන් වහන්සේ ද-, ''ඔබ ආබ්‍රහමිගේ දරුවෝ නමි ආබ්‍රහමි කළ ක්‍රියා ඔබත් කරනු ඇත-. 40 එසේ වුව ද-, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය-. ආබ්‍රහමි නමි එසේ කෙළේ නැත-. 41 ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය''යි වදාළ සේක-. එවිට ඔව්හු; ''අපි අවජාතක දරුවෝ නොවෙමු-. අපට ඇත්තේ එක ම පියෙකි; එනමි-, දෙවියන් වහන්සේ ම ය''යි කී හ-. 42 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්-, ''දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නමි ඔබ මට ප්‍රේම කරනු ඇත-. මන්ද-, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි-. මාගේ ම කැමැත්තෙන් මා පැමිණයා නොව-, උන් වහන්සේ මා එවා වදාළ සේක-. 43 මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුමි ගැනීමට ඔබ අපොහොසත් බැවිනි-. 44 ඔබේ පියා යක්ෂයා ය-. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය-. මුල සිට ම ඔහු මිනීමරුවෙකි-. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්-, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය-. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි-. මන්ද-, ඔහු බොරුකාරයෙකි-. ඔහු බොරුවේ පියා ය-. 45 මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය-. 46 පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙමි නමි-, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද? 47 දෙවියන් වහන්සේගෙන් පැවතෙන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි-. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් නොවන බැවිනැ''යි වදාළ සේක-.

ආබ්‍රහමිට පළමුවෙන් මම වීමි

48 ජුදෙව්වරු උත්තර දෙමින්-, ''ඔබ සමාරියයෙකු බවත්-, ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බවත් අප කියන විට එය ඇත්ත නොවේ දැ''යි ඇසූ හ-. 49 උන් වහන්සේ එයට පිළිතුරු දෙමින්-, ''මට දුෂ්ටාත්මයක් ආවේශ වී නැත-. මා ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේට ය-. එහෙත් ඔබ මට අගෞරව කරන්නහු ය-. 50 එසේ වුව ද-, මම මාගේ ම ගෞරවය නොසොයමි-. එය සොයන-, විනිශ්චය කරන-, කෙනෙක් සිටිති-. 51 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නමි-, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය''යි වදාළ සේක-. 52 ජුදෙව්වරු කතා කරමින්-, ''ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු-. ආබ්‍රහමි මියගියේ ය; දිවැසිවරයෝ ද මියගියහ-. එහෙත් ඔබ-, 'යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නමි-, ඔහු කිසි කලෙක නොමැරෙන්නේ ය'යි කියන්නෙහි ය-. 53 මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහමිට වඩා ඔබ උතුමි ද? දිවැසිවරයෝ පවා මියගියහ-. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ''යි ඇසූ හ-. 54 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මම මට ම ගෞරව කරන්නේ නමි-, මාගේ ගෞරවයෙහි වැදගැමිමක් නැත-. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය-. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය-. 55 ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය-. එහෙත් මම උන් වහන්සේ හඳුනමි-. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්-, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි-. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි-. 56 ඔබේ පිය වූ ආබ්‍රහමි මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය-. ඔහු එය දැක ප්‍රීති වී ය''යි වදාළ සේක-. 57 ජුදෙව්වරු පිළිතුරු දෙමින්-, ''තව ම වයස අවුරුදු පණහක් වත් නැති ඔබ ආබ්‍රහමි දුටුවේ කෙසේ දැ''යි ඇසූ හ-. 58 ''ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, ආබ්‍රහමි උපදින්නටත් පෙර මම වෙමි''යි උන් වහන්සේ වදාළ සේක-. 59 ඔව්හු උන් වහන්සේට ගසන පිණස ගල් අතට ගත්හ-. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව-, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක-.

යොහන් 9

ජාත්‍යන්ධයෙකු සුවපත් කිරීම

1 උන් වහන්සේ වඩිනා කල්හි-, උපන් දා සිට අන්ධ වූ මිනිසෙකු දුටු සේක-. 2 ''ගුරුදේවයෙනි-, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසා දැ''යි ශ්‍රාවකයෝ උන් වහන්සේගෙන් ඇසූ හ-. 3 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණස ය-. 4 දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය-. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය-. 5 මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි''යි වදාළ සේක-. 6 මෙසේ කියමින් උන් වහන්සේ -,මට කෙළ පිඬක් ගසා-, එයින් මඩ සාදා-, ඔහුගේ නෙත්වල ගල්වා-, 7 ''ගොස් සිලෝවමි පොකුණෙන් සෝදා ගන්නැ''යි වදාළ සේක-. (සිලෝවමි යන්නෙහි අර්ථය 'එවන ලද්දේ ය' යනු යි-.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණයේ ය-. 8 අසල්වාසීහු ද-, පෙර ඔහු සිභනු දුටු අය ද-, ''මේ-, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ''යි ඇසූ හ-. 9 ''මේ ඔහු ම ය''යි සමහරු කී හ-. ''නැත-, ඔහු නොවේ-, ඔහුට සමාන අන් අයෙකැ''යි වෙනත් අය-, කී හ-. එහෙත්-, ''මම ඒ මිනිසා ම ය''යි ඔහු කී ය-. 10 ''එසේ නමි නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ''යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ-. 11 ඔහු පිළිතුරු දෙමින්-, ''ජේසුස් නමි කෙනෙක් මඩ සාදා මගේ ඇස්වල ගල්වා-, 'සිලෝවමි පොකුණට ගොස් සෝදාගන්නැ'යි මට කී හ-. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි''යි කී ය-. 12 ''ඒ තැනැත්තා කොහේ දැ''යි ඔව්හු ඇසූ හ-. ''මම නො දනිමි''යි ඔහු කී ය-.

අන්ධයාගේ සුවය ගැන වගවිභාගය

13 ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ-. 14 ජේසුස් වහන්සේ මඩ පිඬක් සාදා ඔහුගේ ඇස් පෑදුවේ සබත් දවසක දී ය-. 15 එබැවින් ඔහුට පෙනීම ලැබුණේ කොහොම දැ යි නැවතත් පරිසිවරු ඔහුගෙන් ඇසූ හ-. ඔහු පිළිතුරු දෙමින්-, ''උන් වහන්සේ මාගේ ඇස්වල මඩ ගැල්වූ සේක: මම සෝදාගතිමි; එවිට පෙනීම ලදිමි''යි කී ය-. 16 එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්-, ''ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණයෙක් නොවේ ය''යි කී හ-. එහෙත් අන් සමහරෙක්-, ''පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කමි කළ හැක්කේ කෙසේ දැ''යි ඇසූ හ-. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය-. 17 එබැවින් ඔව්හු නැවතත් අන්ධයාට කතා කොට-, ''නුඹේ ඇස් පෑදුවේ ඒ මිනිසා නමි-, ඔහු ගැන නුඹේ අදහස කුමක් දැ''යි ඇසූ හ-. ''ඔහු නමි දිවැසිවරයෙකැ''යි හෙතෙම පිළිතුරු දුන්නේ ය-. 18 ඔහු අන්ධ ව සිටි බවත්-, පසුව පෙනීම ලැබූ බවත්-, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ-. 19 ''මේ මිනිසා ඔබේ පුතා ද? ඇත්තට ම ඔහු අන්ධ ව උපන්නේ ද? එසේ නමි දැන් ඔහුට පෙනෙන්නේ කෙසේ දැ''යි ඔව්හු දෙමවුපියන්ගෙන් ප්‍රශ්න කළහ-. 20 ඔහුගේ මවුපියෝ පිළිතුරු දෙමින්-, ''මේ අපගේ පුත්‍රයා බව අපි දනිමු-, ඔහු අන්ධ ව උපන් බවත් අපි දනිමු-. 21 එහෙත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ යි අපි නොදනිමු-. ඔහුගේ ඇස් පෑදුවේ කවරෙක් ද කියාත් අපි නොදනිමු-. ඔහුගෙන් ම අසන්න; දැන් ඔහු තේරෙන වයසැති කෙනෙකි-. තමා ගැන ම කතා කරන්නට ඔහුට පුළුවනැ''යි කී හ-. 22 ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට -,යෙනි-. මන්ද-, 'යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නමි ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය'යිජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි-. 23 ඒ නිසා ඔහුගේ මවුපියෝ-, ''ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ''යි කී හ-. 24 ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා-, ''දෙවියන් වහන්සේ ඉදිරියේ ෆඇත්ත කියන්න; මේ මිනිසා නමි පව්කාරයෙකු බව අපි දනිමු''යයි කී හ-. 25 එවිට ඔහු පිළිතුරු දෙමින්-, ''ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි-, දැන් මට පෙනේ'' යයි කී ය-. 26 එවිට ඔව්හු-, ''ඔහු ඔබට කුමක් කෙළේ ද? ඔබේ ඇස් පැහැදුවේ කොහොම දැ''යි ඔහුගෙන් ඇසූ හ-. 27 ඔහු පිළිතුරු දෙමින්-, ''මම කලින් ඔබට කීවෙමි-, එහෙත් ඔබ මගේ කීම ඇසුවේ නැත-. ඔබ එය නැවතත් අසන්නට තැත් කරන්නේ මන් ද? ඔබත් උන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්නට අදහස් කරන නිසා වත් දැ''යි ඇසී ය-. 28 ඔව්හු ඔහුට බැණවදිමින්-, ''ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නමි මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වමිහ-. 29 දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු-. එහෙත් මේ මිනිසා ගැන නමි-, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු''යි කී හ-. 30 ඒ මිනිසා පිළිතුරු දෙමින්-, ''මෙය මහ පුදුමයක්! ඔහු කොතැනින් ආවේ දැ යි ඔබ නොදන්නහු ය; එහෙත් මාගේ ඇස් පෑදුවේ ඔහු ය-. 31 දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත්-, දේව භක්තිය ඇති-, දේව කැමැත්ත කරන-, යමෙකු ඇත්නමි ඔහුගේ බස් අසන බවත් අපි දනිමු-. 32 යමි කිසිවෙකු අන්ධ ව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් ඇසූ දෙයක් නොවේ-. 33 මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණයෙක් නමි කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය''යි කී ය-. 34 ඔව්හු පිළිතුරු දෙමින්-, ''උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ''යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ-.

ආධ්‍යාත්මික අන්ධකම

35 ඔවුන් ඒ මිනිසා නෙරපාදැමූ බව ජේසුස් වහන්සේට ආරංචි වී-, ඔහු හමු වූ පසු-, ''ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් අදහන්නෙහි දැ''යි ඇසූ සේක-. 36 ''ස්වාමීනි-, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණස මට කියන්නැ''යි ඔහු යැදී ය-. 37 ''ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමභ කතා කරන තැනැත්තේ එතුමා ය''යි පිළිතුරු දුන් සේක-. 38 ඔහු ද-, ''ස්වාමීනි-, මම අදහමි''යි කියා පසභ පිහිටුවා උන් වහන්සේට වැන්දේ ය-. 39 ජේසුස් වහන්සේ කතා කොට: ''මා මෙලොවට වැඩියේ විනිශ්චය සඳහා ය-. එයින්-, පෙනීම නැත්තන්ට පෙනීම ඇති වනු ඇත-, පෙනීම ඇත්තන්ට පෙනීම නැති වනු ඇතැ''යි වදාළ සේක-. 40 උන් වහන්සේ සමභ සිටි පරිසි-වරුන්ගෙන් ඇතැමෙක් එය අසා-, ''අපිත් අන්ධයෝ දැ?''යි උන් වහන්සේගෙන් ඇසූ හ-. 41 උන් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඔබ අන්ධ ව සිටියා නමි ඔබට පාපයක් නැත-. එහෙත් දැන් 'අපට පෙනේ ය'යි ඔබ කියන නිසා ඔබේ පාපය එසේ ම පවතී ය''යි ඔවුන්ට වදාළ සේක-.

යොහන් 10

බැටළු ගාල පිළිබඳ උපමාව

1 ජේසුස් වහන්සේ කතා කරමින්-, ''ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ-. 2 එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඩේරා ය-. 3 දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති-. ඔහු තමාගේ ම බැටළුවන්ට නමි කියා අඬගසා උන් පිටතට ආ විට-, 4 උන්ට පෙරටුව යයි; බැටළුවෝ ද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති-. 5 එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස්සේ නොයති; එපමණක් නොව-, ඔහු වෙතින් පලා යති-. මන්ද-, උන් අමුත්තන්ගේ කටහඬ නාඳුනන බැවිනි''යි වදාළ සේක-. 6 ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට වදාළ නමුත්-, එයින් කුමක් අදහස් කළ සේක් දැ යි ඔව්හු තේරුමි නොගත්හ-.

යහපත් එඩේරාණෝ

7 එහෙයින්-, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා-, ''ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-. බැටළුවන්ට දොරටුව මම ය-. 8 මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති-. බැටළුවෝ ඔවුන්ට ඇහුමිකන් නුදුන්හ-. 9 දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය-. 10 සොරා එන්නේ සොරකමි කරන්නටත්-, මරන්නටත්-, විනාශ කරන්නටත් පමණකි-. මා පැමිණයේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණස ය-. සපුරා ම එය ලැබෙන පිණස ය-. 11 ''යහපත් එඩේරා මම වෙමි-. යහපත් එඩේරා-, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය-. 12 එඩේරෙකු නොවන-, එසේ ම බැටළුවන්ගේ අයිතිකාරයා ද නොවන කුලීකාරයා-, වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේ ය-. වෘකයා ද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේ ය-. 13 ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්-, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය-. 14 ''යහපත් බැටළු එඩේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති-. 15 පියාණන් වහන්සේ මා ද-, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්-, මම මාගේ බැටළුවන් අඳුනමි-. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි-. 16 තවද-, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ-. මා ඔවුන් ද ගෙන ආ යුතු ය-. ඔව්හු මාගේ හඬට ඇහුමිකන් දෙති-. මෙසේ එක රැළක් ද එක එඩේරෙක් ද වන්නාහ-. 17 ''මා පියාණන් මට ප්‍රේම කරන්නේ-, මා නැවත ලබන පිණස මාගේ දිවි පුදන බැවිනි-. 18 කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති-. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි-. එය පුදන්නට මට බලය තිබේ-. එය යළි ලබන්නට ද මට බලය තිබේ-. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි''යි වදාළ සේක-. 19 මේ වදන් නිසා ජුදෙව්වරුන් අතර නැවත භේදයක් හටගත්තේ ය-. 20 ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්-, ''ඔහුට දුෂ්ටාත්මයක් වැහී ඇත; සිහිවිකල වී ඇත; ඔහුට කන්දෙන්නේ කුමට දැ''යි කී හ-. 21 ''මේවා දුෂ්ටාත්මාවේශ වූවකුගේ කීමි නොවේ; අන්ධයන්ගේ ඇස් පහදන්නට දුෂ්ටාත්මයකට පුළුවන් දැ''යි සෙසු අය කී හ-.

ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැ-,ම

22 එකල ජෙරුසලමේ-, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැ-, ය-. 23 ඒ ශීත සෘතුව විය-. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක-. 24 එබැවින් ජුදෙව්වරු පැමිණ උන් වහන්සේ වටකරගෙන-, ''ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්‍රිස්තුවරයාණෝ නමි පැහැදිලි ලෙස අපට කිව මැනවැ''යි කී හ-. 25 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්-, ''ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය-. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති-. 26 එහෙත්-, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්-, මා විශ්වාස නොකරන්නහු ය-. 27 මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති-. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති-. 28 මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි-. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති-. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති-. 29 ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය-. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය-. 30 මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය''යි වදාළ සේක-. 31 උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ-. 32 එවිට ජේසුස් වහන්සේ කතා කොට-, ''පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි-. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ''යි ඇසූ සේක-. 33 ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්-, ''අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව-, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය''යි කී හ-. 34 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්-, '' 'ඔබ දෙවිවරු ය'යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? 35 එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය-. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි-, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක-. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය-. 36 එසේ නමි-, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා 'මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා'යි කී නිසා-, 'ඔබ දේවාපහාස කරන්නෙහි ය'යි මා ගැන කියන්නහු ද? 37 මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරමි නමි-, මා විශ්වාස නොකරන්න-. 38 එහෙත් මම ඒවා කරමි නමි-, ඔබ මා විශ්වාස නොකරතත්-, මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද-, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැ''යි වදාළ සේක-. 39 නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ-. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක-. 40 උන් වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්-, එහි නැවතී සිටි සේක-. 41 බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: ''ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය''යි කී හ-. 42 එහි දී බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ-.

යොහන් 11

ලාසරස්ගේ මරණය

1 මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගම වන බෙතානියෙහි ලාසරස් නමි එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේ ය-. 2 මේ මරියා වනාහි-, සමිඳ්‍රණන් වහන්සේ සුවඳ විලේපනයෙන් ආලේප කර-, සිය හිසකේවලින් උන් වහන්සේගේ පාද පිස දැමූ තැනැත්තිය ය-. රෝගාතුර ව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය-. 3 එබැවින් ඒ සොහොයුරියෝ-, ''ස්වාමීනි-, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය''යි උන් වහන්සේට දන්වා යැවූ හ-. 4 ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට-, ''මේ රෝගය මරණයෙන් කෙළවර වන්නක් නොවේ; මෙය දේව මහිමය සඳහා ය; මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පමුණුවනු ලබන සේකැ''යි වදාළ සේක-. 5 ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක-. 6 එහෙත් ඔහු අසනීපයෙන් සිටින බව උන් වහන්සේට සැළ වූ පසු-, තමන් සිටි ස්ථානයෙහි ම දෙදිනක් නතර වී සිටි සේක-. 7 ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් අමතා-, ''අපි යළිත් ජුදා දේශයට යමු''යි වදාළ සේක-. 8 ශ්‍රාවකයෝ ද-, ''ගුරුදේවයෙනි-, මේ ළභ දී ජුදෙව්වරු ඔබට ගල් ගසන්නට මාන බැලූ හ-. ඉදින් ඔබ නැවතත් එහි වඩින සේක් දැ''යි ඇසූ හ-. 9 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''දිවා කාලයට දොළොස් පැයක් තිබෙනවා නොවේ ද? යමෙක් දවල් කාලයෙහි ඇවිදින්නේ නමි-, මෙලොව එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිළෙයි-. 10 එහෙත් යමෙක් රාත්‍රි කාලයෙහි ඇවිදින්නේ නමි-, ඔහු තුළ එළිය නැති නිසා ඔහු පැකිළේ ය''යි පැවසූ ජේසුස් වහන්සේ නැවතත් ඔවුන් අමතා-, 11 ''අප හිතමිත්‍ර ලාසරස් සැතපී සිටියි; ඔහු පුබුදුවන පිණස යන්නෙමි''යි වදාළ සේක-. 12 එවිට ශ්‍රාවකයෝ කතා කොට-, ''ස්වාමීනි-, ඔහු සැතපී සිටී නමි ඔහුට සුව වනු ඇතැ''යි කී හ-. 13 සැතපීම යන්නෙන් ජේසුස් වහන්සේ අදහස් කෙළේ ලාසරස්ගේ මරණය ය-. එහෙත් ඔවුන් එය තේරුමිගත්තේ නිදාගැන්ම යනුවෙනි-. 14 එබැවින් ජේසුස් වහන්සේ පැහැදිලි ලෙස කතා කරමින්-, ''ලාසරස් මියගොස් ඇත-. 15 ඔබ විශ්වාස කරන පිණස-, ඔබගේ ම යහපත සඳහා-, මා එහි නොසිටීම ගැන ප්‍රීති වෙමි-. එසේ වී නමුත්-, අපි ඔහු වෙතට යමු''යි වදාළ සේක-. 16 'නිවුන්නා' යයි නමි ලත් තෝමස් අනෙක් ශ්‍රාවකයන් අමතා-, ''උන් වහන්සේ සමභ නසින පිණස අපිත් යමු''යි කී හ-.

පුනරුජ්ජීවනය ද ජීවනය ද වන

ජේසුස් වහන්සේ

17 ජේසුස් වහන්සේ වැඩම කළ විට-, ලාසරස් සොහොන් ගෙයි තබා එදිනට දින සතරක් වූ බව දැනගත් සේක-. 18 බෙතානිය ජෙරුසලමට ආසන්න ය; දුර කිලෝමීටර් තුනක් පමණ ය-. 19 මාර්තාගේ හා මරියාගේ සහෝ-දරයාගේ මරණය ගැන අසා-, ඔවුන් සනසන පිණස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ-. 20 ජේසුස් වහන්සේ වඩින බව මාර්තාට ආරංචි වූ විට-, ඈ උන් වහන්සේ හමුවන්නට පෙරමභට ගියා ය-. එහෙත් මරියා ගෙදර නැවතී සිටියා ය-. 21 මාර්තා කතා කරමින්-, ''ස්වාමීනි-, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නමි මාගේ සහෝදරයා මැරෙන්නේ නැත-. 22 දැන් වුවත් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්-, දෙවියන් වහන්සේ ඔබට එය දෙන බව මම දනිමි''යි කීවා ය-. 23 ''ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය''යි ජේසුස් වහන්සේ ඇයට වදාළ සේක-. 24 මාර්තා පිළිතුරු දෙමින්-, ''අන්තිම දවසේ-, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි''යි කීවා ය-. 25 ජේසුස් වහන්සේ කතා කරමින්-, පුන-රුජ්ජීවනය ද-, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; 26 ජීවත් ව සිටින-, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය-. ඔබ මෙය අදහන්නෙහි දැ''යි ඇසූ සේක-. 27 ඈ පිළිතුරු දෙමින්-, ''ඔබ ක්‍රිස්තු-වරයාණන් බවත්-, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්-, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි''යි කීවා ය-.

ජේසුස් වහන්සේ දුක් වීම

28 මාර්තා මෙසේ පවසා-, ගොස්-, ඇගේ සොහොයුරිය වූ මරියා කැඳවා-, ''ගුරු-දේවයාණෝ වැඩම කර සිටිති; උන් වහන්සේ ඔබ කැඳවති''යි රහසින් කීවා ය-. 29 ඈ ඒ අසා නැඟිට වහා ම උන් වහන්සේ වෙතට ගියා ය-. 30 ඒ වන තුරු ජේසුස් වහන්සේ ගමට ඇතුළු නොවී-, උන් වහන්සේට මාර්තා හමු වූ ස්ථානයෙහි ම නතර වී සිටි සේක-. 31 එවිට මරියා සනසමින් ඈ සමභ ගෙයි සිටි ජුදෙව්වරු-, ඈ විගස නැඟිට බැහැර යනු දැක-, ඈ හඬන පිණස සොහොන් ගේ ළභට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ-. 32 මරියා ජේසුස් වහන්සේ සිටි තැනට අවුත්-, උන් වහන්සේ දුටු කෙණෙහි පාමුල වැටී-, ''ස්වාමීනි-, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නමි මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැ''යි කීවා ය-. 33 ජේසුස් වහන්සේ-, ඈ ද ඈ සමභ ආ ජුදෙව්වරුන් ද හඬනු දැක-, සිතින් සුසුමිලා කැළඹී-, 34 ''ඔහු කොතැන තැන්පත් කළාහු දැ''යි ඇසූ සේක-. ''ස්වාමීනි-, ඇවිත් බැලුව මැනැවැ''යි ඔව්හු කී හ-. 35 ජේසුස් වහන්සේ හැඬූ සේක-. 36 එබැවින් ජුදෙව්වරු-, ''බලන්න-, උන් වහන්සේ මොහුට ප්‍රේම කළ තරම ය''යි කී හ-. 37 එහෙත් ඔවුන්-ගෙන් සමහරෙක්-, ''අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නමි-, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ''යි කී හ-.

ලාසරස් මරණයෙන් උත්ථාන කිරීම

38 එවිට-, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී-, සොහොන් ගේ ළභට පැමිණ සේක-. එය වනාහි ගල් ගුහාවකි-. එහි කට ගලකින් වසා ති-,ණ-. 39 ''ගල ඉවත් කරන්නැ''යි ජේසුස් වහන්සේ වදාළ සේක-. ''ස්වාමීනි-, ඔහු මියගොස් සතර දිනකි-, දැන් දුගඳත් ඇතැ''යි මළ තැනැත්තාගේ සොහොයුරියක වූ මාර්තා කීවා ය-. 40 ජේසුස් වහන්සේ කතා කොට-, ''ඔබට ඇදහිල්ල ඇත්නමි ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ''යි ඈට වදාළ සේක-. 41 එවිට ඔව්හු ගල ඉවත් කළහ-. ජේසුස් වහන්සේ ඇස් ඔසවා-, ''පියාණෙනි-, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි-. 42 සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි-. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණස ය''යි වදාළ සේක-. 43 උන් වහන්සේ මෙසේ කියා-, ''ලාසරස් පිටතට එන්නැ''යි මහ හඩින් වදාළ සේක-. 44 මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය-. ''මොහුගේ බැමි ලිහා-, යන්නට හරින්නැ''යි ජේසුස් වහන්සේ වදාළ සේක-. 45 මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ-. 46 එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසිවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ දේවල් ඔවුන්ට සැළ කළහ-.

ජේසුස් වහන්සේ නැසීමේ කුමන්ත්‍රණය

47 එවිට නායක පූජකයෝ ද-, පරිසිවරු ද ශ්‍රේෂ්ඨාය්කරණය රැස් කරවා-, ''අපි කුමක් කරමු ද? මේ මිනිසා බොහෝ හාස්කමි කරයි-. 48 අප ඔහුට මෙසේ ඉඩ හැරියොත්-, සියල්ලන් ම ඔහු අදහාගනු ඇත-. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත්-, අපේ ජාතියත් වනසනු ඇතැ''යි කී හ-. 49 ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ-, ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූ කායාපස් කතා කොට-, 50 ''ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා-, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ''යි කී ය-. 51 මෙය ඔහු ම හිතා කී දෙයක් නොවේ-. ඒ වනාහි-, ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයා ව සිටි බැවින්-, ජේසුස් වහන්සේ ජාතිය උදෙසා ද-, 52 ජාතිය උදෙසා පමණක් නොව-, දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් එක්රැස් කරන පිණස ද-, දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවැසි කීමකි-. 53 එබැවින් එදා පටන් ඔව්හු උන් වහන්සේ මරන්නට කුමන්ත්‍රණය කළහ-. 54 ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ය්යේ නොගැවසී-, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි-, එප්‍රායිමි නමි නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමභ එහි නැවතී සිටි සේක-. 55 එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළං ව ති-,ණ-. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ-. 56 එවිට-, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී-, ''ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ''යි ඔවුනොවුන් අතර කතා කරගත්හ-. 57 උන් වහන්සේ සිටින තැන යමෙක් දනිතොත්-, අත්අඩංගුවට ගන්නා පිණස-, ඒ බව දන්වන මෙන් නායක පූජකයන් හා පරිසිවරුන් විසින් අණ දී ති-,ණ-.

යොහන් 12

බෙතානියේ දී ආලේප කරනු ලැ-,ම 1 ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර-, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළ සේක-. 2 ඔව්හු උන් වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙළ කළහ-. මාර්තා උපස්ථාන කළා ය; ලාසරස් උන් වහන්සේ සමභ කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි-. 3 එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන-, උන් වහන්සේගේ පාද ආලේප කොට-, ඇගේ කෙස් කළඹින් පිසදැමුවා ය-. එහි සුවඳින් ගෙය පිරීගියේ ය-. 4 එවිට-, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ-, උන් වහන්සේ පාවා දීමට සිටි-, ජූදස් ඉස්කාරියොත් කතා කොට-, 5 ''මේ විලවුන් රිදී කාසි තුන් සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මන් දැ?''යි ඇසී ය-. 6 ඔහු මෙසේ කීවේ දිළිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව-, ඔහු සොරෙකු වූ බැවිනි-. පොදු මුදල් පසුමි-,ය භාර ව සිටි ඔහු-, එහි දමන ලද දේ සොරාගන්නට පුරුදු ව සිටියේ ය-. 7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඈට කරදර නොකරන්න-. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ-. 8 දිළින්දෝ නමි ඔබ සමභ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමභ නිතර ම නොසිටිමි''යි වදාළ සේක-.

ලාසරස් මරන්නට කුමන්ත්‍රණය

9 ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන් වහන්සේ දැකීමට පමණක් නොව-, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් දැකීමට ද පැමිණයහ-. 10 එබැවින්-, ලාසරස් ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ-. 11 මන්ද-, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය-.

රාජ තේජසින් ජෙරුසලමට ප්‍රවේශ වීම

12 පසුදා-, මංගල්‍යයට පැමිණ සිටි මහා සමූහයක් ජේසුස් වහන්සේ ජෙරුසලමට වඩිනා සේකැ යි අසා-, 13 තල් අතු රැගෙන: ''හෝසන්නා! සමිඳ්‍රණන්ගේ නාමයෙන් වඩිනා තැනැන් වහන්සේට ආසිරි වේ වා! ඉශ්රායෙල් රජු හට ආසිරි වේ වා!''යි ඔල්වර හඬ නභමින් උන් වහන්සේගේ පෙරමභට පැමිණයහ-. 14 -15 ''සියොන් පුරභන-, -,ය නොවන්න-, මෙන්න!-, ඔබේ රජ කොටළු වස්සකු පිට නැභ එන්නේ ය''යි ලියා තිබෙන ලෙස-, උන් වහන්සේ කොටළු නාමිබෙකු සොයාගෙන ඌ පිට හිඳගත් සේක-. 16 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සිද්ය්ය කලින් තේරුමි නොගත් නමුත්-, ජේසුස් වහන්සේ මහිම ප්‍රාප්ත වූ විට-, උන් වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවත්-, සෙනභ මේ සියල්ල උන් වහන්සේ උදෙසා කළ බවත් සිහි කළහ-. 17 උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා-, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමභ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ-. 18 සමූහයා උන් වහන්සේගේ පෙරමභට ගියේ උන් වහන්සේ මේ හාස්කම කළ බව ඔවුන්ට සැළ වූ හෙයිනි-. 19 එබැවින් පරිසිවරු ඔවු-නොවුන් අතර කතා කරගනිමින්-, ''අපට කිසිවක් නොකළ හැකි බව පෙනෙනවා නොවේ ද? බලන්න-, මුළු ලෝකය ම ඔහු පසුපස්සේ ගොස් ඇතැ''යි කී හ-.

ඇතැමි ග්‍රීකයෝ සමිඳුන් සොයති

20 මංගල්‍යයේ දී නමස්කාර කරන පිණස ගියවුන් අතර-, ග්‍රීකයෝ සමහර දෙනෙක් ද සිටියහ-. 21 ඔව්හු-, ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ-, ''මහතාණෙනි-, අපි ජේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු''යි කී හ-. 22 පිලිප් එය ඇන්ඩෘට කී ය; ඇන්ඩෘ ද පිලිප් ද ජේසුස් වහන්සේට සැළ කළහ-. 23 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පමුණුවනු ලබන නියමිත මොහොත පැමිණ තිබේ-. 24 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, තිරිඟු -,ජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි -,ජයක් පමණක් වේ-. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි-. 25 තම ජීවිතයට ඇලුමි කරන්නා එය නැති කරගනියි; මෙලොව තම ජීවිතයට ද්වේශ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනියි-. 26 යමෙක් මට සේවය කරන්නේ ද-, ඔහු මා අනුගාමී විය යුතු යි-. මම යමි තැනෙක සිටිමි ද මාගේ සේවකයා ද එහි ම සිටිනු ඇත-. යමෙක් මට සේවය කරන්නේ ද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරන සේක-.''

කුරුසිගත වීමේ අවශ්‍යතාව

27 ''දැන් මාගේ සිත කැළඹී ඇත; ඉදින් මම කුමක් කියමි ද? 'පියාණෙනි-, මේ මොහොතෙන් මා ගැළවුව මැනවැ'යි කියමි ද? නැත-, මා මේ මොහොතට පැමිණයේ මේ උදෙසා ම ය-. 28 පියාණෙනි-, ඔබගේ නාමය මහිමයට පැමිණවුව මැනවැ''යි වදාළ සේක-. එවිට-, ''මම එය මහිමයට පැමිණවීමි-, යළිත් මහිමයට පමුණුවන්නෙමි''යි ස්වර්ගයෙන් හඬක් නික්මිණ-. 29 එහි සිටි සමූහයා එය අසා-, ''ගිගුරුමකැ''යි කී හ-. ඇතැමෙක්-, ''දේව දූතයෙක් උන් වහන්සේට කතා කෙළේ ය''යි කී හ-. 30 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මේ හඬ පැමිණයේ මා උදෙසා නොව ඔබ උදෙසා ය-. 31 මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය; මේ ලෝකයේ අය්පතියා දැන් පරාජය කරනු ලැබේ-. 32 තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල-, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි''යි වදාළ සේක-. 33 උන් වහන්සේ මෙසේ වදාළේ-, තමන් වහන්සේ විඳින්නට යන්නේ කෙබඳු මරණයක්

දැ යි හභවන පිණස ය-.

34 සමූහයා උන් වහන්සේට පිළිතුරු දෙමින්-, '' 'ක්‍රිස්තුවරයාණෝ සදහට ම වැඩවසති'යි ව්‍යවස්ථාවලියෙන් අප අසා ඇත-. එසේ නමි මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවනු ලැ-,ය යුතු යයි ඔබ කියන්නේ කෙසේ ද? මේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් දැ''යි ඇසූ හ-. 35 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''තව මඳ කලක් ආලෝකය ඔබ අතර පවතිනු ඇත-. අන්ධකාරය ඔබ ග්‍රහණය නොකරන පිණස-, ආලෝකය ති-,ය දී ඇවිදින්න-. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ ඔහු යන්නේ කොහේ දැ යි නොදනී-. 36 ඔබ ආලෝකයේ පුත්‍රයන් වන පිණස ඒ ආලෝකය අදහාගන්නැ''යි වදාළ සේක-. ජේසුස් වහන්සේ මෙසේ වදාළ පසු ඔවුන්ගෙන් වෙන් වී සැභවී වැඩහුන් සේක-.

ජුදෙව්වරුන්ගේ අවිශ්වාසය

37 උන් වහන්සේ ඔවුන් ඉදිරියේ එපමණ හාස්කමි සිදු කළ නමුදු-, ඔවුන් උන් වහන්සේ අදහාගත්තේ නැත-. 38 එසේ සිදුවූයේ: ''සමිඳ්‍රණෙනි-, අපේ පුවත විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳ්‍රණන්ගේ බලය කවරෙකුට ප්‍රකාශ කරන ලද්දේ ද?'' යනුවෙන්-, යෙසායා දිවැසිවරයා කී වචන ඉටු වන පිණස ය-. 39 ඒ නිසා ඔවුන්ට අදහාගත නොහැකි විය-. මන්ද-, යෙසායා නැවතත් මෙසේ කී ය: 40 ''උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක-. සිත් දැඩි කළ සේක-, එසේ කෙළේ-, ඔවුන් ඇසින් නොදැක-, සිතින් තේරුමි නොගෙන-, මාගෙන් සුවය ලැ-,මට මා වෙත නොහැරෙන පිණස ය-.'' 41 යෙසායා මෙසේ කීවේ-, ඔහු උන් වහන්සේගේ තේජශ්‍රීය දැක උන් වහන්සේ ගැන කතා කළ නිසා ය-. 42 එසේ වුව ද-, ප්‍රධානීන්-ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ-. එහෙත් තමන් ධර්මශාලාවෙන් නෙරපනු ලබති යි පරිසිවරුන්ට -,යෙන් එය එළිපිට නොකී හ-. 43 මන්ද-, ඔව්හු දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවයට ඇලුමි වූ හ-.

ධර්මය අනුව විනිශ්චය

44 එවිට ජේසුස් වහන්සේ මහ හඩින් කතා කරමින්-, ''මා අදහන තැනැත්තේ-, මා නොව-, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගනියි-. 45 එසේ ම මා දකින තැනැත්තේ-, මා එවා වදාළ තැනැන් වහන්සේ දකියි-. 46 මා ලෝකයට ආලෝකයක් ව වැඩියේ මා අදහන කවරෙකු නමුදු අන්ධකාරයෙහි නොවසන පිණස ය-. 47 තවද-, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නමි-, මම ඔහු විනිශ්චය නොකරමි-. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ-. 48 මා ප්‍රතික්ෂේප කර මාගේ වචන නොපිළිගන්නා අය විනිශ්චය කරන්නෙක් සිටියි-. මා වදාළ ධර්මය ම අන්තිම දවසේ දී ඔහු විනිශ්චය කරන්නේ ය-. 49 මන්ද-, මම මාගේ ම අය්කාරී බලයෙන් කතා නොකෙළෙමි; මා එවා වදාළ පියාණන් වහන්සේ මා කිව යුතු දෙයත්-, දෙසිය යුතු දෙයත් ගැන මට ආඥවක් දී තිබේ-. 50 උන් වහන්සේගේ ආඥව සදාතන ජීවනය වන බව මම දනිමි-. එබැවින් මා පවසන දේ-, පියාණන් වහන්සේ මට පැවසූ ලෙසින් ම මමත් පවසමි''යි වදාළ සේක-.

යොහන් 13

ශ්‍රාවකයන්ගේ පාද සේදීම

1 තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර-, ජේසුස් වහන්සේ දැනගත් සේක-. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක-. 2 රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණයේ ය-. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා ති-,ණ-. 3 පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන-, 4 රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා-, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක-. 5 ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට-, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්-, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක-. 6 උන් වහන්සේ සීමොන් පේදුරු ළභට ආ විට-, ''ස්වාමීනි-, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ''යි ඔහු ඇසී ය-. 7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ''යි වදාළ සේක-. 8 එවිට පේදුරු-, ''මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නමි ඔබ වහන්සේට ඉඩ නොදෙමි''යි කී ය-. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මා ඔබ නොසේදුවොත් මා සමභ සමිබන්ධකමක් ඔබට නැතැ''යි ඔහුට වදාළ සේක-. 9 එවිට සීමොන් පේදුරු-, ''ස්වාමීනි-, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ''යි කී ය-. 10 ජේසුස් වහන්සේ ද-, ''ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත-. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති''යි වදාළ සේක-. 11 ''හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති''යි උන් වහන්සේ වදාළේ-, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි-. 12 මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා-, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල-, ඔවුන්ට මෙසේ වදාළ සේක: ''මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද? 13 'ගුරුදේවයෙනි'-, 'ස්වාමීනි' කියා ඔබ මා අමතන්නහු ය-. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි-. 14 ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙමි නමි-, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය-. 15 මා ඔබට-, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි-. 16 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ-. එමෙන් ම-, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ-. 17 ඉදින් ඔබ මේ දේවල් දන්නහු නමි-, දැන ඒවා පිළිපදින්නහු නමි-, ඔබ භාග්‍යවන්තයෝ ය-. 18 මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ-. මා තෝරාගත් අය මම හඳුනමි-. එහෙත්-, 'මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත' යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය-. 19 එය ඉටු වූ විට-, මම උන් වහන්සේ ම යයි ඔබ විශ්වාස කරන පිණස එය ඉටු වන්න පෙර දැන් පවසමි-. 20 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි-.''

පාවා දීම කලින් දැන්වීම

21 ජේසුස් වහන්සේ මෙසේ පවසා-, බොහෝ සේ කැළඹී-, ''ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය''යි ප්‍රකාශ කළ සේක-. 22 උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ-. 23 ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය-. 24 එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට-, ''උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ''යි ඔහුට කී ය-. 25 ඔහු ද-, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී-, ''ස්වාමීනි-, ඒ කවුරු දැ''යි ඇසී ය-. 26 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මම රොටි කෑල්ලක් පොභවා යමෙකුට දෙමි ද-, ඒ ඔහු ය''යි වදාළ සේක-. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොභවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක-. 27 ඔහු ඒ කෑල්ල අතට ගත් විගස ඔහුට සාතන් ආවේශ විය-. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා-, ''ඔබේ අදහස වහා ම ඉටු කරන්නැ''යි වදාළ සේක-. 28 උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුමි නොගත්හ-. 29 ජූදස් පොදු මුදල් පසුමි-,ය භාර ව සිටි බැවින්-, මංගල්‍යයට වුවමනා දේ මිල දී ගන්න කියා හෝ දිළිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේකැ යි සමහරු සිතූ හ-. 30 ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු-, නොපමා ව පිටතට ගියේ ය-. එය රෑ කාලය වී ය-.

අලුත් ආඥව

31 ජූදස් පිටතට ගිය කල-, ජේසුස් වහන්සේ කතා කොට-, ''දැන් මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත-. 32 එතුමාණන් තුළින් දෙවියන් වහන්සේ ද මහිමයට පැමිණ සේක් නමි-, දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහු ද මහිමයට පමුණුවන සේක-. එය වහා ම කරන සේක-. 33 දරුවෙනි-, මා ඔබ සමභ සිටින්නේ තව ටික වේලාවක් පමණකි-. ඔබ මා සොයනු ඇත-. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණය නොහැකි ය; 34 මම ඔබට අලුත් ආඥවක් දෙමි-. එකිනෙකාට ප්‍රේම කරන්න-. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න-. 35 ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නහු නමි-, එයින් ඔබ මාගේ ශ්‍රාවකයන් බව සියල්ලෝ දැනගනිති''යි වදාළ සේක-.

පේදුරුගේ අපලාපය කලින් කීම

36 සීමොන් පේදුරු කතා කොට-, ''ස්වාමීනි-, ඔබ කොතැනට වඩින සේක් දැ''යි ඇසී ය-. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මා යන තැනට ඔබට දැන් පැමිණය නොහැකි ය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැ''යි වදාළ සේක-. 37 පේදුරු උන් වහන්සේ අමතා: ''ස්වාමීනි-, දැන් ම ඔබ අනුව එන්න මට බැරි මන් ද? ඔබ නිසා මාගේ දිවි පුදමි''යි කී ය-. 38 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඔබ මා නිසා ඔබේ දිවි පුදන්නෙහි ද? ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, කුකුළා හඬලන්නට පෙර-, ඔබ මා නොහඳුනති යි තුන් වරක් කියනු ඇතැ''යි වදාළ සේක-.

යොහන් 14

ස්වර්ග මාර්ගය

1 ''ඔබේ සිත් නොකැළඹේ වා! දෙවියන් වහන්සේ අදහාගන්නෆ මා ද අදහා-ගන්න-. 2 මාගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි වාසය කිරීමට ඉඩපහසු තැන් බොහෝ ඇත-. එසේ නොවේ නමි ඒ බව මම ඔබට නොකියමි ද? ඔබට ස්ථානයක් සූදානමි කරන පිණස යමි-. 3 මා ගොස් ඔබට ස්ථානයක් සූදානමි කළ විට-, මා සිටින තැන ඔබත් සිටින පිණස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි-. 4 මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නහු ය''යි වදාළ සේක-. 5 තෝමස් කතා කොට-, ''ස්වාමීනි-, ඔබ කොතැනට වඩින සේක් දැ යි අපි නොදනිමු; එසේ නමි මාර්ගය දැනගන්නේ කෙසේ දැ''යි ඇසී ය-. 6 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නො- පැමිණෙන්නෝ ය-. 7 ඔබ මා හඳුනන්නහු නමි-, මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහු ය-. මෙතැන් පටන් ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය; උන් වහන්සේ දැක ඇතැ''යි වදාළ සේක-. 8 පිලිප් කතා කොට-, ''ස්වාමීනි-, පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව; එය අපට හොඳට ම ඇතැ''යි උන් වහන්සේට කී ය-. 9 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''පිලිප්-, මෙපමණ කලක් මා ඔබ සමභ විසූ නමුදු-, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ-, පියාණන් වහන්සේ දුටුවේ ය-. එසේ නමි-, 'පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ'යි ඔබ කියන්නේ කෙසේ ද? 10 මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බව ඔබ විශ්වාස නොකරන්නෙහි ද? මා ඔබ හට වදාරන වචන මාගේ ම අය්කාරී බලයෙන් නොවදාරමි; පියාණන් වහන්සේ ම මා තුළ වැඩවසමින් ස්වකීය ක්‍රියා ඉටු කරන සේක-. 11 මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බවට මාගේ වචනය විශ්වාස කරන්න; එසේ නැත්නමි මාගේ ක්‍රියා නිසා වත් මා විශ්වාස කරන්න-. 12 ''ඒකාන්තයෙන් ම මම එසේ-, ඔබට කියමි-, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය-. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය-. 13 පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණස-, ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි-. 14 ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි-.''

සහායදායකයාණන් එවීම ගැන පොරොන්දුව

15 ''ඔබ මට ප්‍රේම කරන්නහු නමි-, ඔබ මාගේ ආඥ පිළිපදින්නහු ය-. 16 එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමභ සදහට ම සිටින පිණස වෙනත් සහායදායකයෙකු දෙන සේක-. 17 ඒ සහායදායකයාණෝ-, සත්‍යයේ ආත්මයාණෝ ය-. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපො-හොසත් ය-. මන්ද-, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත-. එහෙත්-, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය-. මන්ද-, උන් වහන්සේ ඔබ සමභ නැවතී සිටිමින්-, ඔබ තුළ වැඩ වසන සේක-. 18 ''ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි-, මම නැවත ඔබ වෙතට එන්නෙමි-. 19 තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති-. එහෙත් ඔබ මා දකින්නහු ය; කුමක් හෙයින් ද-, මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි-. 20 ඒ දවසේ දී-, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය-. 21 ''මාගේ ආඥ පිළිගෙන ඒවා පිළිපදින යමි තැනැත්තෙක් වේ ද-, මට ප්‍රේම කරන්නේ ඔහු ය-. යමි තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ ද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක-. මම ද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි''යි වදාළ සේක-. 22 ජූදස් ඉස්කාරියොත් නොවන අනෙක් ජූදස් උන් වහන්සේ අමතා: ''ස්වාමීනි-, ඔබ වහන්සේ අපට එළිදරව් වී ලෝකයාට එළිදරව් නොවන්නේ කෙසේ දැ''යි ඇසී ය-. 23 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්-, ''යමෙක් මට ප්‍රේම කරන්නේ නමි-, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය-. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක-. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමභ වාසය කරන්නෙමු-. 24 මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදියි-. ඔබ අසන ධර්මය මාගේ නොව-, මා එවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මය ය-. 25 ''ඔබ සමභ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි-. 26 එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ-, එනමි-, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්-, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක-. 27 ''ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි-. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ-. ඔබේ සිත් කැළඹෙන්නට වත් -,ය වන්නට වත් ඉඩ නොදෙන්න-. 28 මම ගොස් නැවත ඔබ වෙතට එමි යි මා ඔබට කී බව ඔබ ඇසුවාහු ය-. ඔබ මට ප්‍රේම කළාහු නමි මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහු ය-. මන්ද-, පියාණන් වහන්සේ මට වඩා උතුමි ය-. 29 ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණස-, එය සිදු වන්න පෙර-, දැනට ම ඔබට කියා ඇත-. 30 තවදුරටත් ඔබ සමභ කතා කිරීමට නුපුළුවන-. ලෝකයේ අය්පතියා එන්නේ ය-. මා කෙරෙහි කිසි බලපුළුවන්කාරකමක් ඔහුට නැත-. 31 එහෙත් මෙසේ වන්නේ මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත්-, පියාණන් වහන්සේ මට අණ කළ ලෙස මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණස ය-. නැඟිටින්න-, අපි මෙතැනින් පිටත් ව යමු''යි වදාළ සේක-.

යොහන් 15

සැබෑ මිදි වැල

1 ''සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය-. 2 උන් වහන්සේ-, මා තුළ ඇති-, පල නොදරන සියලු අතු කපා හරින සේක-. පල දරන සියලු අතු-, වඩා පල දරන පිණස පාහින සේක-. 3 මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය-. 4 මා තුළ සිටින්න-, මම ද ඔබ තුළ සිටිමි-. අත්ත මිදි වැලට යා වී නැත්නමි වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ-, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නමි-, පල දැරීමට ඔබට නොහැකි ය-. 5 ''මිදි වැල මම ය-, ඔබ අතු ය-. යමෙක් මා තුළ සිටින්නේ ද-, මම ඔහු තුළ සිටිමි ද-, ඒ තැනැත්තේ බොහෝ පල දරයි-. මන්ද-, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය-. 6 යමි තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නමි ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි-. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය-. 7 ඔබ මා තුළ සිටින්නහු නමි-, මාගේ වචන ඔබ තුළ පවතී නමි-, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ; 8 මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ-, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය-. 9 පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි-. මාගේ ප්‍රේමයෙහි පවතින්න-. 10 මා-, මාගේ පියාණන් වහන්සේගේ ආඥ පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම-, ඔබත් මාගේ ආඥ පිළිපදින්නහු නමි-, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය-. 11 ''මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ-, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණසත්-, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණසත් ය-. 12 ''මාගේ ආඥව නමි: 'මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න' යනුයි-. 13 යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුමි ප්‍රේමයක් කිසිවෙකුට නැත-. 14 මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නමි-, ඔබ මාගේ මිතුරෝ ය-. 15 මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද-, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි-. එහෙත්-, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්-, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි-. 16 ඔබ මා තෝරාගත්තේ නැත-. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි-. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණසත්-, ඔබේ පල පවතින පිණසත්-, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණසත් ය-. 17 මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න-.''

ලෝකයාගේ ද්වේෂය

18 ''ලෝකයා ඔබට ද්වේෂ කරත් නමි-, ඔබට පෙර මටත් ද්වේෂ කළ බව දැනගන්න-. 19 ඔබ ලෝකයට අයිති නමි-, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුමි වනු ඇත-. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්-, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති-. 20 'දාසයෙක් තම ස්වාමියාට වඩා උතුමි නොවේ ය'යි මා ඔබට වදාළ වචනය සිහි කරන්න-. ඔව්හු මට පීඩා කළෝ නමි-, ඔබටත් පීඩා කරන්නෝ ය; මාගේ වචනය පිළිපැද්දෝ නමි-, ඔබගේ වචනයත් පිළිපදින්නෝ ය-. 21 එහෙත් ඔවුන්-, මා එවා වදාළ උන් වහන්සේ ව නාඳුනන බැවින්-, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත-. 22 මම පැමිණ ඔවුන්ට කතා නොකෙළෙමි නමි-, ඔවුන්ට පාපයක් නැත-. එහෙත්-, දැන් ඔවුන්ගේ පාපය ගැන නිදහසට කරුණක් ඔවුන්ට නැත-. 23 මට ද්වේෂ කරන්නා මාගේ පියාණන් වහන්සේටත්-, ද්වේෂ කරන්නේ ය-. 24 වෙන කිසිවෙකු කවදා වත් නොකළ මෙවැනි ක්‍රියා මම ඔවුන් අතර නොකෙළෙමි නමි-, ඔවුන්ට පාපයක් නැත-. එහෙත්-, දැන් ඔව්හු ඒවා දැක දැකත්-, මට ද මාගේ පියාණන් වහන්සේට ද ද්වේෂ කරති-. 25 මෙසේ සිදු වන්නේ-, 'ඔව්හු හේතුවක් නැති ව මට ද්වේෂ කළහ'යි ඔවුන්ගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති වචනය ඉෂ්ට වන පිණස ය-. 26 ''මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්-, එනමි-, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණ කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක-. 27 තවද-, මුල සිට ම ඔබ මා සමභ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය-.

යොහන් 16

1 ''මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණස ය-. 2 ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත-. එපමණක් නොව-, ඔබ මරණයට පත් කරන අය-, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය-. 3 ඔවුන් මේ දේවල් කරන්නේ-, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි-. 4 තවද-, මා මේ දේවල් ඔබට කීවේ-, ඒවා ඉටු වන කාලය පැමිණ විට-, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණස ය-.''

ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියා

''මේ දේවල් මුල සිට ම ඔබට නොකීවේ-, මා ඔබ සමභ සිටි බැවිනි-. 5 එහෙත් දැන් මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි-. එසේ වුව ද-, 'ඔබ කොහේ යන්නේ දැ'යි ඔබ අතරෙන් කිසිවෙක් මගෙන් නොඅසති-. 6 එනමුත්-, මා මේ දේවල් ඔබට කී බැවින්-, ඔබේ සිත් දුකින් පිරී ඇත-. 7 කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි-. මාගේ නික්ම යාම ඔබේ ශුභසිද්ය්ය පිණස ය-. මා නික්ම නොගියොත් සහායදායකයාණන් වහන්සේ ඔබ වෙත වැඩම නොකරන සේක-. එහෙත් මම යන්නෙමි නමි-, උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි-. 8 උන් වහන්සේ පැමිණ කල-, පාපය ගැන ද ධර්මිෂ්ඨකම ගැන ද විනිශ්චය ගැන ද ලෝකයාට වටහා දෙන සේක-. 9 පාපය ගැන යයි කීවේ-, ඔවුන් මා නොඅදහන බැවිනි; 10 ධර්මිෂ්ඨකම ගැන යයි කීවේ-, මින්පසු ඔබ මා නොදකින සේ-, මා පියාණන් වහන්සේ වෙතට යන බැවිනි-. 11 විනිශ්චය ගැන යයි කීවේ-, මේ ලෝකයේ අය්පතියා විනිශ්චය කරන ලද බැවිනි-. 12 ''ඔබට කීමට තව බොහෝ දේ මට ඇත-. එහෙත්-, දැන් ඒවා දරාගැනීමට ඔබට නොහැකි ය-. 13 එසේ වී නමුත්-, ඒ තැනැන් වහන්සේ-, එනමි-, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණ කල-, උන් වහන්සේ සමිපූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මභපෙන්වන සේක-. මන්ද-, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට-, උන් වහන්සේ අසන දේ ම පවසා-, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත-. 14 උන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්-, මා මහිමයට පමුණුවන සේක-. 15 පියාණන් සතු සියල්ල මාගේ ය-. ආත්මයාණන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන සේකැ යි මා කීවේ එබැවිනි-.''

දොමිනස සොමිනසට හැරේ

16 ''ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය''යි උන් වහන්සේ වදාළ සේක-. 17 එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: '' 'ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නො-දක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය-,' කියා ද එයට හේතුව 'මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය' කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ''යි කී හ-. 18 ''උන් වහන්සේ 'ස්වල්ප වේලාවකැ'යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ'' යයි කී හ-. 19 ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන-, මෙසේ ඔවුන්ට වදාළ සේක: '' 'ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු'යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද? 20 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, ඔබ හඬා වැලපෙන්නහු ය; එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ-. ඔබ දොමිනස් වන නමුත් ඔබේ දොමිනස සොමිනසට හැරෙනු ඇත-. 21 ස්ත්‍රියකට ප්‍රසව මොහොත පැමිණ කල-, ඇගේ වේලාව පැමිණ තිබෙන බැවින් ඈට දුක් වේදනා ඇති වේ-. එහෙත් ඈ දරුවා -,හි කළ පසු ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා-, වේදනාව අමතක කරන්නී ය-. 22 එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය-. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි-. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි-. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති-. 23 ''ඒ දවසේ දී ඔබ කිසි ප්‍රශ්නයක් මාගෙන් අසන්නේ නැත-. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්-, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක-. 24 මේ වනතෙක් ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත-. ඉල්ලන්න-, ඔබට ලැබේ; මෙසේ ඔබගේ ප්‍රීතිය පූර්ණ වන්නේ ය-.''

මම ලෝකය ජයගතිමි

25 ''මේ දේවල් උපමා මඟින් මම ඔබට කීවෙමි-. එහෙත් තවත් උපමා මඟින් කතා නොකර-, පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේ ය-. 26 ඒ දවසේ දී ඔබ මාගේ නාමයෙන් අයැදින්නහු ය-. ඔබ උදෙසා පියාණන් වහන්සේට යාච්ඤ කරන්නෙමි යි මම නොකියමි-. 27 ඔබ මට ප්‍රේම කරන බැවින් ද මා පියාණන් වහන්සේ වෙතින් වැඩම කළ බව ඔබ විශ්වාස කරන බැවින් ද පියාණන් වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක-. 28 මම පියාණන් කෙරෙන් නික්ම ආවෙමි; ලෝකයට පැමිණ සිටිමි-. මම නැවත ලෝකය අත්හැර පියාණන් වහන්සේ වෙතට යන්නෙමි''යි වදාළ සේක-. 29 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට-, ''ආ-, දැන් ඔබ උපමා මඟින් නොව-, පැහැදිලි ලෙස කතා කරන සේක-. 30 ඔබ සියල්ල දන්නා බව ද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නුවුවමනා බව ද දැන් අපි දනිමු-. මෙයින්-, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණ බව අපි විශ්වාස කරමු''යි කී හ-. 31 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඔබ දැන් විශ්වාස කරන්නහු ද? 32 ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කරදමා-, තම තමන්ගේ තැන්වලට විසුරුවනු ලබන පැය පැමිණෙන්නේ ය; දැනටමත් එය පැමිණ තිබේ-. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමභ සිටින බැවින් මම තනි නොවෙමි-. 33 මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණස ය-. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ-. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි''යි වදාළ සේක-.

යොහන් 17

ජේසුස් වහන්සේගේ උත්තම පූජක යාච්ඤව

1 ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා-, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤ කළ සේක: ''පියාණෙනි-, දැන් නියමිත මොහොත පැමිණ තිබේ-. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණස-, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව-. 2 මන්ද-, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණස-, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආය්පත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක-. 3 සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද-, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද-, දැනගැනීම ය-. 4 ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සමිපූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණවීමි-. 5 ඉතින් පියාණෙනි-, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමභ මට තිබුණු තේජශ්‍රීයෙන්-, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව-. 6 ''ඔබ වහන්සේ ලෝකයෙන් වෙන් කොට මට දුන් මිනිසුන් හට ඔබගේ නාමය මම ප්‍රකාශ කෙළෙමි-. ඔව්හු ඔබට අයිති වූ හ-. ඔබ ඔවුන් මට දුන් සේක-. ඔව්හු ඔබගේ දහම පිළිපැද්දාහ-. 7 ඔබ මට දුන් සියල්ල ම ඔබගෙන් පැමිණ බව දැන් ඔව්හු දනිති-. 8 මන්ද-, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි-. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණ බව සැබැවින් ම දැන-, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති-. 9 ''මම ඔවුන් උදෙසා යාච්ඤ කරමි-. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස-, ලෝකයා උදෙසා යාච්ඤ නොකරමි-. මන්ද-, ඔව්හු ඔබගේ ය-. 10 මා සන්තක සියල්ල ඔබගේ ය; ඔබ සන්තක සියල්ල මාගේ ය-. ඔවුන් තුළින් මම තේජශ්‍රීයට පැමිණ සිටිමි-. 11 මම තවත් ලෝකයෙහි නොසිටිමි-. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති-. මම ඔබ වෙතට එන්නෙමි-. සුවිශුද්ධ පියාණෙනි-, අප මෙන් ඔවුන් ද-, ඒකත්වයක් වන පිණස-, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව-. 12 මම ඔවුන් සමභ සිටිය දී ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් මම ඔවුන් ආරක්ෂා කෙළෙමි-. මම ඔවුන් රැකබලාගතිමි-. ශුද්ධ ලියවිල්ල සමිපූර්ණ වන පිණස-, විනාශයේ පුත්‍රයා හැර අන් කිසිවෙක් විනාශ නොවූ හ-. 13 එහෙත් දැන් මම ඔබ වෙතට එමි-. මා ලෝකයෙහි දී මේ දේවල් ප්‍රකාශ කරන්නේ-, මාගේ ප්‍රීතිය ඔවුන් තුළ සමිපූර්ණයෙන් ම ඇති වන පිණස ය-. 14 මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි-. මා ලෝකයට අයිති නොවන සේ ම-, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්-, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ-. 15 ඔබ ලෝකයෙන් ඔවුන් වෙන් කරන මෙන් මම යාච්ඤ නොකරමි; නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන මෙන් යාච්ඤ කරමි-. 16 මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ම ඔව්හු ද ලෝකයෙන් නොවෙති-. 17 සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නමි ඔබගේ ධර්මය ය-. 18 ඔබ මා ලෝකයට එවා වදාළාක් මෙන්-, මම ද ඔවුන් ලෝකයට යැවීමි-. 19 ඔවුන් සත්‍යයට කැප වන පිණස-, මම ඔවුන් උදෙසා කැප වෙමි-. 20 ''මොවුන් ගැන පමණක් නොව-, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤ කරමි-. 21 පියාණෙනි-, මා මෙසේ යාච්ඤ කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්-, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණසත්-, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණසත් ය-. 22 අප ඒකත්වයක් ව සිටින්නා සේ ම-, ඔවුනුත් ඒකත්වයක් වන පිණස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන්ට දුනිමි-. 23 මෙසේ කෙළේ-, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්-, ඔවුන් සමිපූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණසත්-, ඔබ මා එවා වදාළ බව ද-, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණසත් ය-. 24 ''පියාණෙනි-, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය-, ඔබ මට දුන් අය විසින් දකින පිණස-, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි-. 25 ''ධාර්මික පියාණෙනි-, ලෝකයා ඔබ දැනගත්තේ නැත-. එහෙත් මම ඔබ දැනගතිමි-. තවද-, ඔබ මා එවා වදාළ බව මොවුහු දනිති-. 26 ඔබ මට දැක් වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණසත්-, මා ද ඔවුන් තුළ වන පිණසත්-, ඔබගේ නාමය ඔවුන්ට දන්වා වදාළෙමි-. තවත් දන්වා වදාරන්නෙමි-.''

යොහන් 18

ජේසුස් වහන්සේ පාවා දෙනු ලැ-,ම

1 ජේසුස් වහන්සේ යාච්ඤව නිම කළ පසු-, සිය ශ්‍රාවකයන් සමභ කිද්‍රොන් ඇලෙන් එගොඩට වැඩිය සේක-. එහි උයනක් විය-. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමභ එයට පිවිසි සේක-. 2 ද්‍රෝහියා වූ ජූදස් මේ ස්ථානය දැන සිටියේ ය-. මන්ද-, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමභ එහි නිතර ම රැස් වූ බැවිනි-. 3 ජූදස් තෙමේ-, නායක පූජකයන්ගෙන් ද පරිසිවරුන්ගෙන් ද භට කණ්ඩායමක් සහ මුර සේවකයන් කීප දෙනෙකුත් ලබාගෙන-, පහන්-, පන්දමි හා අවිආයුධ ඇති ව එතැනට පැමිණයේ ය-. 4 තමන් වහන්සේට සිදුවන්නට යන සියලු දේ දැන සිටි ජේසුස් වහන්සේ-, ඉදිරියට ගොස්-, ''ඔබ කවරෙකු සොයන්නහු දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක-. 5 ඔව්හු පිළිතුරු දෙමින්: ''නාසරෙත්හි ජේසුස් ය''යි කී හ-. ''ඒ මම ය''යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක-. ද්‍රෝහියා වූ ජූදස් ඔවුන් සමභ සිටියේ ය-. 6 ''ඒ මම'' යයි ජේසුස් වහන්සේ ඔවුන්ට කී කල්හි-, ඔව්හු පස්සෙන් පස්සට ගොස් -,ම වැටුණාහ-. 7 යළිත් උන් වහන්සේ-, ''ඔබ කවරෙකු සොයන්නහු දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක-. ''නාසරෙත්හි ජේසුස් ය''යි ඔව්හු කී හ-. 8 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''ඒ මම යයි ඔබට කීවෙමි; ඉදින් ඔබ මා සොයන්නහු නමි-, මොවුන්ට යන්න දෙන්නැ''යි වදාළ සේක-. 9 මෙසේ වූයේ: 'ඔබ මට දුන් අයගෙන් එක් කෙනෙක් වත් නැති නොවී ය'යි උන් වහන්සේ කී වචන ඉෂ්ට වන පිණස ය-. 10 සීමොන් පේදුරු ළභ කඩුවක් ති-,ණ-. ඔහු එය ඇද-, උත්තම පූජකයාගේ දාසයාට ගසා-, ඔහුගේ දකුණු කන කපා දැමී ය-. ඒ දාසයාගේ නම මල්කස් ය-. 11 එවිට ජේසුස් වහන්සේ-, ''කඩුව කොපුවේ දමන්න-, පියාණන් වහන්සේ මට දී තිබෙන කුසලාන මම නොබොමි දැ''යි පේදුරුට වදාළ සේක-.

උත්තම පූජකයා ඉදිරියේ

12 එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාය්පතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා-, බැඳගෙන 13 පළමුකොට අන්නස් වෙතට ගෙන ගියෝ ය-. ඔහු ඒ වසරේ උත්තම පූජකයා ව සිටි කායාපස්ගේ මයිලණුවන් විය-. 14 මේ කායාපස් වනාහි-, ජනතාව වෙනුවෙන් එක් මිනිසෙකු මරණයට පත්වීම සුදුසු යයි ජුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේ ය-.

පේදුරුගේ අපලාපය

15 ජේසුස් වහන්සේ පසුපස්සේ සීමොන් පේදුරු ද තවත් ශ්‍රාවකයෙක් ද ගියහ-. මේ ශ්‍රාවකයා-, උත්තම පූජකයා දැන සිටි කෙනෙකු වූ බැවින්-, ඔහු ජේසුස් වහන්සේ සමභ උත්තම පූජකයාගේ මැදුරේ මහා මළුවට ඇතුළු විය-. 16 පේදුරු දොර ළභ පිටත සිටියේ ය-. එවිට උත්තම පූජකයා දැන සිටි අනික් ශ්‍රාවකයා පිටතට ගොස් දොරටුපාලියට කතා කොට-, පේදුරු ඇතුළතට ගෙනාවේ ය-. 17 එවිට දොරටුපාලී-, ''ඔබත් මේ මිනිසාගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ''යි ඇසුවා ය-. ''නැතැ''යි ඔහු පිළිතුරු දුනි-. 18 එය ශීත කාලය වූයෙන්-, දාසයෝ ද මුර සේවකයෝ ද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝ ය-. පේදුරු ද ඔවුන් සමභ ගිනි තපිමින් සිටියේ ය-.

උත්තම පූජකයා ඉදිරියේ නඩු විභාගය

19 එවිට උත්තම පූජකයා-, ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන ද උන් වහන්සේගේ ඉගැන්වීම ගැන ද ප්‍රශ්න කෙළේ ය-. 20 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්-, ''මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්-, නිතර ම අනුශාසනා කෙළෙමි-. රහසින් කිසිවක් නොකීවෙමි-. 21 මාගෙන් විචාරන්නේ කුමක්නිසා ද? මා කී දේ ඇසූ අයගෙන්-, මා ඔවුන්ට කීවේ කුමක් දැ යි ප්‍රශ්න කරන්න-. මා කීවේ කුමක් දැ යි ඔව්හු දනිති''යි වදාළ සේක-. 22 උන් වහන්සේ මෙසේ වදාළ විට-, ළභ සිටි මුර සේවකයන්ගෙන් කෙනෙක්: ''නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙස ද?'' කියා ජේසුස් වහන්සේට අතුල් පහරක් ගැසී ය-. 23 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්: ''මා කී දෙයෙහි වරදක් ඇත්නමි-, එය ඔප්පු කරන්න; නැත්නමි කුමක් නිසා මට පහර දෙන්නෙහි දැ''යි ඇසූ සේක-. 24 ඒ ඇසූ අන්නස්-, උන් වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජකයා වූ කායාපස් වෙතට යැවී ය-.

පේදුරු යළිත් අපලාප කිරීම

25 සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය-. එවිට සෙසු අය කතා කරමින්-, ''නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ''යි ඔහුගෙන් ඇසූ හ-. ඔහු: ''නැත-, එසේ නොවේ ය''යි කී ය-. 26 එවිට පේදුරු විසින් කන කපන ලද තැනැත්තාගේ ඥතියෙකු වූ-, උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක් කෙනෙක්: ''නුඹ ඔහු සමභ උයනේ සිටිනවා මා දුටුවා නොවේ දැ''යි ඇසී ය-. 27 පේදුරු යළිත් අපලාප කෙළේ ය-. එකෙණෙහි ම කුකුළා හැඬලී ය-.

ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියේ සිටීම

28 එවිට ඔව්හු-, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ-. එය අලුයමි වේලාව විය-. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා-, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ-. 29 එබැවින් පිලාත්-, පිටත ඔවුන් සිටි තැනට පැමිණ-, ''මේ මිනිසාට විරුද්ධ ව ඔබ ගෙනෙන චෝදනාව කුමක් දැ''යි ඇසී ය-. 30 ඔව්හු පිළිතුරු දෙමින්-, ''මේ මිනිසා අපරාධකාරයෙක් නොවේ නමි-, අප ඔහු ඔබ අතට භාර දෙන්නේ නැතැ''යි කී හ-. 31 පිලාත් ඔවුන්ට පිළිතුරු දෙමින්-, ''ඔබ ම ඔහු ගෙනගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්නැ''යි කී ය-. ජුදෙව්වරු පිළිතුරු දෙමින්-, ''කිසිවෙකු මරණයට පත් කිරීමට අපට බලය නැතැ''යි කී හ-. 32 මෙසේ වූයේ-, 'තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ'යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණස ය-. 33 එබැවින් යළිත් රජවාසලට පිලාත් ඇතුළු වී-, ජේසුස් වහන්සේ කැඳවා-, ''නුඹ ජුදෙව්වරුන්ගේ රජ දැ''යි ඇසී ය-. 34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්: ''මෙය ඔබ ම කියන දෙයක් ද-, නැතහොත් අන් අය මා ගැන කී දෙයක් දැ''යි ඇසූ සේක-. 35 පිලාත් පිළිතුරු දෙමින්-, ''මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ-. නුඹ කුමක් කෙළෙහි ද?''යි ඇසී ය-. 36 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත-. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නමි-, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණස මාගේ සේවකයන් සටන් කරනු ඇත-. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය''යි වදාළ සේක-. 37 එවිට පිලාත්-, ''එසේ නමි-, නුඹ රජෙක් දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය-. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මම රජෙක් යයි ඔබ ම කියන්නෙහි ය-. මා උපන්නේත්-, ලොව පහළ වූයේත්-, සත්‍යයට සාක්ෂි දරන පිණස ය; සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති''යි වදාළ සේක-. 38 ''සත්‍යය කියන්නේ කුමක් දැ''යි පිලාත් උන් වහන්සේගෙන් ඇසී ය-.

ජේසුස් වහන්සේට මරණීය දඬුවම

පිලාත් මෙසේ කියා යළිත් පිටත සිටි ජුදෙව්වරුන් වෙතට ගොස්-, ''මොහු අත කිසි වරදක් මට නොපෙනේ-. 39 පාස්කු මංගල්‍යයේ දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත-. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ''යි ඔවුන්ගෙන් ඇසී ය-. 40 එවිට ඔව්හු නැවතත් මොරගසමින්-, ''මේ මිනිසා නොවේ-, බරබ්බස් නිදහස් කර දෙන්නැ''යි කී හ-. බරබ්බස් වනාහි මංකොල්ලකාරයෙකි-.

යොහන් 19

1 ඉක්-,ති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය-. 2 හේවායෝ කටු ඔටුන්නක් ගොතා-, උන් වහන්සේගේ හිසෙහි තබා-, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා-, 3 උන් වහන්සේ ළභට පැමිණ-, ''ජුදෙව් රජතුමෙනි-, සැරදේ!'' කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ-. 4 යළිත් පිලාත් පිටතට ගොස්-, ''මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණස-, මෙන්න-, මොහු ඔබ වෙතට ගෙනෙමි''යි ඔවුන්ට කී ය-. 5 එවිට ජේසුස් වහන්සේ-, කටු ඔටුන්න හිසේ දරා-, නීල-රක්ත වස්ත්‍රය ද හැඳගෙන-, පිටතට ආ සේක-. ''මෙන්න-, ඒ මනුෂ්‍යයා'' යයි පිලාත් ඔවුන්ට කී ය-. 6 එවිට නායක පූජකවරු ද මුර සේවකයෝ ද උන් වහන්සේ දුටු කල-, ''කුරුසියේ ඇණ ගසන්න-, කුරුසියේ ඇණ ගසන්නැ''යි මොරගැසූ හ-. පිලාත් කතා කරමින්-, ''ඔබ ම මොහු ගෙන ගොස් කුරුසියේ ඇණ ගසන්න-, මන්ද-, මොහු අත කිසි ම වරදක් ඇති බව මට නමි නොපෙනේ ය''යි කී ය-. 7 ජුදෙව්වරු පිළිතුරු දෙමින්-, ''නීතියක් අපට ඇත; ඒ අනුව-, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැ-,ය යුතු ය''යි කී හ-. 8 ඒ කීම ඇසූ කල-, පිලාත් වඩාත් -,ය වී-, 9 රජවාසලට යළිත් ඇතුළු වී-, ජේසුස් වහන්සේ අමතා-, ''ඔබ කොහෙන් එන්නේ දැ''යි ඇසී ය-. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක-. 10 එබැවින් පිලාත් කතා කොට-, ''ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය-. 11 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නමි-, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත-. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය''යි වදාළ සේක-. 12 ඒ මොහොතේ පටන් පිලාත් ජේසුස් වහන්සේ නිදහස් කර හරින්නට මභක් සෙවී ය-. එහෙත් ජුදෙව්වරු මොරගසමින්-, ''ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අය්රාජයාගේ මිතුරෙක් නොවේ-. යමි තැනැත්තෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද-, ඔහු අය්රාජයාගේ හතුරෙකි''යි කී හ-. 13 පිලාත් ඒ බස් අසා-, ජේසුස් වහන්සේ පිටතට ගෙනැවිත් සිටුවා-, හෙබ්‍රෙව් බසින් 'ගබ්බාතා' කියන ගල් වේදිකා නමි ස්ථානයේ ඇති විනිශ්චයාසනයෙහි අසුන් ගත්තේ ය-. 14 ඒ වනාහි පාස්කු මංගල්‍යයට සූදානමි වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය-. ඔහු-, ''මෙන්න ඔබේ රජ ය''යි ජුදෙව්වරුන්ට කී ය-. 15 ''ඔහු මරව-, ඔහු මරව-, ඔහු කුරුසියේ ඇණ ගසව''යි ඔව්හු මොරගැසූ හ-. ''ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්නට දැ''යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය-. නායක පූජකයෝ පිළිතුරු දෙමින්-, ''සීසර් අය්රාජයා හැර අන් රජෙක් අපට නැතැ''යි කී හ-. 16 එකල ඔහු-, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන පිණස ඔවුන්ට භාර දුන්නේ ය-. කුරුසියේ ඇණ ගැසීම එබැවින් ඔව්හු ජේසුස් වහන්සේ භාර ගත්හ-. 17 උන් වහන්සේ ම කුරුසිය උසුලාගෙන-, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා යයි කියන කපාලපිටිය නමි ස්ථානයට වැඩිය සේක-. 18 එහි දී ඔව්හු උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ හ; උන් වහන්සේ සමභ තවත් දෙදෙනෙකු දෙපසින් ද උන් වහන්සේ මැදි ව ද සිටින සේ ඇණ ගැසූ හ-. 19 තවද පිලාත් නාම පුවරුවක් ලියවා කුරුසිය මත තැබෙව්වේ ය-. 'ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් ය'යි එහි ලියා ති-,ණ-. 20 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්-, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්-, එය කියෙව්වෝ ය-. හෙබ්‍රෙව්-, ලතින්-, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා ති-,ණ-. 21 එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට-, '' 'ජුදෙව්වරුන්ගේ රජ' යයි නොලියා-, 'මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි-, මේ මිනිසා-, කියාගත්තේ ය'යි ලියෙව්ව මැනවැ''යි කී හ-. 22 පිලාත් පිළිතුරු දෙමින්-, ''මම ලිව්වොත් ලිව්වා ම ය''යි කී ය-. 23 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු-, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන-, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ-. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ-. ඒ සළුවට මූට්ටුවක් නොදමා-, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා ති-,ණ-. 24 එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට-, ''අපි මෙය නොඉරා-, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු''යි කී හ-. මෙසේ වූයේ: ''මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ; මාගේ සළුව පිණස දාදු දැමූ හ'' යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණස ය-. එබැවින් හේවායෝ මෙසේ කළහ-. 25 ජේසුස් වහන්සේගේ මෑණයෝ ද මෑණයන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළභ සිටියෝ ය-. 26 එකල ජේසුස් වහන්සේ සිය මෑණයන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළභ සිටිනු දැක-, ''ස්ත්‍රිය-, මෙන්න ඔබේ පුත්‍රයා ය''යි සිය මෑණයන් හට වදාළ සේක-. 27 ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට-, ''මෙන්න ඔබේ මෑණයෝ ය''යි වදාළ සේක-. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය-.

ජේසුස් වහන්සේගේ මරණය

28 ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන-, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණස-, ''මට පිපාස ය''යි වදාළ සේක-. 29 එහි විනාකිරි පිරූ භාජනයක් ති-,ණ-. එබැවින් ඔව්හු විනාකිරි පොභවන ලද මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා-, උන් වහන්සේගේ මුඛයට ළං කළහ-. 30 ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු-, ''සියල්ල නිම වී ය''යි වදාරා-, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක-.

හෙල්ලයකින් ඇනීම

31 එය සබත් දිනට පෙර සූදානමි වීමේ දවස විය-. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණස-, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ-. 32 එබැවින් හේවායෝ අවුත්-, පළමුවැන්නාගේත්-, එමෙන් ම ඔහු සමභ ඇණ-ගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ-. 33 එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළභට පැමිණ විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක-, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ-. 34 එහෙත්-, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය-. එකෙණෙහි ම-, ලේත් වතුරත් ගලා ආවේ ය-. 35 එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි-. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය-. ඔබත් විශ්වාස කරන පිණස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි-. 36 මේ දේවල් සිදු වූයේ-, 'ඔහුගේ එක ඇටයක් වත් නො-,ඳිනු ලැබේ ය'යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණස ය-. 37 තවද: 'ඔවුන් ඇණ තුවාළ කළ තැනැත්තා දෙස-, බලනු ඇතැ'යි තවත් ශුද්ධ ලියවිලි පාඨයක් ඇත-.

භූමදානය

38 ඉන්පසු-, ජුදෙව්වරුන්ට -,ය නිසා-, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්-, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය-. පිලාත් අවසර දුන්නේ ය-. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය-. 39 මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණ නිකොදේමුස් ද-, කිලෝග්‍රEමි තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය-. 40 ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන-, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය-. 41 උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය-. ඒ උයනේ-, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය-. 42 ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ-.

යොහන් 20

හිස් වූ සොහොන

1 සතියේ පළමු වන දා හිමිදිරියේ ම-, අඳුර ති-,ය දී-, මග්දලායේ මරියා සොහොන් ගෙය ළභට අවුත්-, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය-. 2 එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්-, ''ඔවුන් සමිඳ්‍රණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු''යි කීවා ය-. 3 එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ-. 4 දෙදෙනා ම එක් ව දිව්වෝ ය-. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ-, 5 නැමී බලා-, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටී ය-. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය-. 6 සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්-, හණ රෙදි එහි තිබෙන බවත්-, 7 උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ-, හණ රෙදි සමභ නොව-, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය-. 8 එකල සොහොන් ගේ ළභට පළමුවෙන් පැමිණ ඒ අනික් ශ්‍රාවකයා ද-, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය-. 9 උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල-, ඒ වන තුරු ඔවුන් තේරුමි ගෙන සිටියේ නැත-. 10 ඉක්-,ති ශ්‍රාවකයෝ තම තමන්ගේ නිවෙස්වලට හැරී ගියහ-.

ජේසුස් වහන්සේ මග්දලායේ මරියාට දර්ශනය වීම

11 එහෙත් මරියා සොහොන් ගෙය ළභ පිටත හඬමින් සිටියා ය-. ඈ මෙසේ හඬමින් ම සොහොන් ගෙය ඇතුළට නැමී බැලුවා ය-. 12 එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි-, සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු-, එක් කෙනෙක් හිස තැබූ තැන ද තව කෙනෙක් පාද ළභ ද හිඳිනු දුටුවා ය-. 13 එකල ඔව්හු: ''ස්ත්‍රිය-, ඔබ හඬන්නේ මන්දැ''යි ඇගෙන් ඇසූ හ-. ''ඔවුන් මාගේ සමිඳ්‍රණන් වහන්සේ ගෙන ගොස් කොතැන තැන්පත් කර ඇද්දැ යි මා නොදන්නා නිසා ය''යි ඈ පිළිතුරු දුන්නා ය-. 14 මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී-, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය-. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය-. 15 ''ස්ත්‍රිය-, ඔබ හඬන්නේ මන් ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැ''යි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක-. ඈ උන් වහන්සේ උයන්ගොව්වා යයි සිතා: ''මහතාණෙනි-, ඔබ උන් වහන්සේ ගෙන ගියා නමි-, උන් වහන්සේ කොතැන තැන්පත් කෙළෙහි දැ යි මට කිව මැනව; මම උන් වහන්සේ රැගෙන යමි''යි කීවා ය-. 16 ජේසුස් වහන්සේ-, ''මරියා'' කියා ඈ ඇමතූ සේක-. ඈ ද-, හැරී-, ''රබ්බෝනි''යි හෙබ්‍රෙව් බසින් උන් වහන්සේට පිළිවදන් දුන්නා ය-. එහි අර්ථය 'ගුරුදේවයෙනි' යනුයි-. 17 ජේසුස් වහන්සේ කතා කොට-, ''මා අල්ලන්නට එපා; මන්ද-, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි-. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්-, 'මම-, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්-නෙමි'යි ඔවුන්ට කියන්නැ''යි වදාළ සේක-. 18 මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස්-, ''මම ජේසුස් වහන්සේ දිටිමි''යි කියා ද-, මේ දේවල් උන් වහන්සේ ඈට වදාළ බව ද-, ඔවුන්ට දැන්වූවා ය-.

ශ්‍රාවකයන්ට දර්ශනය වීම

19 සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට -,යෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට-, ''ඔබට ශාන්තිය වේ වා!'යි වදාළ සේක-. 20 උන් වහන්සේ මෙසේ වදාරා තමන් අත් ද ඇලය ද ඔවුන්ට පෙන්වූ සේක-. ශ්‍රාවකයෝ සමිඳ්‍රණන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ-. 21 ''ඔබට ශාන්තිය වේ වා!''යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා ''පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි''යි ඔවුන්ට කී සේක-. 22 උන් වහන්සේ ඉක්-,ති ඔවුන් පිට හුස්ම හෙළා-, ''ශුද්ධාත්මයාණන් පිළිගන්න; 23 ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද-, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද-, ඒවා කමා නොකරනු ලැබේ ය''යි ඔවුන්ට වදාළ සේක-.

තෝමස්ට දර්ශනය වීම

24 ජේසුස් වහන්සේ වැඩිය කල-, දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ 'නිවුන් දරුවා' යයි නමි ලත් තෝමස් ඔවුන් සමභ නොසිටියේ ය-. 25 එහෙයින් සෙසු ශ්‍රාවකයෝ-, ''අපි සමිඳ්‍රණන් වහන්සේ දුටිමු''යි ඔහුට කී හ-. එහෙත් ඔහු කතා කොට-, ''උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක-, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා-, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස-, නැත්නමි විශ්වාස නොකරමි''යි කී ය-. 26 අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය-. තෝමස් ද ඔවුන් සමභ සිටියේ ය-. දොරවල් වසා ති-,ණ-. එහෙත්-, ජේසුස් වහන්සේ පැමිණ-, ඔවුන් මැද වැඩ සිට: ''ඔබට ශාන්තිය වේ වා!''යි වදාළ සේක-. 27 ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා-, ''ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න-. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ''යි වදාළ සේක-. 28 තෝමස් පිළිතුරු දෙමින්-, ''මාගේ ස්වාමීනි-, මාගේ දෙවියෙනි''යි උන් වහන්සේට කී ය-. 29 එවිට ජේසුස් වහන්සේ-, ''ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය-. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය''යි වදාළ සේක-.

පොත ලිවීමේ අදහස

30 මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කමි ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක-. 31 එහෙත් මේවා ලියන ලද්දේ-, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණසත්-, ඇදහීමෙන් ජීවනය ලබන පිණසත් ය-.

යොහන් 21

ශ්‍රාවකයන් සත් දෙනෙකුට දර්ශනය වීම

1 ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නමි මුහුද ළභ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක-. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය-. 2 සීමොන් පේදුරු ද 'නිවුන් දරුවා' නමි වූ තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙදෙනෙක් ද එක් ව සිටියෝ ය-. 3 සීමොන් පේදුරු-, ''මම මසුන් අල්ලන්න යමි''යි ඔවුන්ට කී ය-. ''අපිත් ඔබ සමභ එමු''යි ඔව්හු ඔහුට කී හ-. ඔව්හු පිටත් ව ගොස් ඔරුවට නැංගා හ-. එහෙත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත-. 4 පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළෙහි සිටි සේක-. එසේ වුවත්-, ඒ ජේසුස් වහන්සේ බව ශ්‍රාවකයෝ නොදත්හ-. 5 එවිට ජේසුස් වහන්සේ-, ''මිත්‍රයෙනි-, ඔබ ළභ මාළු තිබේ දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක-. ඔව්හු-, ''නැතැ''යි කී හ-. 6 උන් වහන්සේ ඔවුන් අමතමින්-, ''ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න-, එවිට සමිබ වනු ඇතැ''යි වදාළ සේක-. එසේ දැල හෙළූ කල-, අසුවූ මසුන් රාශිය නිසා දැල ඇද ගන්නට වත් ඔවුන්ට නොහැකි විය-. 7 ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට-, ''අන්න-, ඒ සමිඳ්‍රණන් වහන්සේ ය''යි කී ය-. එවිට සීමොන් පේදුරු ඒ සමිඳ්‍රණන් වහන්සේ බව අසා-, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්-, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය-. 8 එහෙත් සෙසු ශ්‍රාවකයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන-, කුඩා ඔරුවෙන් ආහ-. ඔව්හු වෙරළට නුදුරු ව මීටර් සියයක් පමණ ඈතින් සිටියහ-. 9 ඔව්හු ගොඩට ආ විට එහි ගිනි අඟුරු ද ඒ පිට මාළු තිබෙන බව ද රොටි ද දුටුවෝ ය-. 10 ''ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැ''යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක-. 11 සීමොන් පේදුරු ඔරුවට නැඟී-, ලොකු මසුන් එකසිය පණස්තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේ ය-. එපමණ තිබුණ නමුත් දැල ඉරුණේ නැත-. 12 ජේසුස් වහන්සේ කතා කොට-, ''එන්න-, අනුභව කරන්නැ''යි ඔවුන්ට වදාළ සේක-. ඒ සමිඳ්‍රණන් වහන්සේ බව ඔවුන් දැන සිටි හෙයින්-, ''ඔබ කවුරු දැ''යි උන් වහන්සේගෙන් අසන්නට ශ්‍රාවකයන්ගෙන් කිසිවෙකුට වත් ධෛර්යය නොති-,ණ-. 13 ජේසුස් වහන්සේ ඇවිත්-, රොටි රැගෙන ඔවුන්ට දුන් සේක; එසේ ම මාළුත් දුන් සේක-. 14 මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්-ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය-.

පේදුරුට පැවරූ තුන් ප්‍රකාර භාරය

15 මෙසේ ඔවුන් ආහාර වැළ» පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට-, ''ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්-, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ''යි ඇසූ සේක-. ඔහු-, ''එසේ ය ස්වාමීනි-, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ''යි පිළිතුරු දුන්නේ ය-. උන් වහන්සේ-, ''මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ''යි ඔහුට වදාළ සේක-. 16 නැවත දෙ වන වරටත්-, ''ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ''යි ඔහුගෙන් ඇසූ සේක-. ඔහු-, ''එසේ ය-, ස්වාමීනි-, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ''යි පිළිතුරු දුන්නේ ය-. උන් වහන්සේ ද-, ''මාගේ බැටළුවන්ගේ එඩේරා වන්නැ''යි වදාළ සේක-. 17 උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට-, ''ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්-, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ''යි ඔහුගෙන් ඇසූ සේක-. තුන් වන වරටත්-, 'මට ප්‍රේම කරන්නෙහි දැ'යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: ''ස්වාමීනි-, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ''යි කී ය-. ''මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ''යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක-. 18 ''ඒකාන්තයෙන් මම ඔබට කියමි-, ඔබ තරුණ වියෙහි ඔබේ ඉභටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය-. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය-, වෙන කෙනෙකු ඔබේ ඉභටිය බැඳ-, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ''යි වදාළ සේක-. 19 ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හභවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක-. ඉක්-,ති ''මා අනුව එන්නැ''යි නැවතත් ඔහුට කී සේක-.

හිතවත් ශ්‍රාවකයා

20 පේදුරු හැරී-, ජේසුස් වහන්සේ ප්‍රේම කළාවූ ද රාත්‍රි භෝජනයෙහි දී උන් වහන්සේගේ ළයෙහි හාන්සි වී සිට-, 'ඔබ පාවා දෙන්නේ කවරෙක් දැ'යි ඇසුවාවූ ද ශ්‍රාවකයා තමන් පසුපස්සේ එනු දිටී ය-. 21 පේදුරු ඔහු දැක-, ''ස්වාමීනි-, මොහුට කුමක් වේ දැ''යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය-. 22 ජේසුස් වහන්සේ ද-, ''මා එනතෙක් ඔහු සිටිනවාට මා කැමැති නමි ඔබට මොක ද? 23 ඔබ මා අනුව එන්නැ''යි වදාළ සේක-. එහෙයින් ඒ ශ්‍රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය-. එසේ වී නමුත් ජේසුස් වහන්සේ-, 'මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නමි ඔබට මොක දැ'යි කීවා මිස-, 'ඔහු නොමැරෙන්නේ ය'යි නොවදාළ සේක-. 24 මේ ගැන සාක්ෂි දෙන්නාවූ ද මෙය ලිව්වාවූ ද ශ්‍රාවකයා ඔහු ය-. ඔහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමු-. 25 ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත-. ඒවා එකින් එක ලිව්වොත්-, ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදි යයි සිතමි-.



AMAZING GRACE BIBLE INSTITUTE