Hebrews

හේ‍‍බ්‍රෙව්

පුත්‍රයාණන් මඟින් කළ අවසාන ප්‍රකාශනය

1 දෙවියන් වහන්සේ ආදි යුගවල දී-, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද-, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක-. 2 එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක-. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා-, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක-. 3 උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්-වයේ ස්වරූපය ද වන සේක්-, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක-. පාප ශෝධනය ඉටු කළ පසු-, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක-.

පුත්‍රයාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය

4 මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන් වහන්සේ ඔවුන්ට වඩා බොහෝ සේ උතුමි වන සේක-. 5 මන්ද: ''ඔබ මාගේ පුත්‍රයා ය; මම අද ඔබ ජනිත කෙළෙමි''යි කියාත්-, ''මම ඔහුට පියෙක් වන්නෙමි-, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය'' කියාත්-, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක-. 6 උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල: ''දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා''යි වදාරන සේක-. 7 දේව දූතයන් ගැන: ''උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද-, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ''යි වදාරන සේක-. 8 එහෙත් පුත්‍රයාණන් ගැන: ''දෙවියන් වහන්ස-, ඔබගේ සිංහාසනය සදහට ම පවත්නේ ය; ධර්මිෂ්ඨකමේ ජයකොන්තය ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය වේ-. 9 ඔබ ධර්මිෂ්ඨකමට පි‍්‍රය ව අධර්මිෂ්ඨකමට ද්වේෂ කළ සේක; එබැවින් දෙවියන් වහන්සේ-, ඔබේ ම දෙවියන් වහන්සේ-, ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබේ සහකාරයන්ට ඉහළින් ඔබ අභිෂේක කළ සේකැ''යි වදාරන සේක-. 10 යළිත්: ''ස්වාමීනි-, ආරමිභයේ දී ඔබ පොළොවේ අත්තිවාරමි ලූ සේක-, ස්වර්ගලෝක ඔබගේ මැවිලි ය-. 11 ඒවා පහ ව යන්නේ ය-, එහෙත් ඔබ පවතින සේක-. ඒ සියල්ල වස්ත්‍ර මෙන් පරණ වන්නේ ය; 12 ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක-, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි-. එහෙත් ඔබ ඒකාකාර ම ය-, ඔබගේ වයසට සීමාවක් නැතැ''යි වදාරන සේක-. 13 එහෙත්: ''මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්-, මාගේ දකුණත අසුන් ගන්නැ''යි උන් වහන්සේ-, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද? 14 එසේ නමි දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණස එවන ලද ආත්මයෝ ය-.

හේ‍‍බ්‍රෙව් 2

උදාර ගැළවීම

1 එබැවින් අප ඇසූ ඉගැන්වීමිවලින් ඈත් ව නොයන පිණස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය-. 2 මන්ද-, දේව දූතයන් මඟින් ප්‍රකාශ කරන ලද ව්‍යවස්ථාව කෙතරමි දැඩි වී ද යත්-, සියලු වැරදිවලටත්-, අකීකරුකමිවලටත් සාධාරණ ප්‍රතිවිපාක ලැබුණු බව අපි දනිමු-. 3 එසේ නමි-, පළමුවෙන් සමිඳ්‍රණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද-, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද-, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්-, අපි කෙසේ ගැළවෙමු ද? 4 දෙවියන් වහන්සේත් ලකුණුවලින් ද අරුමපුදුම දේවලින් ද විවිධ ප්‍රාතිහාර්යවලින් ද ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයාණන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන් ද ඊට සාක්ෂි දුන් සේක-.

විමුක්තිදායකයාණන් වූ ක්‍රිස්තුන් වහන්සේ

5 අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැන ය-. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේව දූතයන්ට යටත් නොකළ සේක-. 6 එසේ නොව-, ශුද්ධ ලියවිල්ලෙහි යමි තැනක යමි තැනැත්තෙක් මෙසේ සාක්ෂි දරයි-. ''ඔබ-, මිනිසා ගැන සිතන්නට තරමි ඔහු කවරෙක් ද? නොහොත්-, යමි මිනිසෙකු ගැන සලකන්නට තරමි ඔහු සතු වටිනාකම කිමෙක් ද? 7 ඔබ ඔහු-, ටික කලකට දේව දූතයන්ට වඩා පහත් කළ සේක-. ඔබ තේජස ද ගෞරවය ද නමැති කිරුළ ඔහුට පැළඳ වූ සේක-. 8 ඔබ ඔහුගේ පාදවලට සියල්ල ම යටත් කළ සේක-.'' එසේ ය-, උන් වහන්සේ සියල්ල මිනිසාට යටත් කළ සේකැ යි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ-. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තව ම අපට නොපෙනේ-. 9 එහෙත් අපට පෙනෙන්නේ-, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්-, දිවි පිදූ නිසා-, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය-. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය-. 10 මන්ද-, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල-, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට-, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව ති-,ණ-. 11 මන්ද-, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නෝ ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති-. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී: 12 ''මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි-, සබ මැද ඔබට පැසසුමි ගී ගයන්නෙමි''යි වදාරන සේක-. 13 නැවතත්: ''මම උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි''යි කියා ද-, යළිත්: ''මෙන්න-, මමත් දෙවියන් වහන්සේ මට දුන් දූදරුවෝත්'' ය කියා ද වදාළ සේක-. 14 එහෙයින් පවුලේ සියලු දරුවන්ට එක ම මාංසයත් රුය්රයත් පොදුවේ ඇතිවා සේ ම උන් වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූ සේක-. එසේ කෙළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය මඟින් විනාශ කොට-, 15 දිවි ඇති තාක් මරණ භයින් වහල්කමට යටත් ව සිටින සියල්ලන් නිදහස් කරන පිණස ය-. 16 මන්ද-, උන් වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේව දූතයන් නොව-, ආබ්‍රහමිගේ පෙළපතෙන් පැවත එන අය ය-. 17 එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත-, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණස-, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව ති-,ණ-. 18 උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ-, දුක් වින්ද බැවින්-, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන-.

හේ‍‍බ්‍රෙව් 3

මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ ජේසුස්

වහන්සේ

1 ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ කිතුනු සහෝදරයෙනි-, අපේ ඇදහිල්ලේ ප්‍රේරිත-යාණන් හා උත්තම පූජකයාණන් ද වන ජේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න-. 2 මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාස ව සිටි සේ ම-, ජේසුස් වහන්සේ ද තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාස ව සිටින සේක-. 3 ගෘහයට වඩා ගෘහය තැනූ තැනැත්තාට ගෞරවය ඇත්තේ යමි සේ ද-, එසේ ම මෝසෙස්ට වඩා ජේසුස් වහන්සේ ගෞරවය ලැ-,මට සුදුසු යයි ඒත්තුගන්නා ලදී-. 4 මන්ද-, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි-. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය-. 5 සැබැවින් ම මෝසෙස්-, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය-. 6 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක-. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නමි-, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වමිහ-.

දේව සෙනභට විශ්‍රාම ශාන්තිය

7 එබැවින් ශුද්ධාත්මයාණෝ මෙසේ වදාරන සේක: ''අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නමි-, 8 පාළුකරයේ දී නුඹලා උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න-. 9 එහි දී නුඹලාගේ පියවරු සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ-. 10 එබැවින් මම ඒ පරමිපරාවට උදහස් වී: 'ඔව්හු නිතර ම සිතින් මුළා වෙති; මාගේ මාර්ග ද ඔව්හු තේරුමි නොගත්හ-. 11 ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි මාගේ උදහසින් දිවුළෙමි ය'යි කීවෙමි-.'' 12 එබැවින් සහෝදරයෙනි-, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතු වන-, ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු-, ඔබ අතර නොසිටින හැටියට බලාගන්න-. 13 ඔබගෙන් කිසිවෙකු පාප මායා-වෙන් දැඩි නොවන පිණස-, 'අද දවස' යයි කිව හැකි කාල සීමාව තුළ-, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න-. 14 මන්ද-, මුලදී අප තුළ වූ විශ්වාසය-, අග දක්වා අපි තරයේ පවත්වාගනිමු නමි-, අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමක්කාරයෝ වමිහ-. 15 ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි-. ''අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නමි-, කැරලි ගැසූ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න-.'' 16 දේව හඬ අසා-, ඉන්පසු කැරලි ගැසුවෝ කවරහු ද? ඔව්හු මෝසෙස්ගේ මභපෙන්වීම ඇති ව මිසරයෙන් නික්ම ආ සියල්ලෝ නොවෙත් ද? 17 උන් වහන්සේ සතළිස් අවුරුද්දක් ම උදහස් ව සිටියේ කවුරුන් සමභ ද? පව් කොට-, කාන්තාරයේ මළ අය සමභ නොවේ ද? 18 තමන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි උන් වහන්සේ දිවුරා කීවේ කවුරුන් ගැන ද? අකීකරු වූවන් ගැන නොවේ ද? 19 එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට නුපුළුවන් වූ බව අපට පෙනේ-.

හේ‍‍බ්‍රෙව් 4

දෙවියන් වහන්සේගේ විශ්‍රාමය

1 එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් ති-,ය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි -,යක් ඇති කර ගනිමු-. 2 මන්ද-, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී-. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්-, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය-. 3 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත-. ''මාගේ උදහසින් දිවුළ ලෙස-, ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතු ළු නොවන්නෝ ය-.'' එසේ වුව ද-, අදහාගත් අපි ඒ විශ්‍රාමයට ඇතු ළු වෙමු-. සැබැවින් ම ලෝකය මැවීමේ සිට-, දෙවියන් වහන්සේගේ වැඩ නිම වී තිබුණේ ය-. 4 උන් වහන්සේ එක් තැනක සත් වන දවස ගැන කතා කොට-, ''දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතුවලින් සත් වන දවසේ දී නිවාඩු ගත් සේකැ''යි කියා තිබේ-. 5 නැවත මේ පාඨයෙහිත්: ''ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතු ළු නොවන්නෝ ය''යි කියා ඇත-. 6 එබැවින් සමහරුන් ඊට ඇතුළු විය යුතු බැවින් ද-, ඒ සුබ අස්න පළමුකොට ඇසූ අය-, අකීකරුකම නිසා ඇතුළු නො වූ බැවින් ද-, 7 උන් වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මඟින් ඉහත කී ලෙස කතා කරවමින්: ''අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නමි-, නුඹලාගේ සිත් දැඩි කර නොගන්න-,'' යන පාඨයෙහි 'අද' කියා එක්තරා දවසක් නියම කරන සේක-. 8 මන්ද-, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නමි-, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත-. 9 එබැවින් දෙවියන් වහන්සේගේ සෙනභට සබත් නිවාඩුවක් ඉතිරි ව ඇත-. 10 දෙවියන් වහන්සේ සිය කටයුතුවලින් නිවාඩු ගත්තාක් මෙන්-, උන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තා ද-, සිය කටයුතුවලින් නිවාඩු ගන්නේ ය-. 11 එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු-. 12 දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද-, සන්ය් ඇටමිදුලුවලින් ද වෙන් කරන තරමි විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය-. 13 උන් වහන්සේ කෙරෙන් සැභවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත-. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ-. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය-.

ශ්‍රේෂ්ඨතම උත්තම පූජකයාණෝ

14 එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නමි ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා-, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු-. 15 මන්ද-, අපට ඇත්තේ අපේ දුබලකමි ගැන අනුකමිපාවක් නැති උත්තම පූජකයෙකු නොව-, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි-. 16 එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකමිපාව ලබන පිණස -,ය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු-.

හේ‍‍බ්‍රෙව් 5

1 සෑම නායක පූජකයෙක් ම-, පඬුරුත් පාප පූජාත් ඔප්පු කිරීම පිණස ස්වකීය සෙනභ අතුරින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා වූ කටයුතු කිරීම පිණස පත් කරනු ලබයි-. 2 ඔහුත් දුර්වලකමිවලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන-. 3 ඒ දුර්වලකමි නිසා සෙනභ උදෙසා මෙන් ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කරනු ලැ-,ම අවශ්‍ය ව ඇත-. 4 තවද ආරොන් මෙන්-, දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස-, අන් කිසිවෙක් ඒ නිලය තමාට ම පවරා නොගන්නේ ය-. 5 එසේ ම ක්‍රිස්තුන් වහන්සේත් නායක පූජකයෙකු වීමේ ගෞරවය තමන් වහන්සේ ම පවරා නොගත් සේක-. එහෙත්: ''ඔබ මාගේ පුත්‍රයා ය; අද මම ඔබ ජනිත කෙළෙමි''යි උන් වහන්සේට කී තැනැන් වහන්සේ ම ඒ ගෞරවය පැවරූ සේක-. 6 එලෙස ම වෙන තැනක: ''ඔබ මෙල්කිසදෙක් පූජක පරපුර අනුව-, සදහට ම පූජකයෙක් වන්නෙහි ය''යි ඒ තැනැන් වහන්සේ වදාරන සේක-. 7 ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඩීමෙනුත් කඳු ළු සැලීමෙනුත්-, යාච්ඤ ද කන්නලවු ද ඔප්පු කළ සේක-. උන් වහන්සේගේ දේව ගරු-,ය නිසා-, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක-. 8 උන් වහන්සේ පුත්‍රයාණන් වූ නමුත්-, තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත් සේක-. 9 මෙසේ උන් වහන්සේ සමිපූර්ණත්වය ලැබ-, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක-. 10 තවද මෙල්කිසදෙක් පූජක පරපුර අනුව-, උත්තම පූජක නාමය ද දෙවියන් වහන්සේගෙන් ලත් සේක-.

ධර්මය හා කල්ක්‍රියාව

11 මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින්-, ඒවා පහදා දීම දුෂ්කර කරුණකි-. 12 ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත්-, දේව පණවුඩය 'අ' යන්නේ පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතු ව තිබේ-. ඉන් අදහස් කරන්නේ-, ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බව ය-. 13 කිරි -,මෙන් ජීවත් වන්නා ළදරුවෙකු බැවින් ඔහුට ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් නැත-. 14 එහෙත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්-දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරා ගිය පුද්ගලයන්ට ය-.

හේ‍‍බ්‍රෙව් 6

1 එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීමි පසුකර යමු-. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද 2 බව්තීස්ම-ස්නාපනය ද අත් තැ-,ම ද මළවුන්ගේ උත්ථානය ද සදාතන විනිශ්චය ද යන මේවා පිළිබඳ ඉගැන්වීමි ගැන නැවත වෙහෙසීමට වුවමනාවක් නැත-. ඒ වෙනුවට පරිණත ධර්මය කරා ඉදිරියට යමු-. 3 දෙවියන් වහන්සේ කැමැති සේක් නමි අපි එසේ කරමු-. 4 වරක් දහමි එළියෙන් පැහැදීම ලැබූවන් වැටී ගිය විට ඔවුන් නැවත පසුතැවී සිත් හරවා ගැනීමට පැමිණවීම කළ නොහැකි ය-. ඔව්හු ස්වර්ගීය දීමනාව රසාස්වාදනය කර-, ශුද්ධාත්මයාණන් සමභ පංගුකාරයෝ වූ හ-. 5 දේව වචනය යහපත් බව ද-, එන්නට තිබෙන යුගයේ බලවේගයන් ද ඔව්හු අත්දැකීමෙන් දැනගත්හ-. 6 ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවාගැනීමට නුපුළුවන-, මන්ද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්-, නැවතත් කුරුසියේ ඇණ ගසා උන් වහන්සේට ප්‍රසිද්ය්යේ නින්දා කරති-. 7 වරින් වර වහින වැහි වතුර උරාගනිමින් ගොවීන්ට සුදුසු අස්වැන්නක් දෙන පොළොවට දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ලැබේ-. 8 එහෙත් ඒ පොළොව කටු ගස් ද-, ගොකටු ද දරයි නමි ඉන් වැදගැමිමක් නැත; සාපය ඒ පිට පැමිණෙයි-. දැවී යාමෙන් එය අවසන් වේ-. 9 එහෙත් ප්‍රේමවන්තයෙනි-, අප මෙසේ කතා කළත්-, ගැළවීම ගෙන දෙන වඩා යහපත් දේ ඔබට ඇති බව අපි නිසැක ව ම විශ්වාස කරමු-. 10 මන්ද-, ඔබගේ සේවය ද-, ඔබ සැදැහැවතුන්ට කළා වූ-, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරමි උන් වහන්සේ අසාධාරණ නොවන සේක-. 11 එහෙත් ඔබ එකිනෙකා අග දක්වා ම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක්-, එම උද්‍යෝගය පෙන්වනවාට අපි ආශා වෙමු-. 12 තවද ඔබ අලස නොවී-, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කර-ගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය-.

දේව පොරොන්දුව හා දිවුරුම

13 මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහමිට ප්‍රතිඥ දුන් කල-, දිවුරුමි දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්; 14 ''සැබැවින් ම නුඹට අතිශයින් ආශීර්වාද කරන්නෙමි-, නුඹේ දරු පරමිපරා බොහෝ වැඩි කරන්නෙමි''යි වදාළ සේක-. 15 එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබා ගත්තේ ය-. 16 සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති-. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහ-තිකයකිනි-. 17 එමෙන් ම දෙවියන් වහන්සේ: පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණස-, දිවුරුමකින් එය සහතික කළ සේක-. 18 මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත-. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට-, ආරක්ෂාව සොයා පැමිණ අපට මහත් ධෛර්යයක් ලැ-, ඇත-. 19 අප සතු මේ බලා-පොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය-. එය සුරක්ෂිත ය-, ස්ථීර ය-. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට-, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය-. 20 ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව-, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක-.

හේ‍‍බ්‍රෙව් 7

මෙල්කිසදෙක්

1 මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙමිහි රජ ද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් ද විය-. ආබ්‍රහමි රජවරුන් පලවා හැර පෙරළා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශීර්වාද කෙළේ ය-. 2 ආබ්‍රහමි තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය-. පළමු ව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය 'ධර්මිෂ්ඨකමේ රජු' යනුයි-. දෙවනු ව-, ඔහු සාලෙමිහි රජ වූ බැවින්-, ඔහුගේ නාමයේ අර්ථය 'සාමයේ රජු' යනු ද විය-. 3 තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්-, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත-. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි-. 4 මෙසේ මොහු කොතරමි ශ්‍රේෂ්ඨ දැ යි කල්පනා කරන්න-. 5 ආදි පිතෘවර ආබ්‍රහමි පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය-. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්-, එනමි-, ආබ්‍රහමිගෙන් පැවත එන සිය සොහොයුරන්ගෙන් පවා-, දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති-. 6 එහෙත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නො වූ මේ තැනැත්තා දසයෙන් කොටස ආබ්‍රහමිගෙන් ලබාගෙන-, පොරොන්දු හිමි වූ ඔහුට ආශීර්වාද කෙළේ ය-. 7 ආශීර්වාද කරන්නේ උසස් අය විසින් පහත් අයට බව වාද රහිත ය-. 8 එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති; අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමාන ව සිටින බවට සහතිකයක් ලද්දෙකි-. 9 ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහමි හේතුකොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකි ය-. 10 මන්ද-, මෙල්කිසදෙක් ආබ්‍රහමිට හමු වූ විට ලෙවී තම ආදි පියා තුළ සිටියේ ය-. 11 ඉශ්රායෙල් සෙනභට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සමිබන්ධ කරගෙන ය-. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැ-, නමි-, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ-, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද? 12 මන්ද-, පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතු ම ය-. 13 එසේය-, යමෙකු ගැන මේ දේ කියන ලද්දේ ද-, ඒ තැනැන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූ සේක-. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළභ සේවය නොකෙළේ ය-. 14 මන්ද-, අපගේ සමිඳ්‍රණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය-. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත-.

මෙල්කිසදෙක් වැනි උත්තම පූජකයෙක්

15 මෙල්කිසදෙක්ට සමාන අන් පූජකයෙකු පැමිණ නිසා මේ කරුණ වඩාත් පැහැදිලි ය-. 16 උන් වහන්සේ පූජකයෙකු වූයේ මනුෂ්‍ය නීති රීති අනුව නොව-, අමරණීය ජීවිතයක බල මහිමය අනුව ය-. 17 මන්ද: ''ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ''යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ-. 18 පළමු තිබුණු ව්‍යවස්ථාවේ දුර්වලත්වයත් නිෂ්ඵලකමත් නිසා එය අවලංගු වී ඇත-. මන්ද-, ව්‍යවස්ථාව මඟින් කිසිවක් සමිපූර්ණ නො වී ය-. 19 එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත-. ඒ බලාපොරොත්තුව මඟින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු-. 20 තවද-, දිවුරුමි දීමක් ද ඇත-. ලෙවීය පූජකයන් පත් කිරීමේ දී දිවුරුමි දීමක් නො වී ය-. 21 එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුමි දීමක් ඇති ව ය-. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: '' 'ඔබ සදහට ම පූජකයෙකැ'යි සමිඳ්‍රණන් වහන්සේ දිවුරුමි දුන් සේක-, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක-.'' 22 මෙසේ ජේසුස් වහන්සේ වඩා උතුමි ගිවිසුමක ඇපකාරයාණන් ද වී සිටින සේක-. 23 තවද-, මරණය හේතුකොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංඛ්‍යාව-, විශාල විය-. 24 එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය-. 25 එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ වෙතට ළඟා වන්නන් සදහට ම ගළවන්නට උන් වහන්සේට පිළිවන-. මන්ද-, ඔවුන් උදෙසා මැදහත් වීමට උන් වහන්සේ සදහට ම ජීවත් වන බැවිනි-. 26 අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික-, නිර්දෝෂ-, නිර්මල-, පව්කාරයන්ගෙන් වෙන් වූ-, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය-. 27 අන් උත්තම පූජකයන් මෙන්-, පළමු කොට තමන්ගේ ම පව් උදෙසාත්-, දෙවනු ව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට වුවමනාවක් නැත-. මන්ද-, උන් වහන්සේ තමන් ම එක ම වරක් පූජා වීමෙන් ඒ වුවමනාව ඉටු කළ සේක-. 28 දුර්වලකමි ඇති මනුෂ්‍යයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්-. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණ දිවුරුමේ වචනයෙන් සදහට ම සමිපූර්ණ ව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූ හ-.

හේ‍‍බ්‍රෙව් 8

අලුත් ගිවිසුමේ උත්තම පූජකයාණෝ

1 අප කියන ප්‍රධාන දෙය නමි-, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය-. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ-, දකුණත අසුන් ගෙන-, 2 මනුෂ්‍යයා විසින් නොව සමිඳ්‍රණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක-. 3 සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණස පත් කරනු ලබන්නාහ-. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යමි කිසිවක් ති-,ය යුතු ය-. 4 උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නමි-, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය-. මන්ද-, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි-. 5 මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: ''කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ''යි දෙවියන් වහන්සේ ආඥ කළ සේක-. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති-. 6 එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුමි පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුමි සේවක ධුරයක් ලැබූ සේක: 7 පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නමි-, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ-. 8 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නභමින් මෙසේ වදාරන සේක: ''බලන්න-, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමභ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේ ය-. 9 එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමභ කළ ගිවිසුම මෙන් නොවේ; මන්ද-, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ-, මම ද ඔවුන් නොසලකා හැරියෙමි-. 10 ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමභ කරන ගිවිසුම නමි: මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර-, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි-. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි-, ඔව්හු ද මාගේ සෙනභ වන්නෝ ය-. 11 සමිඳ්‍රණන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත්-, සහෝදරයාටත් නූගන්වන්නේ ය-. මන්ද-, ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝ ම මා දැනගන්නෝ ය-. 12 මම ඔවුන්ගේ අදමිටුකමි දයාවෙන් ඉවසමි-. ඔවුන්ගේ පව් ද තවත් සිහි නොකරන්නෙමි-.'' 13 අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක-. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළභ ය-.

හේ‍‍බ්‍රෙව් 9

අලුත් ගිවිසුමේ මැදහත්කාරයාණෝ

1 සැබැවින් ම පළමු වන ගිවිසුම සමිබන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය-. 2 එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී-. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුමි රොටි ද තිබුණේ ය-. එය ශුද්ධස්ථානය නමි විය-. 3 දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නමි ලත් මණ්ඩපය ති-,ණ-. 4 එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුමි කරඬුව ද තිබුණේ ය-. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය-. 5 ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ-. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත-. 6 මේ දේවල් මෙසේ පිළියෙළ කොට ති-,ය දී-, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතු ළු වෙති-. 7 එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ-. ඔහු තමා උදෙසාත්-, සෙනභගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණස ලේ රැගෙන එහි ඇතුළු වෙයි-. 8 ඒ පළමු වන මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් ශුද්ධාත්මයාණන් වහන්සේ පැහැදිලි ව පෙන්වන සේක-. 9 මේ සියල්ල වර්තමාන තත්ත්වය හභවන සංකේතයකි-. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි-. 10 මේවා කෑම-,මවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි-. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය-. 11 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනට ම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණ විට-, උන් වහන්සේ වඩා උතුමි හා වඩා සමිපූර්ණ-, මිනිස් අතින් නොසෑදූ-, එනමි-, මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩිය සේක-. 12 උන් වහන්සේ එළුවන්ගේත්-, වස්සන්ගේත් ලෙයින් නොව-, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක-. 13 මන්ද-, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්-, ගොනුන්ගේත් ලේ ද-, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්-, ඔව්හු පාරිශුද්ය්ය ලබන්නාහු ය-. 14 එසේ නමි-, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැ-,ම-, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ-, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන-, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද? 15 මේ කාරණය නිසා-, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක-. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැ-,ම පිණස මරණයක් සිදු වූ බැවිනි-. 16 අන්තිම කැමැති පත්‍රයක් වලංගු වීමට නමි-, එහි අත්සන් කළ තැනැත්තා මළ බව ඔප්පු කළ යුතු ය-. 17 එවැනි ගිවිසුමක් ස්ථීර වන්නේ මරණයෙන් පසු ව ය-. ගිවිසුම කළ තැනැත්තා ජීවත් ව සිටිනතුරු එය කොහෙත් ම වලංගු නැත-. 18 පළමු වන ගිවිසුම වුව ද ලේ නැති ව පිහිටුවනු නොලැබුවේ ඒ නිසා ය-. 19 මන්ද-, මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥ කියා දුන් පසු-, වස්සන්ගේත්-, එළුවන්ගේත් ලේ සමභ වතුර ද රතු ලොමි ද හිසොප් ද ගෙන: 20 ''මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේ ය''යි කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේ ය-. 21 එසේ ම ඔහු මණ්ඩපයටත්-, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය-. 22 ව්‍යවස්ථාව අනුව සියලු දෙය ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකි ය-. ලේ වැගිරීමක් නැති ව පව් කමාවක් නැත-.

සදහට ම පව් නසන පූජාව

23 එබැවින් ස්වර්ගීක දේවල අනුරූ පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නමි-, ස්වර්ගීක දේවල් මීට වඩා උතුමි පූජාවලින් පවිත්‍ර කරනු ලැ-,ය යුතු ය-. 24 මන්ද-, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අ-,මුවෙහි දැන් පෙනී සිටින පිණස-, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව-, ස්වර්ගයට ම ඇතුළු වූ සේක-. 25 නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට-, ඇතුළු වන්නාක් මෙන්-, උන් වහන්සේ නැවත නැවතත් තමන් ම ඔප්පු කරන පිණස ඇතුළු නො වූ සේක-. 26 එසේ නොවූයේ නමි-, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර-, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත-. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක-. 27 තවද එක වරක් මරණයත්-, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම-, 28 බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක-. තවද-, පාපය දුරු කරන පිණස නොව-, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණස-, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක-.

හේ‍‍බ්‍රෙව් 10

1 ව්‍යවස්ථාව වනාහි මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස එහි නියම රූපය ම නොවේ-. ඔවුන් වසරක් පාසා-, නැවත නැවත ඔප්පු කරන එම පූජාවලින් පුදපූජා කරන්නන් පරිපූර්ණ කිරීමට කවදාවත් ව්‍යවස්ථාවට නොහැකි ය-. එසේ කළ හැකි නමි-, 2 පුදපූජා කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබූ නිසා-, තවත් ඔවුන්ට පාප හැඟීමක් නැති බැවින්-, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ ය-. 3 එහෙත් ඒ යාගවලින් සිදුවන්නේ අවුරුදුපතා මිනිසුන්ට ඔවුන්ගේ පව් සිහි කර දීමකි-. 4 ගොනුන්ගේත්-, එළුවන්ගේත් ලෙයින් පව් පහකර දැමීමක් සිදු නොවේ-. 5 එහෙයින්-, ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට වඩින කල දෙවියන් වහන්සේට මෙසේ වදාළ සේක: ''ඔබට පුද පඬුරු රිසි නැත-. එහෙත් ඔබ මට සිරුරක් සූදානමි කළ සේක; 6 දවන පූජා හා පාප පූජා කිසිත් ඔබ සිත් නොගනියි-, 7 එසේ හෙයින්: දෙවිඳුනි-, පොත් වෙ ළුමේ මා ගැන ලියා ඇති සේ-, ඔබ රිසි දේ කරනු වස් මෙන්න-, මම ඇවිත් සිටිමි-.'' 8 ව්‍යවස්ථාව අනුව ඔප්පු කරන පුදපඬුරුවලටත්-, දවන පූජාවලටත්-, පාප පූජාවලටත් ඔබ කැමැති වන්නේ වත් සතුටු වන්නේ වත් නැතැ යි ඉහත කියා: 9 ''මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි''යි උන් වහන්සේ දෙවනු ව වදාළ සේක-. උන් වහන්සේ දෙවැන්න පිහිටුවන පිණස පළමුවැන්න අවලංගු කරන සේක-. 10 ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහට ම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ය්ය ලැබ සිටිමු-. 11 තවද හැම පූජකයෙක් ම සිටගෙන-, දවස්පතා තේවා ඉටු කරමින්-, කිසිකලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි-. 12 එහෙත් උන් වහන්සේ පව් උදෙසා සදහට ම එක ම පූජාවක් ඔප්පු කොට-, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක-. 13 එහි උන් වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක-. 14 මන්ද-, උන් වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එක ම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක-. 15 ශුද්ධාත්මයාණන් වහන්සේත් අපට සාක්ෂි දෙමින්: 16 ''ඒ දවස්වලින් පසු මා ඔවුන් සමභ කරන ගිවිසුම නමි-, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා-, ඒවා ඔවුන්ගේ මනසෙහි ලියන්නෙමි යි සමිඳ්‍රණන් වහන්සේ වදාරන සේකැ''යි කී පසු-, යළිත්: 17 ''ඔවුන්ගේ පාප සහ අධර්මිෂ්ඨකමි තවත් සිහි නොකරන්නෙමි''යි කියන සේක-. 18 කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත-.

අවවාදානුශාසනා

19 එබැවින් සහෝදරවරුනි-, උන් වහන්සේගේ යාගික රුය්රය හේතුකොටගෙන ශුද්ධස්ථානයට ඇතු ළු වීමට අපට නිදහස තිබේ-. 20 උන් වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන් සේක-. 21 තවද දෙවියන් වහන්සේගේ ගෘහවාසීන් කෙරෙහි උතුමි පූජකයෙක් ද අපට සිටියි-. 22 එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද-, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව-, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු-. 23 පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී-, ස්ථීර ව පිහිටා සිටිමු-. 24 තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණස එකිනෙකා ගැන සලකමු-. 25 ඇතැමි අය කරන ලෙස අපේ ම රැස්වීමිවලින් ඈත් ව නොසිට-, සමිඳ්‍රණන් වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්ය දෙමු-. 26 සත්‍යය අවබෝධ වූ පසු අපි දැන දැන ම පව් කරමු නමි-, පව් දුර ලන පූජාවක් අපට තවත් නැත-. 27 අපට ඇත්තේ විනිශ්චය ගැනත්-, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් -,යෙන් බලා සිටීම පමණකි-. 28 මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොතකා හරින අය දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි පිට අනු-කමිපාවක් නැති ව මරණයට පත් වනු ඇත-. 29 එසේ නමි දේව පුත්‍රයාණන් පයින් පාගාදමන-, තමාට විශුද්ය්ය දුන් ගිවිසුමි ලේ-, අශුද්ධ දෙයක් කොට සිතන-, වරප්‍රසාදයේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සෝ නොවෙමු ද? 30 මන්ද; ''පළිගැනීම මා සතු ය-, විපාක දෙන්නේ මම ය''යි ද-, ''සමිඳ්‍රණන් වහන්සේ තමන්ගේ සෙනභ විනිශ්චය කරන සේකැ''යි ද-, වදාළ තැනැන් වහන්සේ අපි දනිමු-. 31 ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසු වීම භයංකර දෙයකි-. 32 ඔබ සත්‍යාලෝකය ලැබුවායින් පසු-, දුක් පීඩා හා සමභ මහා සටනක යෙදෙමින් ස්ථීර ව සිටි ඒ මුල් කාලය සිහි කරන්න-. 33 නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව-, එසේ ලක් කරනු ලැබූවන් සමභ හවුල්කාරයෝ ද වූවහු ය-. 34 ඔබ සිරකරුවන් ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගි වූවා පමණක් නොව-, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන-, ඔබේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසා-ගත්තහු ය-. 35 මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න-. 36 දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කොට උන් වහන්සේගේ පොරොන්දුව ලැ-,මට නමි ඉවසීම ඔබට අවශ්‍ය ය-. 37 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: ''එන්නට සිටින තැනැන් වහන්සේ පමා නොවී-, තව මඳ කලෙකින් වඩින සේක-. 38 ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ-. එහෙත් ඔහු පසුබට වන්නේ නමි-, ඔහු ගැන මට සතුටක් නැත-.'' 39 එසේ වුව ද පසුබට වී විනාශ වන අයගේ ගණයට අපි අයිති නොවෙමු-. විමුක්තිය ගෙන දෙන ඇදහීම අපට ඇත-.

හේ‍‍බ්‍රෙව් 11

වීරෝදාර ඇදහිල්ල

1 ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය යි-. අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසැකකම යි-. 2 තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන්මිත්තෝ දෙවියන් වහන්සේට පි‍්‍රය මනාප වූ හ-. 3 දෙවියන් වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුමි ගන්නේ ඇදහිල්ලෙන් ය-. මෙසේ දෘශ්‍යමාන දෙය-, අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි-. 4 ඇදහිල්ලෙන්-, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය-. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්-, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැ-, ය-. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි-. 5 ඇදහිල්ලෙන්-, ඒනොක් මරණය නොවිඳ ගෙනයනු ලැ-, ය; දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නො වී ය-. ඔහුගේ තුරන් වීමට පෙර-, ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැ-, ය-. 6 ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත-. මන්ද-, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්-, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය-. 7 ඇදහිල්ලෙන්-, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ-, දේව ගරු-,යෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය-. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට-, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය-. 8 ඇදහිල්ලෙන්-, ආබ්‍රහමි කැඳවීම ලැබූ කල-, තමා යන්නේ කොහේ දැ යි නොදැන-, තමාට උරුමයක් පිණස පසු ව ලැබෙන්නට යන ස්ථානයකට පිටත් ව යන ලෙස කීකරු වී-, නික්ම ගියේ ය-. 9 ඇදහිල්ලෙන්-, ඔහු ආගන්තුක-යෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී-, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමභ කභූඩාරමිවල වාසය කෙළේ ය-. 10 මන්ද-, දෙවියන් වහන්සේ ම-, සිය සැලැස්ම අනුව සාදා නිම කළ අත්තිවාරමි ඇති-, නගරය ගැන ඔහු බලා සිටියේ ය-. 11 ඇදහිල්ලෙන්-, සාරා පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැ යි පිළිගත් නිසා-, නිසි වයස ඉක්මවා ගිය ද පිළිසිඳගැනීමේ ශක්තිය ලැබුවා ය-. 12 එහෙයින් මළ කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා-, ගණනින් අහසේ තරු මෙන් ද-, මුහුදු වෙරළේ අසංඛ්‍ය වැලි ඇට මෙන් ද වූ විශාල පරපුරක් ඇති විය-. 13 ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝ ම මියගිය හ-. ඔව්හු පොරොන්දු වූ දේ නොලැබූ නමුත්-, ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන-, මිහි පිට තමන් ආගන්තුකයන් ද කලක් නේවාසිකයන් ද බව ප්‍රකාශ කළහ-. 14 මෙබඳු දේ ප්‍රකාශ කරන අය-, තමන්ගේ ම මවු-,මක් සොයන බව මැනවින් පැහැදිලි කරති-. 15 ඔව්හු තමන් හැරදමා ආ රට ගැන ම සිත සිතා සිටියහු නමි-, පෙරළා එහි යාමට ඔවුන්ට අවස්ථා ති-,ණ-. 16 එහෙත් ඔව්හු දැන් වඩා උතුමි රටක්-, එනමි ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති-. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳ්‍රණෝ යයි කියනු ලබනවාට උන් වහන්සේ ලජ්ජා නොවන්නේ උන් වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙළ කර තිබෙන නිසා ය-. 17 ආබ්‍රහමි පරීක්ෂා කරනු ලැබූ කල-, ඔහු ඇදහිල්ලෙන් ඊසාක් පූජා කෙළේ ය-. 18 ''ඔබේ වංශය ඊසාක්ගෙන් පැවත එන්නේ ය'' යන දේව පොරොන්දුව ආබ්‍රහමි සතුටින් පිළිගත් නමුත්-, සිය ඒකජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානමි ව සිටියේ ය-. 19 මළවුන් උත්ථාන කිරීමට වුව ද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේ ය-. උපමානුසාරයෙන් කියතොත්-, ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබාගත්තේ ය-. 20 ඇදහිල්ලෙන්-, ඊසාක් එන්නට ඇති දේ පිළිබඳව ජාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාද කෙළේ ය-. 21 සිය මරණ මොහොතේ දී ජාකොබ්-, ඇදහිල්ලෙන් ජෝසෙප්ගේ පුතුන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාද කොට-, සිය සැරයටිය මත හිස නමා නමස්කාර කෙළේ ය-. 22 ජෝසෙප් තමාගේ අවසානය ළං වූ විට-, ඇදහිල්ලෙන්-, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නික්මයාම සඳහන් කොට-, තමාගේ ඇටකටු පිළිබඳ උපදෙස් දුන්නේ ය-. 23 මෝසෙස් උපන් කල ඔහුගේ දෙමවු-පියෝ ඔහු සුන්දර දරුවෙකු බව දැක-, රාජාඥවට -,ය නොවී-, ඇදහිල්ලෙන් ඔහු තුන් මසක් සභවාගත්තෝ ය-. 24 මෝසෙස් වැඩුණු පසු-, පාරාවෝ රජුගේ දියණයන්ගේ පුත්‍රයා යයි කියනු ලැ-,ම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කෙළේ ය-. 25 ඔහු කලකට පස්කමි සැප විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනභ හා සමභ දුක් විඳීම තෝරාගත්තේ ය-. 26 මන්ද-, මතු එන්නට තිබෙන ඉෂ්ට විපාකය හිත ගත් බැවින්-, මිසරයේ යසඉසුරුවලට වඩා විමුක්ති දායකයාණන් නමින් එන අවමානය මහත් සමිපතකැයි ඔහු සිතී ය-. 27 ඇදහිල්ලෙන්-, ඔහු රාජ උදහසට -,ය නොවී-, මිසරය අත්හැර ගියේ ය-. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දෙනෙතින් දකින්නාක් මෙන් ඔහු ස්ථීර ව සිටියේ ය-. 28 මාර දූතයා ඔවුන්ගේ කුලුඳුලන් විනාශ නොකරන පිණස-, ඔහු පාස්කුව හා ලේ ඉසීම ද ඇදහිල්ලෙන් පැවැත්වී ය-. 29 ඇදහිල්ලෙන්-, ඔව්හු රතු මුහුද මැදින් වියළි -,මක මෙන් ගමන් කළෝ ය-. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය-. 30 සත් දිනක්-, ජෙරිකෝවේ පවුරු වටා ගමන් කළ පසු-, ඔවුන්ගේ ඇදහිල්ලෙන් ඒ පවුරු -,ඳ වැටුණේ ය-. 31 ගණකාවක වූ රාහාබ්-, ඇදහිල්ලෙන්-, චරපුරුෂයන් හොඳ සිතින් පිළිගත් බැවින්-, අකීකරු වූවන් සමභ විනාශ නොවී ඉතිරි වූවා ය-. 32 තවදුරටත් කීම අවශ්‍ය ද? ගිඩියොන් ද බාරක් ද සමිසොන් ද ජෙප්තා ද දාවිත් ද සාමුවෙල් ද දිවැසිවරයන් ද ගැන කීමට කල් වේලා නැත-. 33 ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් පරාජය කළහ-. යුක්තිය ඉටු කළහ-. දේව පොරොන්දු අත් කර ගත්හ-, සිංහයන්ගේ කට වැසූ හ-. 34 රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ-, කඩුපතින් නොමළහ-, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ-, රණ -,මිහි ජය කොඩි නැංවූ හ-, පර සතුරු සේනා නෙරපූ හ-. 35 ස්ත්‍රීහු සිය මළවුන් පුනරුත්ථානයෙන් නැවත ලැබූ හ-. තවත් අය වඩා විශිෂ්ට පුනරුත්ථානයක් ලබන පිණස-, බේරීමක් නොසොයා මාරක වද වේදනා වින්දහ-. 36 තවත් අය අපහාස හා කස පහරවලට ද විලංගු සහ හිර අඩස්සියට ද මුහුණ පෑ හ-. 37 ඔව්හු ගල් පහර ලැබූ හ-. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ-, කඩුවෙන් මරනු ලැබූ හ-. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්-, බැටළු හමි හා එළු හමි ඇඳ-, ඔබමොබ ගියහ-. 38 එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත-. ඔව්හු මරුකතරෙහි හා කඳුකරවල ද ගුහාවල ද -,මිගෙවල ද ගැවසුණ හ-. 39 මොවුහු සියල්ලෝ ම ඇදහිල්ල ගැන පැසසුමි ලැබූ නමුත්-, පොරොන්දු නොලදහ-. 40 එසේ වූයේ-, දෙවියන් වහන්සේ අප ගැන සලකා-, ඔවුන් පරිපූර්ණත්වය ලැ-,ය යුත්තේ අප හා සමභ පමණකැ යි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙළ කොට තිබූ හෙයිනි-.

හේ‍‍බ්‍රෙව් 12

හික්මවීමෙන් දැහැමි ජීවිත

1 මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා-, සියලු අවහිර ද-, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා-, 2 ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා-, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට-, වීර්යයෙන් දුවමු-. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා-, කුරුසියේ අවමානය නොතකා-, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක-. 3 ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණස-, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරමි විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න-. 4 පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත-. 5 දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? ''මාගේ පුත්‍රය-, සමිඳ්‍රණන් වහන්සේගේ හික්මවීමි සු ළු කොට නොසිතන්න-, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න: 6 මන්ද-, සමිඳ්‍රණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක; පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවමි කරන සේක-.'' 7 ඔබගේ හික්මවීම පිණස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක-. තම පුත්‍රයාට දඬුවමි නොකරන පියෙක් ඇද් ද? 8 හැම දරුවෙකු ම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නමි-, ඔබ පුත්‍රයන් නොව-, අවජාතක දරුවෝ ය-, 9 තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නමි ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද? 10 අපේ මෙලෝ පියවරු තමන්ට හරි යයි පෙනුණු ලෙස මඳ කලකට අපට දඬුවමි කළහ; එහෙත් උන් වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණස-, අපේ යහපත සඳහා දඬුවමි කරන සේක-. 11 දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ-. එහෙත් එයින් හික්මුණු අයට පසු ව දැහැමි සාමකාමී ජීවිතයක පල අත් වේ-. 12 එබැවින් පහතට වැටී ඇති අත් ද දුබල දණහිස් ද ශක්තිමත් කරගන්න-. 13 කොර කකුල් අබලන් නොවී-, සුවය ලබන පිණස ඇද නැති මාවත්වල ගමන් කරන්න-. උවදෙස් හා අවවාද 14 සියල්ලන් සමභ සාමදානයෙන් සිටින්නටත්-, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳ්‍රණන් වහන්සේ නොදක්නා බැවින්-, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න-. 15 කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නො-යන ලෙස ද-, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර-, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද-, 16 දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණු ඒසව් වැනි දේව අභක්තික කෙනෙකු හෝ නොවන ලෙස ද පරෙස්සමි වන්න-. 17 පසු ව ඔහු ඒ ආශීර්වාදය යළි උරුම කරගැනීමට කැමැති වුව ද-, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහු ය-. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබාගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැ-,ණ-.

භයංකර පුරාණ ගිවිසුම හා

තේජාන්විත නව ගිවිසුම

18 ඔබ පැමිණ සිටින්නේ-, ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකට වත්-, ක ළුවරට වත්-, ඝන අන්ධකාරයට වත්-, චණ්ඩ මාරුතයට වත්-, 19 හොරණෑ ශබ්දයට වත්-, හඬකින් නික්මෙන වචනවලට වත් නොවේ-. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ-. 20 මන්ද-, ''මෘගයෙකු වුව ද කන්දෙහි ගෑවුණොත්-, ඌට ගල් ගසා මැරිය යුතු ය''යි කී අණ ඔවුන්ට දැරිය නොහැකි විය-. 21 ඒ දර්ශනය කෙතරමි -,යකරු වී ද යත්-, ''මම -,යෙන් වෙවුලමි''යි මෝසෙස් කී ය-. 22 එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංඛ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය; 23 සගලොවෙහි නමි ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සමිපූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය; 24 නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය-. ආබෙල්ගේ ලෙයට වඩා උතුමි ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය-. 25 එසේ නමි කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න-. මන්ද-, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට-, ඔව්හු නොගැළවුණෝ නමි-, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද? 26 උන් වහන්සේගේ ශබ්දය ඒ කාලයේ දී පොළොව කමිපා කෙළේ ය-. එහෙත් දැන් උන් වහන්සේ-, ''මම පොළොව පමණක් නොව-, ස්වර්ගයත් තව වරක් කමිපා කරවන්නෙමි''යි පොරොන්දු වී තිබේ-. 27 'තව වරක්' ය කීමෙන් අදහස් කරන්නේ නො-සෙල්වෙන දේ පවත්නා පිණස සෙලවෙන දේ-, එනමි-, මවන ලද සියල්ල පහ වන බව ය-. 28 එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු-. එමඟින් ගෞරවයෙන් හා දේව ගරු-,යෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු-. 29 මන්ද-, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි-.

හේ‍‍බ්‍රෙව් 13

දෙවියන්ට පි‍්‍රය මනාප සේවය

1 සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න-. 2 ආගන්තුක සත්කාරය අමතක නොකරන්න-. මන්ද-, ආගන්තුක සත්කාර කළ ඇතැමි අය නො-දැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ-. 3 සිර ගෙයි සිටින අය සමභ ඔබත් සිටිනවා යයි සිතා-, ඔවුන් සිහි කරන්න-. ඔබටත් ශරීරයක් ඇති බැවින්-, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න-. 4 විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැමිම නොකැළැල් ව ද පවතී වා-. මන්ද-, අවකල්ක්‍රියා කරන්නන් ද කාම- මිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත-. 5 ලත් පමණන් සතුටු වන්න-, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න-. මන්ද-, ''මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි''යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ-. 6 මෙසේ: ''සමිඳ්‍රණන් වහන්සේ මාගේ සරණය ය-, මම -,ය නොවන්නෙමි-. මිනිසා මට කුමක් කරයි ද?'' කියා ධෛර්ය සමිපන්න ව කීමට අපට පිළිවන-.

සභා නායකයන්ට යටත් වීම

7 දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න-. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්-, එම ඇදහිල්ල අනුගමනය කරන්න-. 8 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය-. 9 නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීමි සොයා ගොස් මුළා නොවන්න-. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව-, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති-. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය-. 10 අපට පූජාසනයක් ඇත-. පූජා මණ්ඩප-යෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත-. 11 මන්ද-, නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු-, ඒ සතුන්ගේ මළසිරුරු කඳවුරෙන් පිටත දී පුළුස්සා දමනු ලැබේ-. 12 එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුය්රයෙන් සෙනභ පවිත්‍ර කරන පිණස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය-. 13 ඒ නිසා උන් වහන්සේ දැරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන් වහන්සේ වෙත යමු-. 14 සදාතන නුවරක් මිහි පිට අපට නැත-. අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවර ය-. 15 එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේට අපේ පැසසුමි පූජාව නොකඩව පුද කරමු-. ඒ පූජාව නමි-, උන් වහන්සේගේ නාමයට අපේ මුවින් ම පැසසුමි දීමයි-. 16 යහපත කිරීමට ද-, ඔබ සතු දෙය අනුන් සමභ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න-. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක-. 17 ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න-. මන්ද-, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්-, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති-. එසේ කිරීම ඔවුන්ට බරක් නොව-, ප්‍රීතියක් වීමට සලසන්න-. එය බරක් වුවහොත්-, ඔබට යහපතක් සිදු නොවේ-.

අවසන් උවදෙස් හා ආචාර

18 අප ගැන යාච්ඤ කරන්න-. මන්ද-, සියල්ලේ දී යහපත කිරීමට ආශාවෙන් යුත් නිදොස් හෘදය සාක්ෂියක් අපට ඇති බව සහතික ය-. 19 නොපමා ව මා ඔබ වෙත නැවත එන පිණස-, වඩාත් උනන්දු ලෙස යාච්ඤ කරන මෙන් ඉල්ලමි-. 20 සදාතන ගිවිසුමේ ලේ කරණකොටගෙන බැට ළුවන්ගේ මහා එඩේරාණන් වන-, අප ජේසුස් සමිඳ්‍රණන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානයේ දෙවියන් වහන්සේ-, 21 ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණස-, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්-. 22 සහෝදරවරුනි-, මේ අවවාදාත්මක පණවුඩය ඉවසිල්ලෙන් අසන මෙන් ඉල්ලමි-. මා මෙය ලියා ඇත්තේ ලුහුඩින් ය-. 23 අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි-. ඔහු පමා නොවී ආවොත්-, මම ඔහු සමභ ඔබ බලන්නට එන්නෙමි-. 24 ඔබගේ සියලු නායකයන් ඇතු ළු දෙවියන් වහන්සේගේ සියලු ජනතාවට මා වෙනුවෙන් ආචාර කරන්න-. ඉතාලියේ හිත- මිතුරෝ ඔබට සුබ පතති-. 25 දේව කරුණාව ඔබ සියල්ලන් සමභ වේ වා!



AMAZING GRACE BIBLE INSTITUTE