3 John

3 යොහන්


3 යොහන් 1

ආචාරය

1 සභා මූලිකයෙකු වන මම-, මා සැබෑ ලෙස ප්‍රේම කරන පි‍්‍රයාදර ගායස්ට මෙය ලියා එවමි-. 2 මාගේ හිත මිතුර-, ඔබ ආධ්‍යාත්මික ලෙස යහතින් සිටින්නාක් මෙන් සියල්ලේ දී යහතින් සිටින ලෙස ද-, නිදුක් නීරෝගී ව සිටින ලෙස ද යාච්ඤ කරමි-. 3 සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල බැවින් ඔබ සත්‍යයෙහි ස්ථීර ව සිටින බවට සහෝදරයන් ඇවිත් සාක්ෂි දුන් විට-, මම අතිශයින් ප්‍රීති වීමි-. සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල ය-. 4 මාගේ දරුවන් සත්‍යය අනුව ජීවත් වන බව ඇසීමට වඩා ලොකු ප්‍රීතියක් මට නැත-.

ගායස්ට ප්‍රශංසා කිරීම

5 මාගේ හිත මිතුර-, මේ සහෝදරයන් අමුත්තන් වුව ද ඔවුන්ට ඔබ කළ හැම සත්කාරයකින් ම ඔබේ විශ්වාසවන්තකම පෙනේ-. 6 ඔව්හු ඔබේ මේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂි දැරූහ-. ඔවුන්ගේ ගමනේ දී අප සේවය කරන දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස ඔවුන්ට උපකාර කරන්න-. 7 මන්ද-, උන් වහන්සේගේ නාමය උදෙසා පිටත් ව ගිය ඔව්හු විජාතීන්ගෙන් කිසි උපකාරයක් භාර නොගත්හ-. 8 අප සත්‍යයෙහි හවුල් සේවකයන් වන පිණස එබඳු අයට අපේ සහාය දිය යුතු ය-.

සැබෑ ඉගැන්වීම හමුවේ විරෝධතාවය

9 මම සභාවට ලිපියක් ලීවෙමි-. එහෙත් සභාවේ නායකත්වය පතන දියොත්‍රෙපස්

මට කිසිසේත් සවන් නොදෙයි-.

10 එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි-. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි-. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ-, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි-. එපමණක් නොව-, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි-. 11 ප්‍රේමවන්තයෙනි-, නපුර නොව යහපත ආදර්ශ කරගන්න-. යහපත කරන්නා දෙවියන් වහන්සේගේ දරුවෙකි; නපුර කරන්නා දෙවියන් වහන්සේ නුදුටුවෙකි-. 12 දෙමෙත්‍රියස් ගැන සියල්ලෝ ම හොඳ කියති-. සත්‍යයත් ඔහුට සාක්ෂි දරයි-. මමත් එසේ ම සාක්ෂි දරමි-. අපේ සාක්ෂිය සැබෑ බව ඔබ දන්නහු ය-.

සුභාශිxසනය

13 ඔබට බොහෝ දේ ලියන්නට මට ඇත-. ඒවා ගැන පෑනෙන් හා තීන්තෙන් ලියා එවන්නට මම නොකැමැත්තෙමි-. 14 ඉක්මනින් ඔබ දකින්නට මා බලාපොරොත්තු වන බැවින්-, අප මුණගැසුණ විට ඒ ගැන සාකච්ඡා කළ හැකි ය-. 15 ඔබට සාමදානය වේ වා! අපේ මිත්‍රයෝ ඔබට ආචාර කරති-. අපේ මිත්‍රයන්ට ඔවුන්ගේ නමි කියා ආචාර කරන්න-.





AMAZING GRACE BIBLE INSTITUTE