2 Thessalonians

2 තෙසලෝනික

ආචාරය

1 පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි-, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු-. 2 දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාව සහ ශාන්තිය ඔබට වේ වා!

විනිශ්චයේ දවස

3 සහෝදරවරුනි-, ඔබ ගැන අප නිතර ම දෙවියන් වහන්සේට ස්තුති පිදිය යුතු යයි අපට තදින් හැඟේ-. මන්ද-, ඔබගේ ඇදහිල්ල පුදුමා-කාරයෙන් වර්ධනය වන නිසාත්-, ඔබ හැමගේ අන්‍යොන්‍ය ප්‍රේමය අය්ක වී තිබෙන නිසාත්-, එසේ කිරීම යුතු ය-. 4 ඔබගේ සියලු පීඩාවල දී හා ඔබ විඳින දුක්ගැහැටවල දී ඔබ දක්වන ඉවසීම හා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේගේ සභාවල දී අපි ඔබ ගැන පාරට්ටු කරමු-. 5 දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් දුක් විඳින ඔබ-, ඒ රාජ්‍යයට සුදුස්සන් වන බැවින්-, ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ සාධාරණ විනිශ්චයේ ආදර්ශයකි-. 6 දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරමින්-, ඔබට දුක් දෙන්නන්ට දුක ද-, 7 දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක-. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳ්‍රණන් වහන්සේ ස්වකීය බලසමිපන්න දූතයන් සමභ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය-. 8 එවිට ගිනි ජාලා ඇති වේ-. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්-, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවමි කරන සේක-. 9 ඔව්හු සමිඳ්‍රණන් වහන්සේගේ අභිමුඛයෙන් ද-, උන් වහන්සේගේ තේජාන්විත ප්‍රතාපයෙන් ද ඉවත් කරනු ලැබ-, සදාතන විනාශයේ දඬුවම විඳින්නෝ ය-. 10 මෙය සිදු වන්නේ උන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් මහිමයත්-, සියලු ඇදහිලිවතුන්ගෙන් ගෞරවයත් ලැ-,මට පැමිණෙන ඒ දවසේ දී ය-. අප ඔබ වෙත ගෙන ආ පණවුඩය ඔබ ඇදහූ බැවින් ඔබත් ඒ ගණයට ඇතුළත් ය-. 11 අප ඔබ ගැන නිතර ම යාච්ඤ කරන්නේ ඒ නිසා ය-. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්-, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර-, ඇදහිල්ලේ ක්‍රියාවන් සමිපූර්ණ කරන ලෙසත්-, අපි යාච්ඤ කරමු-. 12 තවද අපගේ දෙවියන් වහන්සේගේ ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ද වරප්‍රසාදය කරණකොටගෙන අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමය ඔබ අතර ගෞරවයට පැමිණෙන පිණස ද-, ඔබ උන් වහන්සේගෙන් ගෞරවය ලබන පිණස ද-, අපි යාච්ඤ කරමු-.

2 තෙසලෝනික 2

මුළාකරන්නාගේ පැමිණීම

1 සහෝදරවරුනි-, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය ගැන ද උන් වහන්සේ හමුවෙහි අප එක් රැස් වීම ගැන ද දැන් අප කතා කළ යුතු ය-. 2 සමිඳ්‍රණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ-, ආරංචියකින් හෝ-, අපෙන් යයි කියන හසුනකින් හෝ-, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්-, නොකැළඹෙන හැටියටත්-, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු-. 3 කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න-. මන්ද-, ඇදහිල්ලෙන් වැටී යෑම ද-, විනාශයේ පුත්‍රයා වන නො-පනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද-, ඒ දවස නොපැමිණේ-. 4 ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද-, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට-, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්-, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය-. 5 මා ඔබ සමභ සිටිය දී මේ කාරණා ඔබට කී බව මතක නැද් ද? 6 ඒ නොපනත්කමේ මනුෂ්‍යයා නියම කාලයේ දී ප්‍රකාශ වන පිණස-, දැනට ඔහු වළක්වාලන්නේ කිමෙක් දැ යි ඔබ දන්නහු ය-. 7 නොපනත්කමේ අ-,රහස දැනුදු එසේ ම ක්‍රියා කරයි-. එහෙත් වළක්වා ලන තැනැත්තා ඉවත් කරනු ලැබුවායින් පසු-, රහසිගත කිසිවක් නොපවතී-. 8 එවිට නො-පනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ-. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා-, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක-. 9 නො-පනත්කමේ මනුෂ්‍යයා සාතන්ගේ බලයෙන් යුක්ත ව පැමිණ-, සියලු ආකාර ව්‍යාජ ප්‍රාතිහාර්ය ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද කරන්නේ ය-. 10 විනාශයට නියම වූ අය-, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්-, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය-. 11 ඔවුන් අසත්‍ය දේ විශ්වාස කරන පිණස-, ඔවුන් තුළ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මුළාවේ බලය එවන සේක-. 12 මෙසේ-, සත්‍යය විශ්වාස නොකොට පාපයට පි‍්‍රය කරන සියලු දෙන විනිශ්චය කරනු ලබති-.

ගැළවීම සඳහා තෝරාගනු ලැ-,ම

13 සමිඳ්‍රණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි-, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය-. මන්ද-, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැ-,මත්-, සත්‍යය විශ්වාස කිරීමත් කරණ-කොටගෙන ඔබ ගැළවෙන පිණස-, දෙවියන් වහන්සේ ආරමිභයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය-. 14 එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය-. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණස ය-. 15 එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට-, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න-. 16 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද-, අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්-, යහපත් බලාපොරොත්තුවත්-, වරප්‍රසාදයත් මඟින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේ ද 17 ඔබගේ සිත් ධෛර්යවත් කර-, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා!

2 තෙසලෝනික 3

යාච්ඤ කරන මෙන් ඉල්ලීමක්

1 අවසන්කොට-, සහෝදරවරුනි-, ඔබ අතර සිදු වූ ලෙස ම අන් තැන්වලත් සමිඳ්‍රණන් වහන්සේගේ පණවුඩය ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් ගෞරවයට පැමිණෙන පිණස-, අප උදෙසා යාච්ඤ කරන්න-. 2 හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණස ද යාච්ඤ කරන්න-. මන්ද-, ඇදහීම සියල්ලන්ට ම ලැ-, නැත-. 3 එහෙත් සමිඳ්‍රණන් වහන්සේ විශ්වාස-වන්ත ය-. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක-. 4 තවද-, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්-, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳ්‍රණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත-. 5 සමිඳ්‍රණන් වහන්සේ ඔබගේ සිත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයටත්-, ක්‍රිස්තුන් වහන්සේගෙන් වන ඉවසීමටත් පමුණුවන සේක් වා!

රැකියාවක් කිරීමේ යුතුකම

6 තවද-, සහෝදරවරුනි-, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව-, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳ්‍රණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු-. 7 අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය-. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත-. 8 අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු-. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණස-, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු-. 9 අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැ-,මට අපට අයිතියක් නැති නිසා නොව-, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණස ය-. 10 ''වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා''යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු-. 11 ඔබෙන් සමහරෙකු කිසි වැඩක් නොකර-, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින් අලසකමින් හැසිරෙන බව අපට සැළ වී ඇත-. 12 එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට-, සිය දිවි පෙවෙත උපයාගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු-. 13 එහෙත් සහෝදරවරුනි-, ඔබ යහපත කිරීමට මැළි නොවන්න-. 14 යමෙක් මේ හසුනේ සඳහන් අපගේ අවවාදවලට කීකරු නොවන්නේ නමි ඔහු සිතේ තබා ගෙන-, ඔහු ලජ්ජාවට පමුණුවන පිණස ඔහු ඇසුරු නොකරන්න-. 15 එහෙත් ඔහු සතුරෙකු මෙන් නොසලකා-, සහෝදරයෙකුට මෙන් ඔහුට දැනමුතුකමි දෙන්න-.

අවසානය

16 සාමදානයේ සමිඳ්‍රණන් වහන්සේ ම-, නිතර ම-, සියලු අයුරින් ම ඔබට සාමදානය දෙන සේක් වා! සමිඳ්‍රණන් වහන්සේ ඔබ සියල්ලන් සමභ වන සේක් වා! 17 හැම හසුනක ම මා අත්සන් තබන පරිදි-, පාවුලු නමි මම-, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි-. 18 අප ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමභ වේ වා!



AMAZING GRACE BIBLE INSTITUTE