2 Peter

2 පේත්‍රැස්

ආචාරය

1 මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද ප්‍රේරිතවරයෙකු ද වන සීමොන් පේදුරුගෙනි-. මෙය ලියා එවන්නේ-, අපගේ දෙවියන් වහන්සේ ද ගැළවුමිකාරයාණන් ද වන-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අප මෙන් ම අනර්ඝ ඇදහිල්ලක් ලැබූ ඔබ වෙතට ය-. 2 දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්-, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේ වා!

දේව කැඳවීම හා තෝරාගනු ලැ-,ම

3 උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත-. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය-. 4 මෙලෙස උන් වහන්සේ ඉතා අගනා-, අතිඋතුමි පොරොන්දු අපට දානය කර ඇත-. එසේ කෙළේ තෘෂ්ණාව නිසා ලෝකයෙහි ඇති දූෂ්‍යකමින් ඔබ ගැළවී ඒ පොරොන්දු මඟින් දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණස ය-. 5 එබැවින් ඔබේ මුළු වීර්යයෙන් ඇදහිල්ලට යහපත්කම ද යහපත්කමට දැනගැන්ම ද-, 6 දැනගැන්මට ආත්ම දමනය ද-, ආත්ම දමනයට ඉවසිල්ල ද ඉවසිල්ලට දේව භක්තිය ද 7 දේව භක්තියට සහෝදර ස්නේහය ද-, සහෝදර ස්නේහයට ප්‍රේමය ද එකතු කරන්න-. 8 මේ ගුණ දහමි ඔබ තුළ වර්ධනය වෙමින් පවතී නමි-, ඒවා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැන ගැනීමෙහි ලා-, අලස වීමට වත්-, නිෂ්ඵල වීමට වත්-, ඔබට ඉඩ නොදෙයි-. 9 මේ ගුණ දහමි නැති තැනැත්තේ අදූරදර්ශී අන්ධ කෙනෙකි-. ඔහු-, තමා අතීතයේ කළ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව අමතක කර ඇත-. 10 එබැවින් සහෝදරවරුනි-, ඔබගේ කැඳවීම ද තෝරාගනු ලැ-,ම ද තහවුරු කරන පිණස වඩාත් උද්‍යෝගී ව ක්‍රියා කරන්න-. මෙසේ කළොත් ඔබ කිසි කලෙක ඇදහිල්ල අත්හරින්නේ නැත-. 11 මෙසේ අපගේ ස්වාමීන් ද ගැළවුමිකාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ අයිතිය සමිපූර්ණයෙන් ම ඔබට සහතික කරනු ලැබේ-. 12 එබැවින් ඔබ මේ දේවල් දැනටමත් දැන-, ඔබ ලබා ඇති මේ සත්‍යයෙහි ස්ථිර ව පවතින නමුත්-, නැවත නැවත ඒවා ඔබට සිහි කරවීමට මම අදහස් කරමි-. 13 මා ජීවත් ව සිටින තුරු-, මේ දේවල් ඔබට සිහිගැන්වීම මාගේ යුතුකම යයි මම සිතමි-. 14 මන්ද-, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වටහා දුන් ලෙස-, නොබෝ කලකින් කූඩාරමක් වැනි මේ ශරීරය හැරපියා යන බව මම දනිමි-. 15 එබැවින් මාගේ ඇවෑමෙන් පසු ඔබට මේ දේවල් හැම කල්හි ම සිහි කරගැන්මට පිළිවන් වන පිණස මට හැකි හැම දේ ම මම කරමි-.

ක්‍රිස්තුන් වහන්සේගේ මහිමය හා දිවැස් වැකිය

16 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ බලයත් තේජාන්විත ආගමනයත් ගැන අප ඔබට දැන්වූ කල-, අප එසේ කෙළේ හිතා මතා ගෙතූ ප්‍රබන්ධ අනුව නොව-, උන් වහන්සේගේ මහිමශ්‍රීය අපගේ ම ඇස්වලින් දුටු අය ලෙසිනි-. 17 ''මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි'' කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක-. 18 උන් වහන්සේ සමභ ශුද්ධ කන්ද මත සිටිය දී මේ හඬ ස්වර්ගයෙන් නික්ම එනු අපි අපේ ම කන්වලින් ඇසීමු-. 19 ඒ නිසා දිවැසිවරුන් ප්‍රකාශ කළ පණවුඩය වඩාත් ස්ථිර ලෙස අප සතු ව ඇත-. ඔබේ අවධානය ඊට යොමු කිරීම යෙහෙකි-. මන්ද-, එය අලුයම පැමිණ-, පහන් තරුව ඔබගේ සිත්හි උදා වන තුරු-, අඳුරු තැනක බබළන පහනක් මෙනි-. 20 එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි එන දිවැස් වැකියක් කිසිවෙකුට තමා විසින් ම විසඳ්‍රගැනීම නොහැකි බව පළමුකොට ඔබ දැනගත යුතු ය-. 21 මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය-. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ-.

2 පේත්‍රැස් 2

ව්‍යාජ ගුරුවරු

1 පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත-. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්-, තමන් මිදූ සමිඳ්‍රණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්-, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නෝ ය-. 2 බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුරාචාරය අනුගමනය කරන්නෝ ය-. ඔවුන් නිසා සත්‍ය මාර්ගය අපකීර්තියට පැමිණෙනු ඇත-. 3 ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වාංචනික ඉගැන්වීමිවලින්-, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය-. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි-. එය අවලංගු වී නැත-. ඔවුන්ගේ විනාශකයා නොනිඳ්‍ර සිටියි-. 4 පව් කළ දේව දූතයන්ට දෙවියන් වහන්සේ දඬුවමි දීමෙන් නොවැළකී-, ඔවුන්ගේ විනිශ්චය සඳහා ඔවුන් වෙන් කර තැ-,මට නිරයෙහි හෙළා-, අන්ධකාර ගුහාවලට භාර දුන් සේක-. 5 උන් වහන්සේ පුරාණ ලෝකයට අනුකමිපා නොකොට අභක්තිකයන්ගෙන් පිරුණු ලෝකය පිට ජලගැල්මක් පැමිණවූ නමුත්-, ධර්මිෂ්ඨකම දේශනා කළ නෝවා සහ තවත් සත් දෙනෙකු පමණක් ආරක්ෂා කළ සේක-. 6 තවද උන් වහන්සේ සොදොමි සහ ගොමොරා නගර විනාශයට තීන්දු කරමින් ගිනිබත් කොට අනාගතයේ දී අභක්තිකයන් ලෙස හැසිරෙන්නන්ට අනතුරු හැභවීමක් කළ සේක-. 7 එහෙත් උන් වහන්සේ අභක්තික මනුෂ්‍යයන්ගේ අනාචාර හැසිරීම ගැන සංවේගයට පත් වූ දැහැමි මිනිසෙකු වන ලොත් ගළවාගත් සේක-. 8 ඒ යහපත් මනුෂ්‍යයා ඔවුන් මැද ජීවත් වූ අතර-, දිනපතා එහි සිදු වූ දේවල් දැකීමෙන් ද ඇසීමෙන් ද ඔවුන්ගේ අසභ්‍ය ජීවිතය නිසා ඔහුගේ යහපත් සිත දැඩි දුකින් පෙළුණේ ය-. 9 මෙයින් පෙනෙන්නේ-, සමිඳ්‍රණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය-. 10 විශේෂයෙන් ශාරීරික ලෙස අපිරිසිදුකමේ තෘෂ්ණාව අනුව හැසිරෙන්නන්ට ද ආය්පත්‍යයට අපහාස කරන්නන්ට ද උන් වහන්සේ එසේ කරන සේක-.

සාහසික අහංකාරී මොවුහු-, ස්වර්ගයේ උත්තමයන්ට නින්දා කිරීමට -,ය නොවෙති-.

11 පරාක්‍රමයෙන් හා බලයෙන් ඔවුන්ට වඩා උතුමි දේව දූතයෝ වුව ද-, සමිඳ්‍රණන් වහන්සේ ඉදිරියෙහි ස්වර්ගයේ උත්තමයන්ට නින්දා සහගත චෝදනාවක් නොකරති-. 12 එහෙත් අල්ලාගෙන විනාශ කරනු ලැ-,මට උපන් නුවණ නැති තිරිසනුන් වැනි මොවුහු-, තමන් නොදන්නා දෙයට අපහාස කරති-. ඔව්හු වන මෘගයන් මෙන් විනාශ කරනු ලබති-. 13 ඔවුන් ඇති කළ දුකෙහි විපාකය ඔව්හු ම විඳිති-. දිවා කාලයෙහි කමි සැප සේවනය ඔවුන්ගේ ප්‍රීතිය වේ-. ඔව්හු ඔබගේ සමාගමට කැළලක් හා පලුද්දක් වෙති-. ඔවුන් ඔබ සමභ මංගල භෝජන වළඳන විට ඔව්හු ඔබ රවටා ප්‍රීති වෙති-. 14 ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත-. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත-. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය-. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය-. සාප ලත් දරුවෝ ය-. 15 ඔව්හු හරිමභ හැර දමා මුළා වූ හ-. මුදලට තණ්හාවෙන් අයුතුකමි කිරීමට කැමැති වූ බෙයෝර්ගේ පුත් බාලාමි දිවැසිවරයාගේ මාර්ගයේ ඔව්හු ගියහ-. 16 එහෙත් බාලාමි තමා කළ අපරාධය ගැන තරවටු ලැ-, ය-. ගොළු කොටළුවෙක් මිනිස් හඩින් කතා කොට ඒ දිවැසිවරයාගේ ඔල්මාදය වැළැක්විය-. 17 ඔව්හු දිය සිඳුණු උල්පත් වැනි ය-. සැඬ සුළඟින් ගසාගෙන යන මීදුමි පටල වැනි ය-. ඔවුන්ට ඝනාන්ධකාරයෙහි ස්ථානයක් වෙන් කර ඇත-. 18 ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්-, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තමි ගැළවී යන අය-, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති-. 19 තමන් ම දූෂ්‍යකමට වහල් ව සිටින ඔව්හු-, අන්‍යයන්ට නිදහස දීමට පොරොන්දු වෙති-. මන්ද-, යමකට වසභ වන තැනැත්තා-, එයට වහලෙක් වෙයි-. 20 අප ස්වාමීන් ද ගැළවුමිකාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමෙන්-, ලෝකයේ දූෂණවලින් මිදුණායින් පසු-, ඔවුන් යළිත් ඒවාට පටලැවී වසභ වුණොත්-, ඔවුන්ගේ දැන් තත්ත්වය පළමු තත්ත්වයට වඩා භයානක ය-. 21 ඔවුන් දැහැමි මභ දැනගත්තායින් පසු ඔවුන්ට භාර දුන් ශුද්ධ වූ ව්‍යවස්ථාවට පිටුපා යාමට වඩා-, ඒ මාර්ගය ඔවුන් නොදැන සිටියා නමි වඩා හොඳ ය-. 22 ''බල්ලා උගේ ම වමනයට හැරී එයි; සේදූ පසුත් ඊරි මඩ වගුරෙහි පෙරළෙයි'' යන මේ ප්‍රස්තා පිරුළ ඔවුන් ගැන සැබෑ ය-.

2 පේත්‍රැස් 3

පුනරාගමනය

1 ප්‍රේමවන්තයෙනි-, දැන් මෙය මා ඔබ වෙත ලියා එවන දෙ වන හසුන ය-. මාගේ මේ හසුන් දෙකින් ම ඔබට යමි යමි දේ සිහිගන්වා-, ඔබ තුළ සිත් පි-,දවීමක් ඇති කිරීමට උත්සාහ කළෙමි-. 2 ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද-, ඔබගේ ප්‍රේරිතයන් විසින් ඔබට දෙන ලද ගැළවුමිකාර සමිඳ්‍රණන් වහන්සේගේ ආඥ ද සිහියට ගන්න-. 3 මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන-, ඔබට සරදමි කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත-. 4 ''උන් වහන්සේගේ ආගමනය පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට තිබුණු ලෙස ම තවමත් පවතිනවා නොවේ ද?'' 5 මෙසේ කීමෙන් ඔව්හු ඕනෑකමින් ම මේ දේවල් අමතක කරති-. එනමි-, දේව වචනය කරණකොටගෙන-, පුරාණයේ පටන් අහසක් ද-, වතුරට යා වූ-, වතුර මධ්‍යයෙහි වූ පොළවක් ද තිබුණ බවත්-, 6 එම වචනය කරණකොටගෙන එකල පැවති ලෝකය ජල ගැල්මෙන් විනාශ වූ බවත් අමතක කරති-. 7 දැන් පවතින අහස හා පොළොව-, එම වචනයෙන් ම-, විනිශ්චයේ හා අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා-, ගිනිබත් කිරීම පිණස ඉතිරි කොට තබා ඇති බව ද ඔව්හු අමතක කරති-. 8 එහෙත් ප්‍රේමවන්තයෙනි-, 'සමිඳ්‍රණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය-, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය-,' යන වැදගත් සත්‍යය අමතක නොකරන්න-. 9 පමා වී ඇතැ යි සමහරුන් සිතන නමුත්-, සමිඳ්‍රණන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත-. එහෙත්-, කිසිවෙකු විනාශ වීම උන් වහන්සේගේ කැමැත්ත නොවන බැවින්-, සියල්ලනට පසුතැවී සිත් හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනු පිණස උන් වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසන සේක-. 10 එහෙත් සමිඳ්‍රණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි-. ඒ දවසේ දී අහස ගිගුරුමි හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය-. 11 මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්-, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය-. 12 දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට-, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න-. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත-. මහා භූතයන් දැවී උණු වී යනු ඇත-. 13 එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක් ද නව පොළොවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත-. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු-. 14 එබැවින්-, ප්‍රේමවන්තයෙනි-, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර-, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව-, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන-, උන් වහන්සේ සමභ සාමදානයෙන් සිටින්න-. 15 අපගේ සමිඳ්‍රණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීමට අවස්ථාවක් දෙන පිණස බව සිහි කරන්න-. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු-, තමා ලත් ප්‍රඥව අනුව ඔබට ලියා එව්වේත් මේ දේ ම ය-. 16 තවද-, මේ කාරණා ගැන ලියන විට-, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය-. ඒවායේ තේරුමිගැනීමට දුෂ්කර සමහර දේ ඇත-. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති-. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ-. 17 එහෙත් ප්‍රේමවන්තයෙනි-, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත-. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී-, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න-. 18 අපගේ ස්වාමීන් ද ගැළවුමිකාරයාණන් ද වන-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාද-යෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න-. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්-.



AMAZING GRACE BIBLE INSTITUTE