1 Timothy

1 තිමෝති

ආචාරය

1 අපේ ගැළවුමිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද-, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිත-වරයෙකු වන පාවුලුගෙන්-, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය-. 2 දෙවි පියාණන් වහන්සේගෙන් ද-, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද-, වරප්‍රසාදයත්-, දයාවත්-, ශාන්තියත් ඔබට වේ වා!

වැරදි ඉගැන්වීමි ගැන අවවාද

3 මා මසිදෝනියට යන විට ඔබට අවවාද කළ පරිදි ඔබ එපීසයේ නැවතී සිටින්න-. මා එසේ කියන්නේ වැරදි ධර්ම ඉගැන්වීමෙන් ද-, 4 ඇදහිල්ලෙන් ප්‍රකාශිත වූ දෙවියන් වහන්සේගේ සැලැස්ම සපුරාලනු වෙනුවට විවාද උපදවන-, ඉමක් නැති මිථ්‍යා හා පෙළපත් කතා සැලකීමෙන් ද වළකින ලෙස-, සමහරුන්ට ඔබ අවවාද දෙන පිණස ය-. 5 මේ අවවාදයේ අදහස නමි-, පිරිසිදු සිතකින් ද-, යහපත් හෘදය සාක්ෂි-යෙන් ද-, අවංක ඇදහිල්ලෙන් ද නික්මෙන ප්‍රේමය වර්ධනය කිරීම යි-. 6 සමහරු මේවායින් බැහැර ව නිරර්ථක විවාදවල නියැලී ඇත-. 7 ඔවුන් විනයාචාරීන් වෙන්නට කැමැති වුවත්-, තමන් කියන දේ ගැන වත්-, උගන්වන කරුණු ගැන වත් ඔවුන්ට අවබෝධයක් නැත-. 8 යමෙක් ව්‍යවස්ථාව නියම ලෙස භාවිත කරන්නේ නමි-, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමු-. 9 ව්‍යවස්ථාව පනවා ඇත්තේ දමිටුවන් උදෙසා නොව-, අදමිටුවන් හා දාමරිකයන් ද-, අභක්තිකයන් හා පව්කාරයන් ද-, අපිරිසිදුවූවන් හා ශුද්ධ දේ කෙලෙසන්නන් ද-, පීතෘ ඝාතකයන් හා මාතෘ ඝාතකයන් ද-, මිනීමරුවන් ද-, 10 වේශ්‍යාකමි කරන්නන් ද-, පුරුෂයන් සමභ අනාචාරයෙහි හැසිරෙන්නන් ද-, මිනිසුන් පැහැරගෙන යන්නන් ද-, බොරුකාරයන් ද-, බොරුවට දිවුරන්නන් ද-, 11 මට භාර දෙන ලද ආශීර්වාදලත් දෙවියන් වහන්සේගේ මහි-මාන්විත සුබ අස්න ප්‍රකාශ කරන සම්‍යක් ධර්මයට විරුද්ධ වූ අනෙකුත් හැම දේ කරන්නන් ද උදෙසා ය-.

දේව දයාව ගැන ස්තූතිය

12 මා ශක්තිමත් කළා වූ ද-, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරමි මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද-, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි-. 13 පළමුවෙන් මම උන් වහන්සේට අපහාස කරන්නෙකු ව-, පීඩා කරන්නෙකු ව-, නින්දා කරන්නෙකු ව සිටිය නමුත්-, නොදන්නා-කමින් හා ඇදහිල්ල නැතිකමින් එසේ කළ ද මම දයාව ලැබුවෙමි-. 14 අපේ සමිඳ්‍රණන් වහන්සේගේ වරප්‍රසාදය-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ අපගේ ඇදහිල්ල ද ප්‍රේමය ද සමභ අය්ක ලෙස මට දෙනලද්දේ ය-. 15 පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු-, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි-. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය-. 16 එසේ වූ නමුත් මට දයාව ලැබුණේ මේ නිසා ම ය-. එසේ කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ඉවසීම අසීමිත බව උන් වහන්සේ පැහැදිලි කළ සේක-. සදාතන ජීවනය ලබාගැනීම පිණස උන් වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට ම මා ආදර්ශයක් වෙන්නට උන් වහන්සේ සැලැස් වූ සේක-. 17 අමරණීය වූ-, අදෘශ්‍යමාන වූ-, සදාතන රජ වූ එක ම දෙවියන් වහන්සේට ගෞරවයත් මහිමයත් සදහට ම වේ වා! ආමෙන්-. 18 තිමෝතියස්-, මාගේ පුත්‍රය-, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි-. 19 එනමි-, ඒ වාක්‍යයන් ආයුධ කොට ගෙන-, ඇදහිල්ල ද නිදොස් හෘදය සාක්ෂියක් ද ඇති ව-, ධර්ම යුද්ධය කරන්න-. සමහරු මෙයට පිටුපා ගොස්-, ඇදහිල්ල නමැති නැව -,ඳ ගත්තෝ ය-. 20 හිමෙනියස් ද අලෙක්සන්දර් ද එබඳු තැනැත්තෝ ය-. ඔවුන් දේව අපහාස නොකරන පිණස පාඩමක් වශයෙන් මම ඔවුන් සාතන් හට බාර දුනිමි-.

1 තිමෝති 2

නමස්කාරය ගැන උපදෙස්

1 සියල්ලට ම ප්‍රථමයෙන්-, සෑම දෙනා වෙනුවෙන් අයැදුමි ද යාච්ඤ ද ඉල්ලීමි ද ස්තුති දීමි ද ඔප්පු කළ යුතු බව මගේ අවවාදය යි-. 2 භක්තියෙන් හා ගෞරවයෙන් යුක්ත ව-, සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකි වන පිණස-, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා ද යාච්ඤ කළ යුතු ය-. 3 මෙය මිදුමිකාර දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ය-. ප්‍රසන්න ය-. 4 සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත්-, ඔවුන් සත්‍යය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ය-. 5 ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය-. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්-කාරයෙකි-. එනමි-, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය-. 6 සියල්ලන්ගේ මිදීම පිණස උන් වහන්සේ සිය දිවි පිදූ සේක-. මෙසේ නියමිත කාලයේ දී උන් වහන්සේ සාක්ෂි දැරූ සේක-. 7 ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද ප්‍රේරිතයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණස ය-. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය-. 8 එහෙයින් පිරිමි පක්ෂය සෑම තැන්හි ම කෝපයෙන් හා වාදයෙන් තොර ව-, සැදෑ සිතින් දොහොත් නඟා-, යාච්ඤ කරන්නේ නමි මම කැමැති වෙමි-. 9 එසේ ම-, ස්ත්‍රී පක්ෂය කොණ්ඩ මෝස්තර ද-, රන් මුතු අබරණ ද-, මිල අය්ක වස්ත්‍ර ද යන මේවායින් වැළකී ඔ-,න-, විනීත ඇඳුමි ඇඳගත යුතු යි-. 10 ඔවුන්ගේ ආභරණය විය යුත්තේ භක්තිමත් ස්ත්‍රීන්ට ඔ-,න යහපත් ක්‍රියා කිරීම ය-. 11 ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා-. 12 ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි-. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි-. 13 මන්ද-, ප්‍රථමයෙන් ආදමි ද පසුව ඒව ද මවනු ලැබූ හ-. 14 තවද-, ආදමි රැවටුණේ නැත-, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය-. 15 එහෙත් ඇදහිල්ලෙන් ද ප්‍රේමයෙන් ද ශුද්ධකමින් ද විනීත ලෙස ජීවත් වුවොත්-, ඈ නිරුපද්‍රිතව දරුවන් ලබන්නී ය-.

1 තිමෝති 3

සභා නායකයන්ට උපදෙස්

1 යමෙක් සභාවේ නායක තනතුර දැරීමට ආශා වන්නේ නමි-, ඔහු යහපත් වැඩක් කිරීමට කැමැති වන්නේ ය යන කීම සැබෑ වේ-. 2 එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්-, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද-, තැන්පත්-, සන්සුන්-, ආචාර සමිපන්න-, ආගන්තුක සත්කාරයට කැමැති-, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි-. 3 ඔහු -,මත්කමින් තොර-, හිංසාකාරී නො වූ ඉවසිලිවන්ත-, සාමකාමී-, 4 මුදල් තණ්හාව නොමැති-, සිය පවුල මැනැවින් පාලනය කරන-, තම දරුවන් ගෞරව සමිප්‍රයුක්ත -,යෙන් හික්මවා ගන්න-, තැනැත්තෙකු විය යුතු යි-. 5 යමෙක් තමාගේ ම පවුල හසුරුවාගන්නට නොදන්නේ නමි-, ඔහු දෙවියන් වහන්සේගේ සභාවේ වගකීම දරන්නේ කෙසේ ද? 6 ඔහු ළභ දී ක්‍රිස්තු භක්තිය වැළඳගත්තෙකු නොවිය යුතු යි-. මන්ද-, එවැන්නෙකු උඩඟුකමින්-, යක්ෂයාට පැමිණ දඬුවමට පත් විය හැකි නිසා ය-. 7 ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි-. එසේ නොවේ නමි ඔහු හොඳ නම නැති කරගෙන-, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය-.

උපස්ථායකයන්ට උපදෙස්

8 එසේ ම-, උපස්ථායකයන් සන්සුන්-, දිව දෙකේ කතා නැති-, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන-, අයුතු ලාභයට ලොල් නො වූ-, 9 ඇදහිල්ලේ අ-,රහස පිරිසිදු හෘදය සාක්ෂි-යකින් දරන තැනැත්තන් විය යුතු ය-. 10 උපස්-ථායකයන් ලෙස සේවය කිරීමට ඉඩ දිය යුත්තේ-, කලින් සෝදිසි කර බලා-, ඔවුන්ට විරුද්ධ ව කිසිවක් නොමැති අයට පමණ-. 11 එසේ ම ස්ත්‍රීවරුන් ද-, ගෞරවය ලැ-,මට සුදුසු වූ-, ඕපාදූප නොකියන-, තැන්පත්-, විශ්වාස කටයුතු අය විය යුතු ය-. 12 උපස්ථායකයා එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද-, සිය දරුපවුල මැනැවින් රැකබලාගන්නා වූ ද තැනැත්තෙකු විය යුතු ය-. 13 යහපත් ලෙස සේවය කර-, උසස් තත්ත්වයක් ලබාගන්නා උපස්ථායකයන්ට-, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල තුළින් මහත් නිර්භීතකමක් ලබා ගැනීමට පුළුවන් වෙයි-.

අපේ ඇදහිල්ලේ අ-,රහස

14 ඉක්මනින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙමි-. එහෙත් ඔබට මේ අනුශාසනා ලියා එවන්නේ 15 මා ප්‍රමාද වුණොත්-, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණස ය-. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ-. 16 අපේ ඇදහිල්ලේ අ-,රහස නිසැක ව ම ගැඹුරු එකකි-. ඒ අ-,රහස මේ ය: උන් වහන්සේ මිනිසත්බව ගෙන-, ආත්මයාණන් විසින් සහතික කරනු ලැබ-, දූතයන්ට දිස් වූ සේක-. විජාතීන්ට ප්‍රකාශ කරනු ලැබ-, ලොව පුරා අදහාගනු ලැබ-, මහිමයෙන් ඔසවනු ලැබූ සේක-.

1 තිමෝති 4

ව්‍යාජ ගුරුවරුන් ගැන අවවාද

1 පසු කාලවල දී සමහරුන්-, මුළා කරවන භූතයනටත්-, දුෂ්ටාත්මයන්ගේ ගුරුකමි-වලටත් සවන් දී-, ඇදහිල්ලෙන් වැටී යනු ඇතැ යි ආත්මයාණෝ නිසැක ව ම කියති-. 2 එසේ වන්නේ යක්ෂයාගේ බොරුව නමැති සලකුණ හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක් ඇති අය තුළින් ය-. 3 ඔව්හු විවාහය තහනමි දෙයක් බව කියති-. කෑමවලින් වළකින ලෙස ද අවවාද කරති-. එහෙත් දෙවියන් වහන්සේ ඒවා මැවූයේ-, සත්‍යය දැනගත් සැදැහැවතුන් ස්තුති පූර්වක ව ඒවා භුක්ති විඳින පිණස ය-. 4 දෙවියන් වහන්සේ මවා ඇති සියල්ල ම යහපත් ය-. ස්තුතිවන්ත ව පිළිගන්නවා නමි-, කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය-. 5 මන්ද-, ඒවා දේව වචනයෙන් ද යාච්ඤවෙන් ද සංස්කාර කරනු ලබන්නේ ය-.

ක්‍රිස්තුන් වහන්සේගේ හොඳ සේවකයෙක්

6 මේවා සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙහි නමි-, ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හොඳ සේවකයෙක් වන්නෙහි ය-. එවිට ඔබ අනුගමනය කරන ඇදහිල්ලේ වචන ද සම්‍යක් ධර්මය ද ඉගැන්වීමෙන් පෝෂණය වන්නේ ය-. 7 අභක්තික මිථ්‍යා කථා ද-, මැහැලියන්ගේ ප්‍රලාප ද නොතකා-, දේව භක්තිය සඳහා ව්‍යායාම කරන්න-. 8 මන්ද-, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි-. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ-. කුමක් හෙයින් ද යත්-, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි-. 9 මෙය විශ්වාස කටයුතු-, සියල්ලන් විසින් පිළිගත යුතු කීමකි-. 10 අප වෙහෙස වන්නේත්-, සටන් කරන්නේත්-, සියලු මිනිසුන්ගේ-, විශේෂයෙන් අදහන්නන්ගේ-, මිදුමිකාර වූ ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තබා තිබෙන නිසා ය-. 11 ඔබේ ඉගැන්වීමිවල දී මේවා අණ කරන්න-. 12 ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න-. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න-. 13 මා එන තුරු ප්‍රසිද්ය්යේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න-. 14 දිවැස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්තැ-,ම ඇතුව ඔබට දෙන ලද ආත්මික වරම භාවිත කිරීම පැහැර නොහරින්න-. 15 මෙය සිතට ගෙන ක්‍රියා කරන්න-. එවිට ඔබේ දියුණුව කාටත් පෙනෙනු ඇත-. 16 ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් සැලකිලිමත් වන්න-. මේ දේවල නිරත ව සිටින්න-. ඔබ මෙසේ කිරීමෙන් ඔබ ද ඔබට සවන් දෙන්නන් ද ගළවා ගන්නෙහි ය-.

1 තිමෝති 5

සැදැහැවතුන් පිළිබඳ වගකීමි

1 වැඩිමහල්ලෙකුට සැරෙන් කතා නොකරන්න-, පියෙකුට මෙන් ඔහුට අවවාද කරන්න-. තරුණයන් සහෝදරයන් මෙන් ද-, 2 වැඩිමහල් ස්ත්‍රීන් මවුවරුන් මෙන් ද තරුණයන් සහෝදරියන් මෙන් ද සෑම විට ම පිරිසිදු සිතින් සලකන්න-. 3 ඇත්තට ම අසරණ ව සිටින වැන්දඹුවන් පිළිබඳ වගකීම භාරගන්න-. 4 එහෙත් යමි වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නමි-, තම පවුල් වෙත යුතුකමි දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුත්තෝ ඔව්හු ය-. මන්ද-, එය දෙවියන් වහන්සේට පි‍්‍රය හෙයිනි-. 5 එහෙත් ඇත්තෙන් ම අසරණ ව සිටින වැන්දඹුව දෙවියන් වහන්සේට කැප වී-, දිවා රෑ දෙක්හි ආයාචනාවල ද යාච්ඤවල ද යෙදෙයි-. 6 කමිසැපෙහි ලොල් වූ තැනැත්තී-, ජීවත් ව සිටිය දී ම මැරී සිටින්නී ය-. 7 ඔවුන්ගේ ජීවිත නිදොස් වන ලෙස මේවා ඔවුන්ට සිහිපත් කරවන්න-. 8 යමෙක් තමාගේ නෑයන්-, විශේෂයෙන් තමාගේ පවුලේ අය-, නොසලකා හරින්නේ නමි-, ඔහු ඇදහිල්ල අත්හැර දැමූවෙකි; මිථ්‍යාදෘෂ්ටිකයෙකුට වඩා අයහපත් තැනැත්තෙකි-. 9 වැන්දඹුවක ලෙස නාම ලේඛනයෙහි ඇතුළත් කළ යුත්තේ අවුරුදු හැටක් වත් වයසැති-, එක ම පුරුෂයෙකුට භාර්යාව වී සිටි ස්ත්‍රියෙකි-. 10 ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද-, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ය්යක් දරන තැනැත්තියක් විය යුතු යි-. 11 එහෙත් යෞවන වැන්දඹුවන් නාම ලේඛනයෙහි ඇතුළත් නොකරන්න-. ස්වාභාවික කාමතෘෂ්ණාවල බලපෑම නිසා-, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී-, ඔවුන් නැවත විවාහයට පෙළඹෙන්නට පිළිවන-. 12 මේ නිසා ඔව්හු පළමු පොරොන්දුව කඩකර වරදට පැමිණෙති-. 13 තවද ඔව්හු-, ගෙන්-ගෙට යමින් අලස වීමට පුරුදු වෙති-. අලස වෙනවා පමණක් නොව-, වාචාලකමින් අනුන්ගේ දේවලට ඇඟිලි ගැසීමට ද-, නුසුදුසු දේ දෙඩීමට ද පුරුදු වෙති-. 14 යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ලබනවාටත්-, ගේදොර රැකබලාගන්නවාටත් මම කැමැති වෙමි-. එවිට නින්දා කිරීම සඳහා විරුද්ධවාදීන්ට කිසි ඉඩක් නොලැබේ-. 15 මන්ද-, දැනටමත් සමහරු අහක් වී සාතන් අනුව ගොස් සිටිති-. 16 යමි කිසි ක්‍රිස්තු භක්තික ස්ත්‍රියකට-, වැන්දඹු නෑදෑයින් ඇත්නමි-, සභාවට වියදමි දරන්නට ඉඩ නොහැර-, ඇය ඔවුන් නඩත්තු කළ යුතු ය-. එවිට කාත් කවුරුනුත් නැති වැන්දඹුවන්ට උපකාර කරන්නට සභාවට පුළුවන් වේ-. 17 යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට-, එනමි-, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්-, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි-. 18 ගොයමි පාගන විට ගවයාගේ කට නොබැඳිය යුතු ය කියා ද-, වැඩ කරන්නාට කුලියක් ලැ-,ය යුතු ය කියා ද-, ශුද්ධ ලියවිල්ලේ සඳහන් කොට ඇත-. 19 දෙතුන් දෙනෙකුගේ සාක්ෂි නැත්නමි-, සභාමූලිකයෙකුට විරුද්ධ ව ඉදිරිපත් කරන කිසි ම චෝදනාවකට සවන් නොදෙන්න-. 20 අන් අය භය වන පිණස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න-. 21 කලින් ගත් තීරණයක් අනුව වත්-, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර-, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි-. 22 ඉක්මන් වී කිසිවෙකු හස්තාලේපනය නොකරන්න; අනුන්ගේ වැරදි-වලට පංගුකාරයෙක් නොවන්න; ඔබත් පිරිසිදු ව සිටින්න-. 23 වතුර පමණක් නො-,-, කෑම දිරවීම පිණසත්-, නිතර ඇති වන අසනීප ගතිය නිසාත්-, මිදියුස ටිකක් භාවිතා කරන්න-. 24 සමහරුන්ගේ වැරදි-, විනිශ්චයක් කිරීමටත් පෙර-, පැහැදිලි ය-. එහෙත් සමහරුන්ගේ වැරදි-, එළිදරව් වන්නේ පසු ව ය-. 25 එසේ ම පැහැදිලි ව පෙනෙන යහපත් ක්‍රියා ද ඇත-. එසේ නොපෙනුණත්-, ඒවා සැභවී තිබෙන්නට නොහැකි ය-.

1 තිමෝති 6

1 වහල්කමට බැඳී සිටින සියලු දාසයෝ තම ස්වාමිවරුන්ට නිසි ගෞරවය දැක්විය යුත්තෝ ය-. එසේ නොකළොත් දෙවියන් වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස ඇති වෙයි-. 2 කිතුනු ස්වාමිවරුන් ඇති දාසයෝ-, ඔවුන් දෙගොල්ල ම සහෝදරයන් වන නිසා-, තම ස්වාමිවරුන් සුළු කොට නොසැලකිය යුත්තෝ ය-. එසේ නොකර-, තමන්ගේ වැඩවලින් ප්‍රයෝජන ලබන ස්වාමිවරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේවය කළ යුතු ය-. කවර හෙයින් ද? ඔවුන් ද තමන් ප්‍රේම කරන කිතුනුවන් වන බැවිනි-. ඔබේ ඉගැන්වීමි වල දී මේ කාරණා තරයේ කියන්න-.

මිසදිටු ඉගැන්වීම හා සැබෑ ධනවත්කම

3 යමෙක් වෙනස් ධර්මයක් උගන්වමින්-, අපගේ වැඩදායක ධර්මය වන-, අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වචනවලටත්-, විශ්වාසවන්ත ඉගැන්වීමටත් විරුද්ධ ව යන්නේ නමි-, ඔහු අඥනයෙකි; 4 උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැන සැක කිරීමෙන් ද-, වචන ගැන ප්‍රශ්න කිරීමෙන් ද උමතු වූවෙකි-. එයින් ඊර්ෂ්‍යාව ද කලහ ද අපහාසය ද කූට අවිශ්වාසය ද 5 මිථ්‍යා අදහස් ඇති-, සත්‍යය නොදන්න-, දේව භක්තිය ලාභයට මභකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය-. 6 ලද පමණන් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි-. 7 අප මෙලොවට පැමිණයේ හිස් අතිනි-. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය-. 8 කන්නට අඳින්නට ඇත්නමි-, අපට සෑහෙයි-. 9 ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්-, උගුල්වලටත්-, අසු වන්නෝ ය-. නාස්තියටත්-, විනාශයටත් පමුණුවන-, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසභ වන්නෝ ය-. 10 මුදල් තණ්හාව සැම නපුරට මුල ය-. සමහරු මුදලට ආලය වී-, ඇදහිල්ලෙන් වැටී-, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ-.

ඇදහිල්ල උදෙසා නිර්භීත සටන

11 එහෙත් දෙවියන් වහන්සේට කැපවූවකු වන ඔබ-, මේ දේවලින් වැළකී සිටිය යුතු ය-. දමිටුකමට ද භක්තිවන්තකමට ද ඇදහිල්ලට ද ප්‍රේමයට ද ඉවසිලිවන්තකමට ද ශාන්ත-දාන්තකමට ද-, අවධානය යොමු කරන්න-. 12 ඇදහිල්ල නමැති මහා ධාවනය වීර්යයෙන් දුවන්න-. සදාතන ජීවනය අත් කරගන්න-. ඔබ එයට කැඳවනු ලැබූයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විට ය-. 13 සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද-, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අ-,මුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි: 14 අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ආගමනය තෙක් මේ ආඥව කිසි ම දෝෂයක් හෝ කැළලක් හෝ නැති ව පිළිපදින්න-. 15 දෙවියන් වහන්සේ එම ආගමනය නියමිත කාලයේ දී එළිදරව් කරන සේක-. උන් වහන්සේ වනාහි භාග්‍යවත්-, අසහාය අය්පති-, රාජාති රාජ-, ස්වාමිවරුන්ගේ ස්වාමීන් වන තැනැන් වහන්සේ ය-. 16 උන් වහන්සේ පමණක් අමරණීය ය-. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක-. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය-. උන් වහන්සේට ගෞරවයත්-, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්-. 17 උඩඟු නොවී-, අස්ථිර ධනය කෙරෙහි නොව-, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට-, අවවාද කරන්න-. 18 ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද-, සියල්ල අනුන් හා සමභ ත්‍යාගශීලී ව බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න-. 19 මෙසේ කිරීමෙන් ඔව්හු අනාගතය සඳහා ස්ථිර පදනමක් වන ධන සමිභාරයක් රැස් කරගන්නෝ ය-. එවිට ඔව්හු නියම සැබෑ ජීවනය ලබා ගන්නෝ ය-. 20 තිමෝතියස්-, ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න-. දැනුම ලෙස සැලකෙන මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් ද අර්ථයක් නැති හිස් දෙඩවිලිවලින් ද පරස්පර විරෝධී මතවලින් ද වළකින්න-. 21 එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති-. ඔබ හැමට කරුණාව වේ වා!



AMAZING GRACE BIBLE INSTITUTE