1 Peter

1 පේත්‍රැස්

ආචාරය

1 මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පේදුරුගෙනි-. මෙය ලියා එවන්නේ පොන්තස්හි ද ගලාතියෙහි ද කපදෝසියාවෙහි ද ආසියාවෙහි හා -,තිනියාවෙහි ද විසිර ගොස් විදේශිකයන්ව වසන-, 2 දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැ-,මට-, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය-. කරුණාවත් ශාන්තියත් ඔබට අය්ක ලෙස වේ වා!

ජීවමාන බලාපොරොත්තුව

3 අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණන් උත්ථාන කිරීම හේතුකොටගෙන-, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්-, 4 අපට නව ජීවනයක් දී-, අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක-. ඒ බලාපොරොත්තුව වනාහි සදහට ම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීම ය-. අජරාමර වූ ද-, නොමැලවෙන්නා වූ ද ඒ උරුමය ස්වර්ගයෙහි ඔබ උදෙසා තබා ඇත-. 5 දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා-, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය-. 6 ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැ-,ය යුතු වුව ද-, ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්‍රීතිවන්නහු ය-. 7 එසේ පීඩා කරනු ලබන්නේ-, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය-. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන-, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල-, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද-, මහිමය ද-, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත-. 8 ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය-. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්-, උන් වහන්සේ අදහා-, 9 ඔබගේ ඇදහිල්ලේ අරමුණ වන ඔබගේ ආත්ම ගැළවීම ලබමින්-, කියා නිම කළ නොහැකි-, තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීතිවන්නහු ය-. 10 ඔබට ලැබෙන්ට නියමිත වරප්‍රසාදය ගැන දිවැස් වැකි පැවසූ දිවැසිවරු ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විපරමි කර සොයා බැලූ හ-. 11 ඔවුන් තුළ වූ ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්-, ක්‍රිස්තුන් වහන්සේට නියම වූ වද විඳීම ද ඉන්පසු පැමිණෙන තේජස ද ගැන කල් තියා පැවසූ විට-, ඉන් හභවනු ලැබුවේ කවර කාලයක් ද කවර ආකාරයක් දැ යි ඔව්හු සොයා බැලූ හ-. 12 තවද-, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව-, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය-. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන-, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී-. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති-.

දැහැමි ජීවිතයකට කැඳවීම

13 එහෙයින්-, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න-. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සමිපූර්ණ ලෙස පිහිටුවන්න-. 14 ඔබ නොදැන සිටි කාලයේ දී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න-. 15 ඔබ කැඳෙව් තැනැන් වහන්සේ ශුද්ධ ව සිටින්නාක් මෙන් ඔබ ද-, ඔබගේ මුළු හැසිරීමේ දී ශුද්ධ ව සිටින්න-, මන්ද-, 16 ''මා ශුද්ධ ව සිටින හෙයින් ඔබත් ශුද්ධ ව සිටිය යුතු ය''යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත-. 17 තවද-, මනුෂ්‍යයන්ගේ තරාතිරමි නො-බලා-, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට 'පියාණෝ ය' කියා ඔබ යාච්ඤ කරන්නහු නමි-, මිහි පිට ඔබ විදේශී ව සිටින කාලය දේව ගරු-,යෙන් ගත කරන්න-. 18 ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මඟින් නොව-, 19 කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය-. 20 මේ මිදීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ-, ලෝකය මැවීමට පෙර තෝරාගනු ලැබ-, ඔබ උදෙසා මේ අන්තිම කාලයේ දී ප්‍රකාශ කරනු ලැබූ සේක-. 21 ඔබ මෙම ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන-, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නහු ය-. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද බලාපොරොත්තුව ද ඔබට ඇත-. 22 ඔබ සත්‍යයට කීකරු වීමෙන්-, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්-, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න-. 23 ඔබ නැවත උත්පාද කරනු ලැබුවේ දිරා යන -,ජයකින් නොව-, දෙවියන් වහන්සේගේ ජීවමාන-, සදාතන වචනය නමැති දිරා නොයන -,ජයෙන් ය-. 24 මන්ද ''සියලු මනුෂ්‍ය වර්ගයා තණ පත් මෙනි-, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණ කොළ වියළෙයි-, මල වැටී යයි-, 25 එහෙත් ස්වාමීන්ගේ වචනය සදහට ම පවතියි-.'' මේ වචනය නමි ඔබට දේශනා කරන ලද සුබ අස්න ය-.

1 පේත්‍රැස් 2

ජීවමාන ගල හා තෝරාගත් සෙනභ

1 එබැවින් සියලු ආකාර ක්‍රෝධ ද සියලු ආකාර රැවටිලි ද වංකකමි ද-, ඊර්ෂ්‍යා ද අගුණ කතා ද පහ කරදමන්න-. 2 -3 සැබැවින් ම සමිඳ්‍රණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්-, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණස අලුත උපන් -,ළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න-. 4 මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ-, අනර්ඝ ජීවමාන ගලක් වැනි-, උන් වහන්සේ වෙත පැමිණෙන්න-. 5 ආත්මික ගෘහයක් ගොඩනභන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ-, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්-, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණස ශුද්ධ පූජක පිරිසක් වන්න-. 6 එබැවින්: ''බලන්න-, තෝරාගත් ඉතා අනගි-, කොණේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි; උන් වහන්සේ අදහන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේ ය''යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත-. 7 එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන ඔබ උදෙසා ය; එහෙත් අදහානොගත් අයට: ''ගෙවල් සාදන්නන් ප්‍රතික්ෂේප කළ ගල ම කොණේ ප්‍රධාන ගල වී ඇත-.'' 8 තවද: ''එය පැකිළී වැටෙන පිණස ගලක් ද-, බාධා වන පිණස පර්වතයක් ද වී ඇත-.'' මන්ද-, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති-. එය ඔවුන්ට නියමිත දේ විය-. 9 එහෙයින්-, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනභක් ද වන්නහු ය-. 10 වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනභ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනභ ව සිටින්නහු ය-. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය-.

දේව දාසයෝ

11 ප්‍රේමවන්තයෙනි-, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්-, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි-. 12 ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්-, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න-. 13 අතිශ්‍රේෂ්ඨ බලය ඇති රජුට වේවා-, අපරාධකරුවන්ට දඬුවමි දීම පිණසත්-, යහපත කරන්නන්ට ප්‍රශංසා කිරීම පිණසත් රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වේවා-, 14 සියලු මනුෂ්‍ය නියෝගවලට-, සමිඳ්‍රණන් වහන්සේ නිසා යටත් වෙන්න-. 15 මන්ද-, මෙසේ ඔබ කරන යහපත නිසා අනුවණයන්ගේ අඥනකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්ත ය-. 16 නිදහස් අය මෙන් ජීවත් වන්න-. එහෙත් ඒ නිදහස-, නපුර වසා ගැනීමට මභක් කර නොගෙන දෙවියන් වහන්සේගේ දාසයන් මෙන් එය භාවිත කරන්න-. 17 සියල්ලන්ට ගරු කරන්න; ඇදහිලිවන්ත සමාජයට ප්‍රේම කරන්න; දෙවියන් වහන්සේට ගෞරවාදර භය පිරිනමන්න; රජුට ගෞරව දක්වන්න-.

ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමේ ආදර්ශය

18 සේවකයෙනි-, යහපත්-, කාරුණක ස්වාමිවරුන්ට පමණක් නොව ඔබගේ සැර පරුෂ ස්වාමිවරුන්ටත් ගෞරව කරමින් යටත් වෙන්න-. 19 මන්ද-, යමෙක් තමන් දෙවියන් වහන්සේ අ-,මුවෙහි සිටින බව සිතාගෙන-, අසාධාරණ ලෙස දුක් පීඩා විඳින්නේ නමි එය ප්‍රශංසනීය දෙයකි-. 20 ඔබ වරද කොට-, ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නමි එහි කුමන වටිනාකමක් තිබේ ද? එහෙත් ඔබ යහපත කොට-, ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නහු නමි-, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි-. 21 ඔබ කැඳවනු ලැබූයේ මේ සඳහා ය-. මන්ද ක්‍රිස්තුන් වහන්සේ ඔබ උදෙසා වද විඳ-, ඔබ උන් වහන්සේගේ අඩි පාරේ යන පිණස ඔබට ආදර්ශයක් දුන් සේක-. 22 උන් වහන්සේ කිසි පවක් නොකළ සේක-. කවදා වත් බොරුවක් ද නොවදාළ සේක-. 23 උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල-, නින්දා නොකළ සේක-. වද වින්ද කල තර්ජනය නොකර-, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක-. 24 පාපවලට අප නැසී-, දැහැමි ජීවිතයක් ගත කරන පිණස-, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක-. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය-. 25 ඔබ බැටළුවන් මෙන් මංමුළා ව යමින් සිටියහු ය-. එහෙත් දැන් ඔබගේ ජීවිතවල එඩේරා ද භාරකාරයා ද වෙතට ඔබ හැරී සිටින්නහු ය-.

1 පේත්‍රැස් 3

ස්ත්‍රී පුරුෂයන්ට යුතු හැසිරීම

1 එසේ ම භාර්යාවෙනි-, ඔබගේ ස්වාමි පුරුෂයන්ට යටත් වන්න-. එවිට ඔවුන්ගෙන් සමහරෙක් සුබ අස්න නො-අදහන්නන් වුවත්-, 2 ඔබගේ නිර්මල-, විනීත හැසිරීමෙන් ඔවුන් දිනාගැනීමට හැකි වනු ඇත-. 3 ඔබගේ අලංකාරය-, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුමි පැළඳුමි ද යන බාහිර දේ පිට රඳ්‍ර නොති-,ය යුතුයි-. 4 එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි-, හදවතින් නඟින කාරුණක තැන්පත් ගතිපැවතුමි මඟිනි-. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය-. 5 පුරාණ කාලයේ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබූ භක්තිවන්ත ස්ත්‍රීවරු ස්වකීය ස්වාමි පුරුෂයන්ට යටත් ව මෙලෙස අලංකාරවත් වූ හ-. 6 ඒ අයුරින් සාරා ආබ්‍රහමිට ''මාගේ ස්වාමියා'' යයි කියමින් කීකරු වූවා ය-. ඔබත්-, -,ය නොවී යහපත කරන්නහු නමි ඇගේ දරුවෝ වන්නහු ය-. 7 එසේ ම පුරුෂයෙනි-, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමභ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න-. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න-. මන්ද-, ඔබ හා සමභ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය-. එවිට ඔබේ යාච්ඤවලට බාධා නොපැමිණෙයි-.

ධර්මිෂ්ඨකම නිසා දුක් විඳීම

8 අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකමිපික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න-. දයාව ද යටහත්කම ද ඇති ව සිට-, 9 නපුරට නපුර වත්-, නින්දාවට නින්දාව වත් නොකරන්න-. ඒ වෙනුවට-, ආශීර්වාදයක් උරුම වන පිණස ඔබ කැඳවනු ලැබූ බැවින්-, ආශීර්වාද ම කරන්න-. 10 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: ''ජීවිතයට ප්‍රේම කරන-, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා! 11 නපුරට පිටුපා යහපත කරා වා! සාමය සොයා එය ලුහුබඳී වා! 12 මන්ද-, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්-, දෙසවන් ඔවුන්ගේ යැදුමි දෙසටත් යොමා ඇත-. එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත-.'' 13 ඔබ යහපතට කැප වී සිටින්නහු නමි ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? 14 එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නමි ඔබ ආසිරි ලද්දහු ය-. ඔවුන්ට -,ය නොවී-, නොකැළඹී සිටින්න-. 15 ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳ්‍රණන් වහන්සේ හැටියට-, ගෞරව කරන්න-. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානමි ව සිටින්න-. 16 එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය-. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න-. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය-, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත-. 17 ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නමි-, එය නපුර කර දුක් විඳීමට වඩා හොඳ ය-. 18 ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක-. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක-. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක-. 19 එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක-. 20 ඔව්හු වනාහි නෝවාගේ කාලයේ දී ඔහු නැව සාදන අතර-, දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටිය දී උන් වහන්සේට අකීකරු වූ ආත්මයන් වෙති-. ඒ නැවට ඇතුළු වූ-, ස්වල්ප දෙනෙක්-, එනමි-, අට දෙනෙක් වතුරෙන් ගළවනු ලැබුවෝ ය-. 21 මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනය යි-. එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව-, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් ය-. 22 උන් වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටින සේක-. දේව දූතයෝ ද බලතාවයෝ ද අනුභාවයෝ ද උන් වහන්සේට යටත් කරනු ලැබූ හ

1 පේත්‍රැස් 4

දේව කැමැත්ත අනුව ජීවත් වීම

1 ක්‍රිස්තුන් වහන්සේ ශාරීරික වශයෙන් දුක් වින්ද බැවින්-, ඔබත් එවැනි අය්ෂ්ඨානයකින් සැරසී සිටින්න-. මන්ද-, ඒ අන්දමින් ශාරීරික ලෙස දුක් වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටියි-. 2 එවිට මේ ජීවිතයේ ඉතිරි කාලයේ තවදුරටත් මනුෂ්‍ය තෘෂ්ණා අනුව නොව-, දේව කැමැත්ත ලෙස ඔහුට ජීවත් විය හැකි ය-. 3 මන්ද-, විජාතීන් කැමැති දේ කිරීමට පසුගිය කාලයේ දී ඔබටත් ඇති තරමි කල් වේලා ති-,ණ-. ඒ කාලයේ දී ඔබ අනාචාරකමින් ද සල්ලාලකමින් ද -,මත්කමින් ද අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද ජීවිතය ගත කළහු ය-. 4 විජාතීන් සමභ ඔබ අය්ක අවකල් ක්‍රියාවල නොයෙදෙන බැවින් ඔව්හු ඒ ගැන පුදුම වී ඔබට අපහාස කරති-. 5 ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින තැනැන් වහන්සේට ඔවුන් වග උත්තර දිය යුතු ව ඇත-. 6 මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැ-, ය-. මන්ද-, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්-, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණස ය-. 7 සියලු දේවල අවසානය ළං වී ඇත-. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤව සඳහා අවදිව සිටින්න-. 8 ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්-, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න-. 9 මැසිවිලි නොකියා එකි-නෙකාට ආගන්තුක සත්කාර කරන්න-. 10 දෙවියන් වහන්සේගේ විවිධාකාර වරප්‍රසාදවල විශ්වාසී ගබඩාකාරයන් මෙන්-, එකිනෙකා ලබා ඇති කුශලතා එකිනෙකාට සේවය කරන පිණස යොදන්න-. 11 යමෙක් දේශනා කරන්නේ නමි දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නමි-, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණස එසේ කළ යුතු ය-. මහිමයත්-, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය-. ආමෙන්-.

කිතුනුවන් වශයෙන් දුක් විඳීම

12 ප්‍රේමවන්තයෙනි-, ඔබ පරීක්ෂා කර බලන පිණස පැමිණෙන-, ඔබ අතර ඇති පීඩා නමැති ගින්න ගැන-, නොසිතූ දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න-. 13 එසේ නොව-, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වන තරමට ප්‍රීති වන්න-. මෙසේ උන් වහන්සේගේ තේජාන්විත එළිදරව්වීමේ දී ඔබ ප්‍රීතියෙන් ප්‍රමුදිත වනු ඇත-. 14 ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නමි ඔබ ආශීර්වාද ලද්දහු ය-. මන්ද-, තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ ඔබ කෙරෙහි රඳන සේක-. 15 ඔබෙන් කිසිවෙකු මිනී මරන්නෙකු හෝ-, සොරෙකු හෝ-, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට මැදිවන්නෙකු හෝ ලෙස දුක් නොවිඳිය යුතු ය-. 16 එහෙත් යමෙක් කිතුනුවෙකු මෙන් දුක් විඳී නමි-, ඒ ගැන ලජ්ජා නොවී-, ඔබ කිතුනු නාමය දරන බැවින් දෙවියන් වහන්සේට ගෞරව කරන්න-. 17 විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත; පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ම සෙනභ ය-. එය අපෙන් පටන්ගන්නේ නමි-, දෙවියන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන්නන්ගේ ඉරණම කුමක් වනු ඇද් ද? 18 ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි: ''දැහැමි කෙනෙකුට ගැළවීම දුෂ්කර වේ නමි-, අභක්තිකයාට හා පාපිෂ්ඨයාට කුමකින් කුමක් වෙයි ද?'' 19 එහෙයින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්නෝ යහපත කරමින්-, විශ්වාස කටයුතු මැවුමිකාරයාණන්ට තමන් ම භාර වෙත්වා!

1 පේත්‍රැස් 5

දෙවියන් වහන්සේගේ රැළ පෝෂණය කිරීම

1 ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට සාක්ෂිකාරයෙකු ද එළිදරව් වන්නට තිබෙන උන් වහන්සේගේ තේජසට පංගුකාරයෙකු ද වන්නට බලාපොරොත්තුවෙන් සිටින සභා මූලිකයෙකු වන මම-, ඔබ අතර සිටින සභා මූලිකයන්ගෙන් ඉල්ලීමක් කරමි: 2 ඔබට භාර දෙන ලද දෙවියන් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කරන්න; බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න; මුදලට ඇති ගිජුකමින් නොව-, සේවයට ළැදියාවෙන් එසේ කරන්න-. 3 ඔබට භාර ව සිටින අය කෙරෙහි ආය්පත්‍යය පෑමෙන් වැළකී රැළට ආදර්ශයක් වන්න-. 4 එවිට ප්‍රධාන එඩේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය-. 5 තවද-, තරුණයෙනි-, සභා මූලිකයන්ට යටත් වන්න-. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න-. මන්ද-, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක-. 6 එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න-. 7 උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්-, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න-. 8 සිහිසන් ඇති ව අවදි ව ඉන්න-. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා-, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිමි දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය-. 9 ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලට ම භාජන වන බව ඔබ දන්නා බැවින්-, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථීර ව සිට-, යක්ෂයාට විරුද්ධ වන්න-. 10 එවිට ක්‍රිස්තුන් වහන්සේ මඟින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳවූ සියලු වරප්‍රසාද දෙන දෙවියන් වහන්සේ ම ඔබ ස්වල්ප කලක් දුක් වින්ද පසු-, ඔබ සමිපූර්ණ කර-, ස්ථීර-, ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක-. 11 උන් වහන්සේට සදහට ම පරාක්‍රමය වේ වා! ආමෙන්-.

අවසාන සුබ පැතුම

12 මේ ලුහුඬු හසුන-, අපගේ විශ්වාස කටයුතු සහෝදරයෙකු වශයෙන් මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන් ලියා ඔහු අත ඔබ වෙත එවීමි-. එසේ එවන්නේ-, ඔබ ධෛර්යවත් කර මේ සියල්ල සත්‍යය දේව වරප්‍රසාදය බවට සාක්ෂි දෙන පිණස ය-. එහි ස්ථීර ව පිහිටා සිටින්න-. 13 ඔබ සමභ තෝරාගනු ලැබූ බ-,ලෝනි-යෙහි ඇති සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය-. මාගේ පුත්‍ර මාක් ද එසේ ම ඔබට ආචාර කරයි-. 14 ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න-. ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සාමදානය වේ වා!



AMAZING GRACE BIBLE INSTITUTE