1 John

1 යොහන්

ජීවනයේ ධර්මයාණෝ

1 මූලාරමිභයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු-. අපි උන් වහන්සේ කනින් ඇසීමු-, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා-, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු-. 2 මේ ජීවනය දෘශ්‍යමාන විය-. අපි එය දැක-, ඒ ගැන සාක්ෂි දරමින්-, පියාණන් වහන්සේ සමභ වැඩවිසූ-, අපට දෘශ්‍යමාන කරන ලද සදාතන ජීවනය ඔබට ප්‍රකාශ කරමු-. 3 අප ඔබටත් ප්‍රකාශ කරන්නේ අප ඇසූ දුටු ඒ දේ ම ය-. අප එසේ කරන්නේ-, පියාණන් වහන්සේ ද උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද සමභ පවත්නා අපේ සහභාගිකමට ඔබත් පංගුකාර වන පිණස ය-. 4 තවද-, අප මෙය ලියන්නේ අප හැමගේ ප්‍රීතිය සමිපූර්ණ වන පිණස ය-.

දෙවියන් වහන්සේ ආලෝකය ය

5 උන් වහන්සේගෙන් අප ඇසූ-, ඔබට දන්වන පණවුඩය මෙය වේ: දෙවියන් වහන්සේ ආලෝකය ය-, උන් වහන්සේ තුළ කිසි ම අන්ධකාරයක් නැත-. 6 එබැවින්-, උන් වහන්සේ සමභ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නමි අප කියන්නේ බොරුවකි-. අප පිළිපදින්නේ සත්‍යය නොවේ-. 7 එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නමි-, එකිනෙකා සමභ සහභාගිකම අපට ඇත-. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය-. 8 අපට පාපයක් නැතැ යි කියමු නමි-, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත-. 9 එහෙත් අපි පාපෝච්චාරණය කරමු නමි-, විශ්වාසවන්ත වූ ද-, ධර්මිෂ්ඨ වූ ද-, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකමිවලින් ද අප පවිත්‍ර කරන සේක-. 10 අපි පව් කර නැතැ යි කියමු නමි-, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතිය

1 යොහන් 2

මැදහත්කාරයාණෝ

1 මාගේ පි‍්‍රය දරුවෙනි-, මේ කාරණා මා ඔබට ලියා එවන්නේ-, ඔබ පව් නොකරන පිණස ය-. එහෙත් යමෙකු පව් කළොත්-, ධර්මිෂ්ඨ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමි මැදහත්කාරයාණන් කෙනෙක් අප වෙනුවෙන් පියාණන් වහන්සේ වෙත සිටින සේක-. 2 අපේ පාපයෙන් මිදීමේ මිලය උන් වහන්සේ ය; එය අපේ පව් උදෙසා පමණක් නොව සකල ලෝකයාගේ ද පව් උදෙසා ය-. 3 අපි උන් වහන්සේගේ ආඥ පිළිපදිමු නමි-, එයින් අප උන් වහන්සේ දන්නා බව සහතික වේ-. 4 ''මම උන් වහන්සේ දනිමි''යි කියමින් උන් වහන්සේගේ ආඥ නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි; සත්‍යය ඔහු තුළ නැත-. 5 එහෙත් යමෙක් උන් වහන්සේගේ දහම පිළිපදින්නේ ද-, ඒකාන්තයෙන් ම ඔහු තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සමිපූර්ණ වී ඇත-. අප උන් වහන්සේ තුළ සිටින බව දැනගන්නේ මෙසේ ය: 6 උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා-, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය-.

අලුත් ආඥව

7 ප්‍රේමවන්තයෙනි-, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥවක් නොව-, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණ ආඥව ය-. ඒ පැරණ ආඥව නමි ඔබ අසා ඇති පණවුඩය ම ය-. 8 කෙසේ වෙතත් මා ඔබ වෙත ලියා එවන මෙම ආඥව අලුත් එකකි-. එහි සත්‍යය ක්‍රිස්තුන් වහන්සේ තුළ ද ඔබ තුළ ද විද්‍යමාන වී ඇත-. මන්ද-, අන්ධකාරය පහ ව යන්නේ ය-. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙන්නේ ය-. 9 ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධ-කාරයෙහි සිටියි-. 10 සිය සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයෙහි සිටියි-. ඒ නිසා පැකිළී වැටීමට හේතුවක් ඔහුට නැත-. 11 එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි-. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්-, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි-. 12 මාගේ පි‍්‍රයාදර දරුවෙනි-, මා ඔබට ලියන්නේ උන් වහන්සේගේ නාමය නිසා ඔබේ පව් කමා කර ඇති බැවිනි-. 13 පියවරුනි-, මා ඔබට ලියන්නේ-, මූලාරමිභයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි-. තරුණයිනි-, මා ඔබට ලියන්නේ-, ඔබ නපුරා දමනය කර ඇති බැවිනි-. 14 දරුවෙනි-, මා ඔබට ලියා එවූයේ-, ඔබ පියාණන් වහන්සේ දන්නා බැවිනි-. පියවරුනි-, මා ඔබට ලියා එවූයේ-, මූලාරමිභයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි-. තරුණයෙනි-, මා ඔබට ලියා එවූයේ-, ඔබ ශක්තිමත් බැවිනුත්-, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළ ඇති බැවිනුත්-, ඔබ නපුරා දමනය කර ඇති බැවිනුත් ය-. 15 මේ ලෝකයට වත්-, එහි ඇති දේ වලට වත් ආලය නොකරන්න-. යමෙක් ලෝකයට ආලය කරන්නේ ද-, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත-. 16 මන්ද-, ලෝකයෙහි තිබෙන සියල්ල-, එනමි-, කාමරාගයත්-, මාංසික තෘෂ්ණාවත්-, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය-. 17 ලෝකයත් ලෝකානුරාගයත් පහ වී යන්නේ ය-. එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදහට ම ජීවත් වන්නේ ය-.

ක්‍රිස්තු-විරෝය්යා

18 පි‍්‍රය දරුවෙනි-, අවසාන මොහොත පැමිණ ඇත-. මේ කාලයේ දී ක්‍රිස්තු-විරෝය්යා එන බව ඔබ අසා ඇත-. දැනට ම බොහෝ ක්‍රිස්තු-විරෝධීහු පහළ වී සිටිති-. මේ කරුණන් මෙය අන්තිම මොහොත බව අපට පෙනේ-. 19 මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත-. ඔවුන් අපට අයිති ව සිටියා නමි-, අප සමභ නැවතී සිටිනු ඇත-. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය-. 20 එහෙත් ඔබ වනාහි ශුද්ධ තැනැන් වහන්සේගෙන් ආලේපය ලබා ඇත-. එයින් ඔබ හැමට ප්‍රඥව ලැ-, ඇත-. 21 මා ඔබට ලියා එවූයේ ඔබ සත්‍යය නොදන්නා නිසා නොව-, එය දන්නා නිසාත්-, සත්‍යයෙන් කිසි බොරුවක් හට නොගන්නා බව දන්නා නිසාත් ය-. 22 බොරුකාරයා කවරෙක් ද? ඔහු අන් කිසිවෙකු නොව-, ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් නොවේ යයි කියන තැනැත්තා ය-. ක්‍රිස්තු-විරෝය්යාත් ඔහු ම ය-. ඔහු පියාණන් වහන්සේත් පුත්‍රයාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරන්නේ ය-. 23 යමෙක් පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ද-, ඔහු පියාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරයි; යමෙක් පුත්‍රයාණන් වහන්සේ පිළිගන්නේ ද-, ඔහු පියාණන් වහන්සේත් පිළිගන්නේ ය-. 24 ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න-. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නමි ඔබ පුත්‍රයාණන් වහන්සේ තුළත්-, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය-. 25 උන් වහන්සේ අපට දුන් පොරොන්දුව නමි මේ සදාතන ජීවනය ය-. 26 මා මේ කාරණා ඔබට ලිව්වේ ඔබ මුළා කරන්නට උත්සාහ කරන අය සමිබන්ධයෙන් ය-. 27 උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත-. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත-. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ-. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි-, උන් වහන්සේ තුළ පැවතී සිටින්න-. 28 ඉතින් මාගේ පි‍්‍රය දරුවෙනි-, උන් වහන්සේ තුළ පවතින්න-. එසේ කළ යුත්තේ උන් වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසැක ව සිටින පිණසත්-, උන් වහන්සේගේ ආගමනයේ දී ඔබ උන් වහන්සේ ඉදිරියේ ලජ්ජා රහිත ව සිටින පිණසත් ය-. 29 උන් වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ දන්නහු නමි-, දමිටුකමි කරන සියල්ලන් උන් වහන්සේගෙන් උපත ලබා සිටින බව ඔබට තේරුමි යනු ඇත-.

1 යොහන් 3

දෙවියන් වහන්සේගේ දරුවෝ

1 බලන්න-, පියාණන් වහන්සේ අපට කෙතරමි ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක-. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය-. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්-, ඔව්හු අප ද නොහඳුනති-. 2 ප්‍රේමවන්තයෙනි-, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය-. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත-. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු-. මන්ද-, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු-. 3 උන් වහන්සේ පිළිබඳ මේ බලාපොරොත්තුව ඇති හැම කෙනෙක් ම-, උන් වහන්සේ පිරිසිදු ව සිටින්නාක් මෙන්-, තමන් ද පිරිසිදු කරගනිති-. 4 පව් කරන සෑම දෙන ම දේව නීතිය කඩ කරති-. පාපය නමි දේව නීතිය කඩ කිරීම ය-. 5 ක්‍රිස්තුන් වහන්සේ පැමිණයේ පව් දුරු කරන පිණස බව ඔබ දන්නහු ය-. උන් වහන්සේ තුළ පාපයක් නැත-. 6 යමෙක් උන් වහන්සේ තුළ ජීවත් වන්නේ ද ඔහු පව් නොකරයි-. පව් කරන කිසිවෙක් උන් වහන්සේ දුටුවේ වත්-, උන් වහන්සේ අඳුනන්නේ වත් නැත-. 7 මාගේ පි‍්‍රය දරුවෙනි-, ඔබ මුළා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න-. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටින්නාක් මෙන්-, දමිටුකමි කරන්නා දමිටු ව සිටියි-. 8 පව් කරන තැනැත්තා යක්ෂයාට අයිති ය-. මන්ද-, පටන්ගැන්මේ සිට ම යක්ෂයා පව් කර ඇත-. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම පිණස ය-. 9 දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති-. මන්ද-, උන් වහන්සේගේ ජීවය ඔහු තුළ පවතියි-. ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකි ය-. 10 දෙවියන් වහන්සේගේ දරුවන් ද යක්ෂයාගේ දරුවන් ද හඳුනාගත හැක්කේ මෙසේ ය: යුතු දේ නොකරන-, තම සහෝදරයාට ප්‍රේම නොකරන-, කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති-.

සහෝදර ප්‍රේමය

11 පටන්ගැන්මේ සිට ඔබ ඇසූ පණවුඩය නමි-, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යනු යි-. 12 සිය සහෝදරයා මැරූ-, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය-. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි-. 13 සහෝදරයෙනි-, ලෝකයා ඔබට වෛර කරන්නේ නමි පුදුම නොවන්න-. 14 අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවනයට පැමිණ සිටින බව දනිමු-. ප්‍රේම නොකරන්නා මරණයෙහි පවතියි-. 15 තම සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙකි-. කිසි මිනී මරන්නෙකු තුළ සදාතන ජීවනය නොමැති බව ඔබ දන්නහු ය-. 16 ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ-, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි-. අප ද-, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය-. 17 ලෞකික සමිපත් ඇති කෙනෙක්-, තම සහෝදරයාගේ අගහිභකම දැක දැකත්-, ඔහුට අනුකමිපා නොකරත් නමි-, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද? 18 මාගේ පි‍්‍රය දරුවෙනි-, අපගේ ප්‍රේමය වචනයෙන් වත්-, කතාවෙන් වත් නොව-, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය-.

දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්භීතකම

19 අප සත්‍යයේ පිහිටා සිටින බව දන්නේත්-, ඒ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිතේ සහතිකයක් අපට ඇති විය හැක්කේත් මෙසේ ය: 20 අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නමි-, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුමි බවත්-, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු-. 21 ප්‍රේම-වන්තයෙනි-, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරයි නමි-, දෙවියන් වහන්සේ ඉදිරියේ අපට -,යවීමට කරුණක් නැත-. 22 තවද-, අපි උන් වහන්සේගේ ආඥ පිළිපදින නිසා ද-, උන් වහන්සේට පි‍්‍රයමනාප දේ කරන නිසා ද-, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු-. 23 උන් වහන්සේගේ ආඥව නමි-, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඇදහීමත්-, උන් වහන්සේ අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත් ය-. 24 උන් වහන්සේගේ ආඥ පිළිපදින්නා-, උන් වහන්සේ තුළ වෙසෙයි; උන් වහන්සේ ද ඔහු තුළ වැඩ-වසන සේක-. උන් වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන් වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ය-.

1 යොහන් 4

සැබෑ දිවැසිවරු හා බොරු දිවැසිවරු

1 ප්‍රේමවන්තයෙනි-, තමන්ට ආත්මයාණන් ඇතැ යි කියන හැම කෙනෙකු ම විශ්වාස නොකොට-, ඔවුන්ට ආත්මයාණන් ලැ-, ඇත්තේ දෙවියන් වහන්සේගෙන් දැ යි පරීක්ෂා කර බලන්න-. එසේ කියන්නේ-, බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙකු ලෝකයේ විසිර ගොස් සිටින නිසා ය-. 2 ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය-. 3 එසේ ජේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් නොවෙති-. මේ ක්‍රිස්තු-විරෝය්යාගේ ක්‍රියා ය-. ඔහු එන බව ඔබ අසා ඇත-. දැනටමත් ඔහු ලෝකයෙහි සිටියි-. 4 පි‍්‍රය දරුවෙනි-, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත-. මන්ද-, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝය්යාට වඩා උතුමි ය-. 5 ඒ බොරු දිවැසිවරු ලෝකයට අයිති ය; ඔව්හු ලෝක ව්‍යවහාරය අනුව කතා කරති-. එබැවින් ලෝකයා ඔවුන්ට සවන් දෙති-. 6 අප දෙවියන් වහන්සේට අයිති ය-. දෙවියන් වහන්සේ අඳුනන තැනැත්තා අපට සවන් දෙයි-. දෙවියන් වහන්සේට අයිති නොවන්නා අපට සවන් නොදෙයි-. සත්‍යයත් අසත්‍යයත් අපට හඳුනාගත හැක්කේ මේ ලෙසිනි-.

දෙවියන් වහන්සේගේ ප්‍රේමය

7 ප්‍රේමවන්තයෙනි-, අපි එකිනෙකාට ප්‍රේම කරමු-. මන්ද-, ප්‍රේමය දෙවියන් වහන්සේගෙන් ය-. ප්‍රේම කරන සෑම දෙන ම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන් වහන්සේ අඳුනති-. 8 ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාඳුනයි-. මන්ද-, දෙවියන් වහන්සේ ප්‍රේමය ය-. 9 අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්-, අප උන් වහන්සේ කරණකොටගෙන ජීවත් වන පිණස-, ලෝකයට එවා වදාළ කාරණයෙන් ය-. 10 ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව-, උන් වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීම ය-. 11 ප්‍රේමවන්තයෙනි-, දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක් නමි-, අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතු ය-. 12 කිසිවෙකු කිසි කලෙක දෙවියන් වහන්සේ දුටුවේ නැත-. එහෙත්-, අපි එකිනෙකාට ප්‍රේම කරමු නමි-, දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක-. උන් වහන්සේගේ ප්‍රේමය ද අප තුළ පරිපූර්ණ වන්නේ ය-. 13 අප උන් වහන්සේ තුළ ද-, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ-, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි-. 14 තවද-, පියාණන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුමිකාරයාණන් වන පිණස එවා වදාළ බව අපි දුටිමු-. ඊට සාක්ෂි දරමු-. 15 යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව අදහාගනිමින් ප්‍රකාශ කරන්නේ ද-, දෙවියන් වහන්සේ ඔහු තුළත්-, ඔහු දෙවියන් වහන්සේ තුළත් වාසය කරති-. 16 මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු-. දෙවියන් වහන්සේ ප්‍රේමය ය-. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි-. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක-. 17 ප්‍රේමය අප තුළ පරිපූර්ණ වූ කල-, විනිශ්චය දවසේ දී අපට නිසැකකම ඇති වේ-. මන්ද ක්‍රිස්තුන් වහන්සේ මෙලොව ජීවත් ව සිටින සේ ම අපිත් ජීවත් වෙමු-. 18 ප්‍රේමයෙහි -,යක් ඇති නොවේ-. ප්‍රේමය -,ය දුරු කරයි-. -,ය වීම දඬුවමි ලැ-,මට සමිබන්ධ බැවින්-, -,ය වන්නා ප්‍රේමයෙහි පරිපූර්ණ වී නැත-. 19 අප ප්‍රේම කරන්නේ උන් වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ බැවිනි-. 20 යමෙක් ''මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි''යි කියමින්-, තම සහෝදරයාට වෛර කරයි නමි-, ඔහු බොරුකාරයෙකි-. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට-, නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි ය-. 21 දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතු ය යන ආඥව අපි උන් වහන්සේගෙන් ලැ-,මු-.

1 යොහන් 5

ලෝකය ජයගැනීම

1 ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව අදහන කවරෙක් නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙකි-. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයාටත් ප්‍රේම කරයි-. 2 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද-, උන් වහන්සේගේ ආඥ පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු-. 3 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥ පිළිපැදීම යි-. උන් වහන්සේගේ ආඥ පිළිපැදීම දුෂ්කර නොවේ-. 4 මන්ද-, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත-. ලෝකය පරදවන වික්‍රමය නමි ඇදහිල්ල යි-. 5 ලෝකයෙන් ජයගත හැක්කේ-, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස අන් කවරෙකුට ද?

පුත්‍රයාණන් පිළිබඳ ත්‍රිවිධ සාක්ෂිය

6 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ-, වතුර හා රුය්රය කරණකොටගෙන පැමිණ තැනැන් වහන්සේ ය-. එසේ පැමිණයේ වතුර පමණක් නොව වතුරත් රුය්රයත් ඇතිව ය-. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක-. මන්ද-, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි-. 7 එබැවින් සාක්ෂි තුනක් ඇත: 8 ආත්මයාණන් වහන්සේ-, වතුර හා රුය්රය යන මේ තුන ය-. මේ සාක්ෂි තුන අතරේ එකභත්වයක් ඇත-. 9 අපි මනුෂ්‍යයන්ගේ සාක්ෂිය පිළිගනිමු-. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතු ය-. දෙවියන් වහන්සේගේ ම සාක්ෂිය නමි-, සිය පුත්‍රයාණන් පිළිබඳ ව දුන් සාක්ෂිය වේ-. 10 දෙවියන් වහන්සේගේ පුත්‍රයා අදහාගන්නාට තමා තුළ ම සාක්ෂිය ඇත-. දෙවියන් වහන්සේ අදහා-නොගන්නා-, උන් වහන්සේ තමන් පුත්‍රයාණන් පිළිබඳ ව දී ඇති සාක්ෂි විශ්වාස නොකරන බැවින්-, උන් වහන්සේ බොරුකාරයෙකු කරයි-. 11 ඒ සාක්ෂිය නමි-, දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත්-, ඒ ජීවනය තම පුත්‍රයාණන් තුළ ඇති බවත් ය-. 12 පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත-. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත-.

සදාතන ජීවන ඥනය

13 මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණස ය-. 14 උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නමි-, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත්-, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය-. 15 ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නමි-, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු-. 16 යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්-, ඔහු යාච්ඤ කෙරේ වා! එවිට-, එය මරණයට නො-පමුණුවන පාපයක් නමි-, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක-. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය-. ඒ ගැන ඔබ යාච්ඤ කළ යුතු යයි මම නොකියමි-. 17 සියලු අදමිටුකමි පව් ය-. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ-. 18 දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු-. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක-. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය-. 19 අප දෙවියන් වහන්සේට අයිති බවත්-, මු ළු ලෝකය නපුරාට යටත් බවත් දනිමු-. 20 තවද-, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ-, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥව අපට දුන් බව අපි දනිමු-. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ-, එනමි-, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු-. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක-. 21 මාගේ පි‍්‍රය දරුවෙනි-, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සමි වී සිටින්න-.



AMAZING GRACE BIBLE INSTITUTE